Brain
let your brain and just close your heart and think different
02/02/2021
පරවෙන රෝස මලක් වෙනුවට පැලයක්
වැලන්ටයින් දිනය ලෝකයේ මෙන්ම ලංකාවේද පෙම්වතුන් සමරන්නේ මහත් උත්සවත්ශ්‍රීයෙනි , ලෝකයේ කෙසේ වෙතත් ලංකාවේ පෙම්වතුන් වැලන්ටයින් සමරන ආකාරය විටෙක මහත් හාස්‍යජනකය,
මොහොතක් සිතන්න මුලු ලෝකයම මහත් ව්‍යසනයකට ගොදුරුව සිටින කාලයක පරිසරයේ වටිනාකම මිනිසාට වර්ථමානය වන විට මහත් උවමනාවෙන් දැනෙනවාට නොඅනුමානය,
ඉතිං ඔබත් පෙම්වතියක්නම් පෙම්වතෙක්නම් සාම්ප්‍රදායික ක්‍රම වලින් මදක් ඈතට ගොස් පැයකින් දියවෙන චොකලට් කෑල්ලක් දෙනවා වෙනුවට , වරුවෙන් පරවෙන රතු රෝස මලක් දෙනවා වෙනුවට , පැය කිහිපයක් බිත්ති හතරකට හිර වෙලා තමන්ගේ ආදරේ මහමෙරක් යැයි කියනවට වඩා පැලයක් තෑගි කරන්න,
මොකද චොකලට් කෑල්ල කාලා කොලේ බිම දානවට වඩා, උපත් පාලන කවරේ ඩස්බින් එකට දානවට වඩා ආදරවන්තයින්ගේ දිනයෙදී දෙදෙනාම එක්ව පැලයක් රෝපණය කිරීම තුලින් මෙ පරිසර පද්ධතියටම සිදු වන්නේ මහත් සේවයකි අස්වැසිල්ලකි, දිනක එම ශාකය විශාල වී වන සිව්පාවුන්ට සිසිල දෙනු ඇත ඔබේ දරුවන්ට සෙවන දෙනු ඇත,
එවිට එහි ආඩම්බරය ඇත්තේ ද ඔබ දෙදෙනාටමය,
ජීවිතය විඳින්න එය ඔබේ නිදහසයි,එය ඔබේ අයිතියයි නමුත් මෙවන් වූ අති දුෂ්කර කාලපරිච්ඡේදයක සාම්ප්‍රදායික ක්‍රම වලින් ඔබ්බට ගොස් ජීවිතය විඳීම ඔබට මෙන්ම ඔබ අප රැකෙන පරිසරයටත් මහඟු අත්වැලක් වෙනු ඇත.
තීරණය ඔබ සතුයි !
©Brain
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Peradeniya
Kandy
20400