BEE PLUS DESIGNlk
Architectural designing & 3D modeling
Contact us : +94755355511
31/10/2021
CLIENT – MR. Sumeda Abeykoon and Mrs. Sujani Ambahera
LOCATION – GELIOYA
Project type – RESIDENCIAL
ගෙලිඔය ප්‍රදේශයේ අප නිර්මාණය කරන ලද සුන්දර නිවසකි. මෙහි විශේෂත්වය වන්නේ අපගේ සේවාදායකයා විදෙස් රටක රැකියාවෙහි නියුතු වීමයි එම නිසා මෙම නිවස නිර්මාණයේදී ඔවුන් හුරුවී ඇති පරිසරයට හා ගෘහනිර්මාන ශිල්පයට අනුව හා එය මෙරටටත් ගැලපෙන ආකාරයට නිර්මාණය කිරීමට අප කටයුතු කර ඇත.
ඔවුන් හුරුවී ඇති ජීවන රටාවට හානියක් නොවන අයුරෙන් පරිසර හිතකාමී ලෙස අප මෙම නිවස නිර්මාණය කර ඇත.
මෙහි අන්තර්ගතය මෙසේය
Ground floor
Living, Dining, Kitchen,
2 Bed rooms, common bath room and utility area
First floor
Master bed room with attached bathroom,
2 Bed rooms, Tv lobby, Common bathroom and terrace
මෙම නිවස නිර්මාණයේදී අපගේ සේවාදායකයා අපහට ලබාදුන් සහයෝගය අගයකලයුතු අතර එමනිසා ඔවුන්ගේ අදහස් හා යෝජනා සමග ඔවුනට අවශ්ය වූ නිර්මාණය ඉතා උසසස් ලෙස ලබාදීමට අපට හැකිවිය.
නුදුරේම මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එය ඉතා සාර්ථකව නිමකර ගැනීමට BEE PLUS DESIGN අපි සුබාශින්ෂණ එක් කරන්නෙමු.
THANK YOU...
BEE PLUS DESIGN
02/07/2021
PROJECT - PROPOSED RESIDENCE
CLIENT - MR.S.K.UBESIR &
MRS.A.M.P.HANSAMALI
LOCATION - AGBOPURA, KANTHALE.
කන්තලේ ප්‍රදේශයේ අප විසින් නිර්මාණය කරන ලද තනි මහලේ නිවසකි.
වර්ග අඩි 1600ක ගෙබිම් ප්‍රමානයක් ඇති මෙහි විසිත්ත කාමරය, කෑම කාමරය, නිදන කාමර 3ක්, නාන කාමරයක් හා මුළුතැන්ගෙයකින් සමන්විතය.
ප්‍රධාන දොරටුවෙන් පිවිසෙන විටම විසිත්ත කාමරය සමග මැදමිදුලක් පිහිටා ඇති අතර එහි ප්‍රධාන දොරට මුහුණලා බුදු පිළිමයක් තබා ඇත.
එවිට මෙම නිවසට ඇතුළුවන සෑම පුද්ගලයෙකුටම මුලින්ම දර්ශනයවන්නේ විසිත්ත කාමරය හරහා මැදමිදුලේ ඇති බුදුපිළිමයයි.
මදමිදුලට දකුණුපස කෑමකාමරයත් අනෙක්පස ප්‍රධාන නිදන කාමරයත් පිහිටා ඇත මැදමිදුල හා නිදන කාමර passage එකකින් වෙන්වන අතර එය
වෙන්කිරීමට බිත්තියක් යොදා ඇත.එහි එක පසකින් මුළුතැන්ගෙයටත් අනෙක් පසෙන් නිදන කාමර වලටත් ගමන් කල හැකිවේ,
මෙමගින් කාමර වල සිටින අයගේ පෞද්ගලිකත්වය සුරැකීමට අප කටයුතු කර ඇත.
නිදන කාමර වලට ගමන් කරන passage එක මගින් මුළුතැන්ගෙයට හා නාන කාමරයට ගමන් කල හැකි නිසා
නිදන කාමරවල සිටින අයට ආලින්දය හරහා ගමන් කිරීමට සිදු නොවේ.
මෙම නිවසේ ජීවත් වන් සියලු දෙනාටම ඉතාම පහසුවෙන් තමන්ගේ කටයුතු කරගැනීමට හැකිවන අයුරෙන් අප අවකාශ සකසා ඇත.
THANK YOU.
20/06/2021
PROPOSED CABANA PROJECT
CLIENT:- MR.AMAL
තෙල්දෙණිය ප්‍රදේශයේ සුන්දර තේවතු යායක අප විසන් නිර්මාණය කරන ලද කබානා PROJECT එක.
මෙය තවමත් schematic level එකේ පවති.
මෙහි සිත්ගන්නාසුළු VIEW එකක් තිබෙන අතර එය හොදින් දර්ශණය වන ආකාරයෙන් සහ පරිසර හිතකාමී අයුරෙන් නිර්මාණය කිරීමට අප කටයුතු කර ඇත.
අපගේ සේවාදායකයාගේ අවශතාවය පරිදි සහ අපගේ සංකල්පය අනුව අප සියලු දෙනාටම අවශ්‍ය වූයේ මෙහි තිබෙන පරිසර පද්දතියට හා එහි වෙසෙන සත්වයින්ට හානියක් නොවෙන අයුරෙන් සහ මෙහි පැමිණෙන සංචාරකයින්ට ඒ ආකාරයෙන්ම
මෙහි සුන්දරත්වය විදගැනීමට හැකිවන අයුරෙන් නිර්මාණය කිරීමයි.
ආලෝක කරණය කිරීමේදී උවද රාත්‍රී කාලයේදී සිසිල් වර්ණ යොදා ගැනීමට අප කටයුතු කර ඇත,එයට හේතුව වූයේ රාත්‍රී කාලයේදීත් මෙහි වෙසෙන සත්වයින්ට සහ පරිසරයට හානි නොකිරීම අපගේ සංකල්පය වන බැවිනි.
මෙහි පැමිණෙන සංචාරකයින්ට ස්වාභාවදර්මය උපරිමයෙන් විදගැනීමට හැකිවනු ඇතැයි අපි සිතන්නෙමු.
THANK YOU...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy
Kandy