Tec-Talk
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tec-Talk, Information Technology Company, hatharaliyadda, Kandy.
High Tech Company - Htc
මේ දවස් වල චයින කෑලි උඩපැන්නට 😂 smartphone industy ගැන දන්නැති අයට ...
Smartphone ඉතිහාසයේ වැඩිම innovations ගනනක් ලමා දුන් , ලොව හොදම ඉලෙක්ට්‍රොනික් item නිශ්පාදනය කරන රට ලෙස කවෘත් දන්නා තායිවානයෙ පිහිටි Htc සමාගම මේ වන විට Google සමාගමේ පික්සල් Smartphone නිශ්පාදනය කරන සමාගමයි. ඒ හැරුන විට Htc සමාගමේ Research & Development Division එකේ සේවකයන් 1500ක් google සමාගම වෙත පවරා ගෙන ඇත. එච්චරට මොලකාරයො තමා htc R&D එකේ ඉදලා තියෙන්නෙ 😋😍
ලෝකයේ ප්‍රථම දේවල් by Htc
*First touch & wireless handheld device
*First Microsoft Smart Music Phone (2004)
*First Microsoft Windows Mobile 5.0 Smartphone made by HTC (2005)
*First Microsoft 3g Phone
*world’s first Android phone, the HTC Dream (2008)
*First android bassed User Interface (u.i) - Htc Sense Ui
*First 4G phone (2010) - Htc Evo 4g
*First all-metal smartphone - Htc One M7
*First dual camera setup-Htc One m8
*First type C head set phone - Htc 10 evo
*First reflective back - Htc U Ultra - මෙයාගෙන් පටන් ගත්ත රිෆ්ලෙක්ටිව් ඩිසයින් එක අද සෑම කම්පැනි එකක්ම බාදිතා කරයි)
*First 3d photos - M8
*First A.I used phone - htc sense companion - U ultra - නිදාගැනීම ඇතුලුව අපගේ සියලුම හැසිරීම අධ්‍යනය කරමින් , 360° mics 4 හරහා අපව ඇහුම්කන්දෙමින්, weather forcast ඇතුලු සේව ස්ව්‍යංක්‍රීයව ලබාගෙන අපගේ සාමන්‍ය ජීවිතය පහසු කර දීම මෙම සෙන්ස් කම්පෑනියන් හරහා සිදුවිය.
*First transparent back - Htc U 11 plus
*First Edge Sense,(ෆ්‍රේම් එක තද කර පිඩනයක් ලබාදීමෙන් කමාන්ඩ් ලබාදීමේ හැකියාව) the innovative feature that lets you open an app or launch an action by squeezing the phone’s frame.. Htc හැර මෙම තාක්ශණය Htc වලින් පසු භාවිතා කලේ Asus Rog phone පමනයි.
*First google Nexus
*First UltraPixel camera Setup
*Hi-Res Audio , beats audio , dolby , boom sound තාක්ශණය යොදා ගැනීම
**$Dxo Mark හි පලමු ස්තාන 3ම ලබගැනීම 2017
මීට අමතරව
*On November 10, 2012, Apple and HTC arrived at a 10-year license agreement covering current and future patents held by the two companies
* USA හි එවකට විශාලතම smartphone වෙළදපොල කොටස - third quarter of 2011
එහෙම තිබිලත් ඇයි htc දැන් නැත්තේ ????
* poor marketing
* google association
* new president 😡😡
* හොදම VR htc විසින් නිශ්පාදනය - vive
😂 දාන අය 😂 දාන්න🖕
Htc එකක් අල්ලලා හරි තියෙන සෙට් එක ❤️ දාන්න 😍
Copyright ( dilsham dev)
28/05/2020
Cloud Computing
.මොකක්ද මේ ‘‘Cloud Computing” ? තොරතුරු තාක්ෂණික සේවාවන් හා මෙවලම්වලට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ වීමේ ක්‍රමයක් ලෙසින් ‘‘Cloud Computing” යන්න හැඳින්විය හැකිය. තවත් සරලව කියනවනම්, මෙහිදී අපට අවස්ථාව ලැබෙනවා ලෝකයේ තිබෙන සෑම Application එකක් ම වගේ install කරලා තියෙන Server computer machine එකකට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා අපට අවශ්‍ය Application එක තෝරාගැනීම මගින් අපට අවශ්‍ය කාර්යය කර ගැනීමට. අවශ්‍ය වෙන්නෙ වෙබ් අතරීක්සුවක් (Web browser) සහිත පරිගණකයක් සහ අන්තර්ජාල සම්බන්ධතාවක් පමණයි.
