Sevitha Atthanayake - Maths
• Teacher • Banker •
𝓔𝓭𝓾𝓬𝓪𝓽𝓲𝓸𝓷 𝓲𝓼 𝓽𝓱𝓮 𝓶𝓸𝓼𝓽 𝓹𝓸𝔀𝓮𝓻𝓯𝓾𝓵 𝔀𝓮𝓪𝓹𝓸𝓷 𝔀𝓱𝓲𝓬𝓱 𝔂𝓸𝓾 𝓬𝓪𝓷 𝓾𝓼𝓮 𝓽𝓸 𝓬𝓱𝓪𝓷𝓰𝓮 𝓽𝓱𝓮 𝔀𝓸𝓻𝓵𝓭 ✒️
16/09/2025
ඉතින් අද ලිපිය Credit Card ගැන 🙋
💁 Credit Card / ණය කාඩ්පතක් කියන්නෙ සරලව ගත්තොත් අපි ළඟ තියෙන මුදල් පාවිච්චි නොකර භාණ්ඩ හා සේවා ලබාගැනීමට හැකි කාඩ්පතක්.
හරි , කෙලින්ම කාරණාවට යමු 🙌
🤔 Credit Card එකක් ගන්න අවම මාසික ආදායම කීයක් ඕනෙද ?
මේක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනව වගේම ඔයාගෙ ආදායම් මාර්ගය , Job එකක්ද නැත්තන් Business එකක්ද කියන දේ අනුව වෙනස් වෙනව.
[ අපි අද කතාකරමු Job එකක් කරන කෙනෙක්ට අවශ්‍ය දේවල් 🏙️]
👉 මූලිකව ඔයා , Fixed Salary එකක් තියෙන Permanent Employee කෙනෙක් විය යුතුයි.
පඩිය ?
රු.35,000/= ඉඳන් ඉහලට
💸 අවම මූලික වැටුප අනුව වෙනස් වෙන්නෙ මෙහෙමයි ,
• Pan Asia Bank
Gold Mastercard Credit Card
Basic Fixed Salary Rs.35,000/=
• Commercial Bank
Visa Credit Card / Mastercard Credit Card / UnionPay Credit Card / LankaPay (JCB)
Basic Fixed Salary : Rs.50,000/=
• Sampath Bank
Mastercard / Visa Card
Basic Fixed Salary : Rs.100,000/=
• HNB
Basic Fixed Salary : Rs.100,000/=
• NDB
Basic Fixed Salary ; Rs.100,000/=
💠 ඉතින් මේ තියෙන්නෙ රු.100,000 පහල Salary Range එකේ අයට Apply කරන්න පුලුවන් Credit Card සහ අදාල බැංකු. මේ Minimum Salary Requirement එක කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා වැඩි විස්තර ඔයාලට අදාල බැංකුවෙ Website එකෙන් ලබාගන්න පුලුවන්.
😌 හරි , Salary එකත් හරියට තියෙනවනම් මේ දේවල් කලින්ම ලෑස්ති කරගෙන ගියොත් ඔයාට පහසු වෙයි ,
1. Salary and Employment Confirmation Letter.
(තනතුර සහ වැටුප සනාථ කරන ලිපියක්)
2. Salary Slips
( වැටුප් පත්‍රිකා ) අවම මාස 6ක වත්.
3. Bank Statements / බැංකු වාර්තා ( අවම මාස 6 ක )
මේක ඕනෙ වෙන්නෙ ඔයාගෙ වැටුප වෙන බැංකුවකට වැටෙනවනම්.
4. Address Verification Document / ලිපිනය සනාථ කරන ලියකියවිලි
ඔයාගෙ වර්ථමාන Address එකයි NIC එකේ Address එකයි වෙනස්නම් මේක අවශ්‍ය වෙනව. Address proof එකක් විදිහට ලයිට් බිල් , වතුර බිල් , Fixed Telephone Line Bill එකක් නැත්තන් ග්‍රාම සේවක සහතිකයක් භාවිතා කරන්න පුලුවන්.
