Tippas Kitchen
I love � cooking and food photography.. More to learn and love to share what I know with u �Sharing make me HaPpY & PeRfEcT �
17/04/2026
හත් මාලුව 🥗
අවුරුදු මේසෙට සිරිකැන්දන හත්මාලුවේ කතාවයි මේ 🥗🥗
අද මගේ හත්මාලුවට ගත්තෙ මේ පහලින් දාල තියන වර්ග හත තමයි. එකකට එකක් ගැලපෙනව කියල හිතුණු වර්ග 7ක් තෝරා ගත්තා.
1. ගෙඩි-වම්බටු
2. කරල්-මෑ
3. අල-කහ බතල
4. ඇට-මුං
5. කොළ- වට්ටක්කා දලු
6. මල්- කතුරුමුරුංගා මල්
7. මද- කජු මද
කිරිබත් එක්ක වගේම ඕනෑම බත් වර්ගයකට හොඳින්ම ගැලපෙන හත්මාලුව කියන්නෙ අපේ ලාංකේය සාම්ප්‍රදායික කෑම වර්ග වලින් හදල බලන්නම ඕනි කෑමක්. දකුණු ඉන්දියාවෙ තමිල්නාඩුවේ උපත ලද සාම්බාර් එක වගේම රස ගුණ අනූන මේ හත් මාලුව ලංකාවේ දකුණු ප්‍රදේශයේ රෝහණ දේශයේ;වත්මන් තිස්සමහාරාමයේ උපත ලද්දක් බවයි මන් අහල තියෙන්නෙ. නමුත් විවිධ ප්‍රදේශවලට ආවේනික ආකාරයෙන් හත්මාලුව පිලියෙල කරනු ලබනවා.
ඉතින් ඔයාලත් අනිවාර්‍යෙන්ම හදල රස බලන්න. මගේ පළවෙනි ලිපියේ ලිනික් එක මේ සමඟ එකතු කරනවා. වීඩියෝ එකක් ගේන්නම් කිව්වට අවුරුදු කලබලේට වීඩියෝ කර ගන්න බැරි වුනා. 😊
https://www.facebook.com/share/p/1CS45wr6Xk/?mibextid=wwXIfr
හත්මාලුව ගැන තවත් ලිපි කිහිපයක් දක්නට ලැබුනා. මේ ලිපියෙ විදියට හත්මාලුව සබරගමුවේ උපතලද්දක් බවයි කියවෙන්නෙ.
කොයි දේසේ වුනත් ලංකාදේසෙ නෙ 😍 ඒ වගේම හත්මාලුවට කිරිකජු දාන නිසා බොහෝ විට මෙය අප්‍රේල් මාසයට සීමා වෙනව කියලත් මට හිතුනා.
https://www.facebook.com/share/p/1EPvxfAmsW/?mibextid=wwXIfr
බිරිඳකගේ දිනපොත පිටුවේ මේ ලිපියත් ලංකාවෙන් පිට ඉන්න ඔයාලට වැදගත් වෙයි. රසවත් එකතුවකින් හදපු හත්මාලුවක්.
https://www.facebook.com/share/p/18C4q6TUQw/?mibextid=wwXIfr
මේ පහල තියන හේනේ පැලේ අප්පුහාමි පිටුවේ ලිපිය තමයි මන් හත්මාලුව ගැන කියවපු හොඳම ලිපිය.
https://www.facebook.com/share/p/1GHh9y1SJN/?mibextid=wwXIfr
14/04/2026
ලැබුවා වූ අලුත් අවුරුද්ද සතුට සෞභාග්‍යය පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
27/03/2026
මේ දවස් වල ඇඟ නිමෙන්න බොන්න පුලුවන් රසවත් පානයක්. හොඳින් ඉදුණු බෙලි ගෙඩියක් කාලා, ඒකෙ කට්ට තම්බලා 😀
කූල් කරල මීපැණි ටිකක් දාල ගත්තාම මරු. 😍💛
21/03/2026
Husbandගෙ Birthday එකට හදපු කිරිබත් 😍
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Kadawata