ඇයි මේ සේවාවට ‘‘Cloud Computing” කියන්නෙ?
අවශ්‍ය මෘදුකාංග සියල්ල තැන්පත් කරලා තියෙන්නේ, අන්තර්ජාලයට සම්බන්ධ Server computer machine එකක නිසාඅවශ්‍ය කාර්යය කිරීමට අදාළ මෘදුකාංග අපේ පරිගණකය තුළ install කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එසේ ම අවශ්‍ය කාර්යය අපේ පරිගණකයෙන් සිදුකර එම දත්ත හා තොරතුරු Server computer machine එක තුළම තැන්පත් කරන්නත් පුළුවන්. පසුව එම දත්තවලට ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාල සබඳතාවයක් සහිත පරිගණයක් ඔස්සේ ප්‍රවේශ විය හැකිය. එසේම මෙම පහසුකම සක්‍රිය කරගැනීමට කළ යුත්තේ තුන්වන පාර්ශවීය සේවා සපයන්නෙකුගෙන් සුළු මුදලක් ගෙවා සේවාව ලබා ගැනීමයි. එමගින් ජාලයේ තිබෙන සියලු සම්පත් ප්‍රයෝජනයට ගැනීමට හැකි සේවාවක් ලැබෙන අතර ගෙවීමට සිදුවන්නේ අප පරිහරණය කරන සෙවාවන්වලට පමණි.
‘‘Cloud Computing” සම්භවය
මෙය මුල් වරට ආරම්භ වූයේ 2009 වර්ෂයේ දී ය.නිදහස් සහ විවෘත මෘදුකාංගවලින් මේ සේවාව විශාල දායකත්වයලබා දෙයි. ‘‘Cloud” යන වචනය මෙහිදී යොදා ගැනෙන්නේ දුරකථන ක්‍රමයක් හෙවත් දුරකථනයක් (Telephone)යන අර්ථයෙනි. 1990 දශකය පමණ වන තුරු දත්ත හුවමාරුව සිදු වූයේ රැහැන් සම්බන්ධතාවන් මගිනි. පසු කාලීනව විවිධ දුරකථන සමාගම් රැහැන් රහිත පරිගණක ජාල ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එය, Virtual Private Network(VPN) ලෙස හඳුන්වයි. එය භාවිතයෙන් පරිගණක ජාලය තුළ තදබදය(Traffic) අවම වූ අතර තොරතුරු හුවමාරුව පහසු විය. Cloud Computing සංකල්පය මුල්වරට ඉදිරිපත් කරන ලද්දේ 1960 වර්ෂයේ John McCarthy විසිනි. නමුත් මෙම වචනය ජනප්‍රිය වූයේ 1990 වර්ෂයේ ය. ඒ ATM කරලියට පැමිණීමත් සමග ය. ඉන් අනතුරුව 2007 වර්ෂයේදී Google සහ IBM සමාගම් විසින් විශාල පරිමාණයේ Cloud Computing ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
“Cloud Computing” වල ලක්ෂණ මොනවද?
o අවශ්‍යතාවයට අනුකූල ස්වයං සේවාව
o ඕනෑම තැනක සිට ජාලය පරිශීලනය
o සම්පත් ගොනුව
o සීඝ්‍රෙයන් වර්ධනය වන නම්‍යත්වය
o පරිහරණය අනුව ගෙවීම් කළ හැකි වීම.
o ස්ථාන යෙදවුම් වලින් ස්වාධීන වීම.
o අතාත්වික බව
o විශ්වාසනීයත්වය
o නඩත්තුව
o ක්‍රියාකාරී බව හා කාර්යක්ෂම බව.
Cloud Computing සේවා ආකෘති මොනවද?