වැඩිවිස්තර දැනගන්න 👉 පලවෙනි comment එකේ.
............////.....................////.......................
මේ තොරතුරු වැදගත් වෙන අනික් අයටත් බලන්න Post එක Share කරන්න 💫 .
🙌 Accounts , Credit Cards , Loans වගේ බැංකු ගැන විස්තර දැනගන්න Page එක Follow කරල තියගන්න 🤗
14/09/2025
ඔයත් සල්ලි ඉතුරු කරන්නෙ Normal Savings Account එකකද 💸😕 ?
👉 ලංකාවෙ බොහෝ දෙනෙක් සල්ලි ඉතුරු කරන්න තෝරගන්නෙ සාමාන්‍ය මුදල් තැම්පතු ගිණුම්වලනෙ , ඉතින් මේ Normal Savings Account එකක පොලිය බැලුවොත් බොහෝවිට 2.5 % - 3.5 % ( p.a ) අතර වෙනස් වෙනව හැබැයි වැඩිවීමක් වෙන්නෙ නැති තරම්.
📌️ හැබැයි අද මාතෘකාව වෙන Money Market Account ( මනී මාකට් ) එකක පොලිය බැලුවොත් Normal Savings Rate එකට වඩා ගොඩක් වැඩී. ( උදා 6%)
🤨 මොකද්ද මේ Money Market Account එකක් කියන්නෙ ?
සරලව කිව්වොත් Money Market Account එකක් කියන්නෙ Savings Account එකක් වගේම අපිට පාවිච්චි කරන්න පුලුවන් හැබැයි පොලිය බොහෝවිට 1 Month Fixed Deposit / මාසික ස්ථාවර තැම්පතුවකට ආසන්න පොලියක් ලබාදෙන ගිණුමක්.
✨ මේකේ තියෙන විශේෂත්වය තමයි Normal Savings එකක වගේම අපිට Debit Card එකක් , Digital Banking Services ඇතුලු ඔනේම සේවාවක් අපිට ලබා ගන්න පුලුවන්.
🤔 කොහොමද Money Market එකක් open කරන්නෙ ?
ඉතින් ඔයාට රු100,000/= වගේ තියෙනවනම් [ Commercial Bank එකේ Money Market එකක් Open කරන්න පුලුවන් ] එවගේම ලංකාවෙ ප්‍රසිද්ධ බැංකු හැම එකකින්ම වගේ ඔයාට Money Market Account එකක් open කරගන්න පුලුවන් හැබැයි අවම තැම්පතු මුදල ( Minimum Deposit ) එක සහ Rate එක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනව , ඒ ගැන ඔයාට අදාල බැංකුවෙ Website එකෙන් බලාගෙන ගියොත් පහසුයි 👌 .
🤗 ඔයා Commercial , HNB හෝ අනික් බැංකු වල Digital Banking Service එක use කරනවනම් ඔයාට බැංකුවට නොයා App එකෙන්ම Account එකක් Open කරගන්න පුලුවන්.
💁 ඉතින් සල්ලි ඉතුරු කරන්න අදම ගිහින් ඔයත් Money Market එකක් Open කරන්න කියල යෝජනා කරනව.
( Rates සහ Minimum Deposits ගැන අදහසක් ගන්න පළවෙනි Comment එක බලන්න )
මේ තොරතුරු වැදගත් වෙන අනික් අයටත් බලන්න Post එක Share කරන්න 💫 .
🙌 Accounts , Credit Cards , Loans වගේ බැංකු ගැන විස්තර දැනගන්න Page එක Follow කරල තියගන්න 🤗
2024 O/L Mathematics Revision & Paper Class - English Medium.
✅Commencing on Wednesday 24th April @8.30 pm.
✅First Term Test Paper Discussions + Revision.
✅ Classified Past Paper Discussions.
✅Join today :- Message Sevitha Atthanayake on WhatsApp. https://074 035 5229
Click here to claim your Sponsored Listing.
Category
Address
Kandy
26/09/2025