B The Change

B The Change

Share

Be The Change

24/08/2023

ආංඩුවේ ඉස්පිරිතාලෙට යන්න අදුරන කවුරුහරි ඉන්නම ඕනිද?

08/07/2023

ලෝකල් පර්චර්ස්.....

දයානන්ද මාමාට සහලවලා උණ
මහ ඉස්පිරිතාලෙට ගෙනත් දැම්මේ මහ රෑ
ආ වෙලාවේ ඉදල ඇටෙන්ඩන් මහත්තුරු මිසීලා දොස්තර මහත්තුරු කඩි වගේ වැඩ.
ඒත් අව්ලක්......
දෙන්න ඕනි බෙහෙත නෑලු....
local purchase කරන්න ඕනිලු..
දුන්න පෙතිවලට දාඩිය දාලා උණ බැස්සා. ආයෙත් වෙව්ලලා උණ ගන්නවා. එළිවෙනකල් නින්දක් නෑ. ඒ මදිවට ප්‍රෙෂර් එකත් අඩු වෙලාලු

ඒත්..
මෙහෙම වුනේ අද විතරක් නෙවෙයි. ඊයේ, පෙරේදා, ඊට කලින් දවසේ, ගිය සතියේ, ගිය මාසේ විතරක් නෙවෙයි, අවුරුදු ගාණක්ම....

ඒ මොකද ඒ...

ඉස්පිරිලේ අත්‍යාවශ්‍යය බෙහෙතක් නැති වුනාම ලග තියෙන ඉස්පිරිතාවලින් ගෙන්න ගන්නවා. ඒත් නැත්නම් මධ්‍යම ඖෂධ ගබඩාවෙන් ඉල්ලනවා. එතනත් නැති උනාම අදාල රෝහලට මිළදී ගන්න අවසර දෙනවා.

ඒත්..

හැම රෝහලක්ම වෛද්‍යවරුන්ගේ මග පෙන්වීම මත ඊළග අවුරුද්දට අදාල ඇස්තමේන්තු නූලටම හදනවා. ඒ ගිය අවුරුද්දේ දත්ත පදනම් කරගෙන. ඊළගට
වෛද්‍ය සැපයුම් අංශය ලංකාවටම අවශ්‍යය ප්‍රමාණ ගණනය කරනවා. ටෙන්ඩර් කරනවා.
මේ හැම පියවරකටම වෛද්‍යවරුන්, පරිපාලකයන්, ඖෂ්ධවේදීන් හා අනිකුත් කාර්‍යයමණ්ඩල මහත් වෙහෙසක් දරනවා.
හැම පියවරක්ම විගණනයට ලක් වෙනවා.

හ්ම්ම්ම්ම්ම්..

ඒක හරිම සරල වැඩක්. ගමේ කඩේට බඩු ගේනවා වගේ. ප්‍රමාණ විතරයි වෙනස්.
ඔය රට පුරාම තියන super market ජාලා වල හරි අපූරුවට කරන්නේ.
Computer වලින් තවත් කාර්‍යක්ෂම කරන්න පුළුවන්

ඒත් එහෙනම් කොහොමද මේ අත්‍යාවශ්‍යයම බෙහෙත් මග ඇරෙන්නේ..

මේක බඩ අල්ලන් හිනා වෙන්න තරම් විහිළුවක්
හැබැය් මාරාන්තික විහිළුවක්
දයානන්ද මාමාගේ ජීවිතය වුණත් නැති වෙන්න තිබුනා.

ඒ වගේම තමය් මිල
මිල...
global ටෙන්ඩරයකින් ගන්නවට වැඩිය දහ ගුනයක් වැඩියෙන් ගෙවන්න වෙනවා.
Merapenam කියන බෙහෙත global ටෙනඩරයකින් ගත්තොත් රුපියල් හයසියකට ගන්න පුළුවන්. ඒත් local purchase කරනකොට හය දාහකටත් වැඩි වෙනවා.
ඒවගේම කාලය..
සෞඛ්‍යය සහායකයගේ සිට ඉහලම පරිපාලකයා දකවා එකම දෙයකට දෙසරයක් කාලය යොදවනවා.
ඒ වගේම දයානනද මාමාලා වගේ රස්තියාදු වෙන්න වෙන රෝගීන්ගේ කාලය. ඒ ගොල්ලන්ගෙන් රටට අහිමි වෙන ශ්‍රමය

ඉතින්

මේ වගේ අපේ ශ්‍රමය මුදල් නාස්ති කරලා මුළු පඩියම බදු විදිහට ගත්තත් වෙනස් වෙයිද?
ලෝකේ රටවල් ඔක්කොම නය දුන්නත් හැදෙයිද?

B The Change

29/04/2023

The Power of Dopamine Detox: Reset Your Brain’s Reward System and Boost Productivity

Article by Chiran Weerakoon

Read Full Article - https://bit.ly/449v7hM

29/04/2023

The effect of pollution on human health and the environment.

Article by Dulanjali Herath

Read Full Article - https://bit.ly/3ACcFku

05/04/2023

එහෙම වෙන්නේ කොහොමද ?

මම දෙකේ වාට්ටුවේ සිස්ටර්. ගිය වෙලාවේ ඉදලා කෑ ගහන්න ඕනි වැඩ ගන්න. ඒත් ඉවරයක් නෑ.
Staff මදි.
මට එපා වෙලා තියෙන්නේ.
ලෙඩ්ඩුන්ටත් කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.
ඒ මදිවට හැම තැනම හොරු

පොඩ්ඩ එහෙ මෙහේ උනොත් සර් ට තරහා යනවා.
Matron ගෙනුත් බේරිල්ලක් නෑ.

ඒත්...........
එහෙම වැඩගන්න විදිහක් මෙච්චර දියුණු ලෝකෙක තියෙන්න පුළුවන්ද?

ඒ වෙනුවට................

මෙහෙම උනොත් නරකද?
මේ සියලු දේ වැඩ කරන්නේ වාට්ටුවෙන් හරි ක්ලිනික් එකෙන් නිෂ්චිත සේවාවන් ටිකක් සපයන්න.

ඉතින් එහෙමනම් හරි ලේසිනේ ඔය කියන සේවාවල් හැමෝම ටික හැමෝම එකතු වෙලා අදුර ගත්තනම්....

ඊට පස්සේ....
ඒ ඒ සේවාව නිමා කිරීමට සිදුදුකලයුතු ක්‍රියාවලියත් ඒ සදහා එක එක්කෙනාගේ වගකීමත් තීරණය කරනවා..

දැන් එම හ්‍රියාවලිය අගයන්න පුළුවන් ලකුණු ක්‍රමයක් හදුන්වලා දෙනවා.

මේවට තමය් SOP හා KPI කියන්නේ

හවසට ඒ ටික වෙලානම් හරි.
Matron හරි director හරි ඇහුවත් තිතටම කියන්න පුළුවන් මොකද උනේ කියලා.
මාසේ අන්තිමට ලස්සනට පෙන්නන්නත් පුළුවන් කරපු වැඩ.

ඒ වගේම
කට උත්තර නැති වෙන්න අඩු පාඩු පෙන්නන්නත් පුළුවන්.

ඉතින් හරි ලේසිනේ

ඔව් ලේසි නිසානේ දියුණු රටවල් කරන්නේ

සත්තු වගේ නෙවෙයි මිනිස්සු.
කෝටු අරන් පස්සෙන් දුව දුව කෑ ගහන්න ඕනි නෑ.
ඒ අය...
තැනට අදාලව හැඩ ගැහෙනවා

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Kandy