සේවාවක් වශයෙන් මෘදුකාංග(Software as a Service-SaaS)
- SaaSඅවශ්‍යතාවයට අනුකූල ස්වයං සේවාව, එසේත් නැතිනම් පරිශීලකයා සමග සෘජුවම සම්බන්ධ වන මෘදුකාංග, මෙහෙයුම් පද්ධති(Operating system), පරිගණක ජාල ආදිය සහිත අතුරු මුහුණත ලෙස හඳුන්වයි.
- ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාල සම්බන්ධතාව සහිත පරිගණකයක් හරහා, අමතර මෘදුකාංග හෝ දෘඩාංග රහිතව Cloud Computing හි මෘදුකාංග පරිශීලනය කරන්න මෙම ආකෘතියෙන් පුළුවන්. උදා- Gmail, Facebook….
සේවාවක් වශයෙන් වේදිකාව (Platform as a Service-PaaS)
- මෙම සේවා ආකෘතිය මගින් මෙහෙයුම් පද්ධති (Operating system), පරිගණක වැඩසටහන් භාෂා (Programing language)හා ආශ්‍රිත තත්ව, පරිගණක ජාල සපයන නමුත් මෘදුකාංග නම් සපයන්නේ නැහැ. නමුත් අවශ්‍ය මෘදුකාංග අපිට නිර්මාණය කරන්න වටපිටාව එමගින් සලසා දෙනවා. එනම් යෙදවුම් වැඩසටහන් අතුරු මුහුණතක් සපයනවා.
- අඩු වියදමකින් වැඩි කාර්යයක් කරගන්න පුළුවන් නිසා, පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන්ට මෙම ආකෘතිය වඩාත් ගැලපෙනවා. උදා- Google engine,force.com
සේවාවක් වශයෙන් යටිතල ව්‍යුහය(Infrastructure as a service-IaaS)
- මෙම සේවා ආකෘතිය මගින් සපයනු ලබන්නේ පරිගණක දෘඩාංග(Hardware) සහිත ජාලකරණ පහසුකම පමණයි.
- එහිදී අපට අවශ්‍ය වැඩසටහන් , මෘදුකාංග ක්‍රියාත්මක කරීම සඳහා අන්තර්ජාලය හරහා පරිගණක දෘඩාංග පරිහරණය කරන්න අපිට පුළුවන්. උදා- amazon web services , at &t
Cloud Computing ආකාර මොනවාද?
- පොදු -Public cloud(Amazon, Google,Microsoft,Sales force)
- පුද්ගලික-Private cloud(HP data center,IBM,Sun,Oracle,3tera)
- දෙමුහුම්-Hybrid cloud
Cloud Computing හි සංරචක මොනවාද?
• සේවා ලාභී පරිගණක(Client Computers)
• සේවා සැපයුම් පරිගණක( Distributed servers)
• දත්ත මධ්‍යස්ථාන(Data center)
Cloud Computing හි වාසි මොනවාද?
o අඩු පරිගණකකරණ පිරිවැය
o වැඩිදියුණු කරන ලද ක්‍රියාකරීත්වය
o අඩු මෘදුකාංග පිරිවැය
o ක්ෂණිකව මෘදුකාංග යාවත්කාලීන වීම.
o සීමා රහිත ආචයන ධාරිතාව
o යෙදීම්/උපකරණ(Devices) ස්වාධීන වීම මගින් ලෝකයේ ඕනෑම තැනක ඕනෑම මොහොතක සේවාව ලබාගත හැකි වීම.
o නඩත්තු කටයුතුවලින් නිදහස් වීම.
o කාර්යක්ෂමතාව හා නිරවද්‍යතාව
o පරිසර හිතකාමී බව
o අධික විද්‍යුත් පරිභෝජනය අවම කිරීම
Cloud Computing හි අවාසිත් තියෙනවාද?
ඔව්.
Cloud Computing හි ප්‍රධානම අවාසිය එය අන්තර්ජාලය මත පදනම් වීමයි.
අන්තර්ජාල සහසුකම් සපයා ගැනීමට අපහසු අයෙකුට Cloud Computing යනු සිහිනයක් පමණයි.
සුභ දවසක්!
Copyright ©TEC-Talk 2020
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Hatharaliyadda
Kandy
20060