Ceylon Chess Club
Chess for All...
07/07/2025
Oshini Gunawardhane
Sri Lanka’s current "Women’s Chess Champion"
has officially qualified for the 2025 Women’s World Chess Championship!!! 🌍
She becomes Only the second Sri Lankan woman ever to be selected for this prestigious event!
In Round 01 , Oshini is set to face Alice Lee
A top United States of America's Chess prodigy, Ranked Number 04 in the World Youth Girl's Rankings and
the Number 01 Rapid player among youth girls globally!
Game 01 of the first round Oshini played with the Black Pieces and was unfortunately defeated...
Now, it all comes down to "Game 02" Where she will play with the White Pieces...
This is a "Must Win" for her to stay in the tournament...
📚🎁 Win a Valuable set of Chess Books... 🎁📚
Predict the Opening of Oshini’s Second game in Round 01, before it begins!
Comment your guess below...
If your answer is correct, We "Ceylon Chess Club" will gift you an Exclusive Chess Book Set...
Let’s see who gets it right!
🚫 (Note: No correct predictions were made for Game 01...
so that prize opportunity has slipped away…)
07/07/2025
ඔෂිනි ගුණවර්ධන...
එහෙමත් නැත්නම් වත්මන් ශ්‍රී ලංකා කාන්තා චෙස් ශූරිය...
2025 ලෝක කාන්තා කුසලානය සඳහා සුදුසුකම් ලබලා තියෙනවා...
ඒ කාන්තා ලෝක කුසලානය සඳහා තේරී පත් වුණු දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත් වෙමින්...
මෙම කාන්තා චෙස් ලෝක කුසලාන තරගාවලියේ මුල්ම වටයේ ඔෂිනි තරග වට දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි...
ඒ ඇමරිකානු යොවුන් ක්‍රීඩිකා ඇලිස් ලී සමඟ...
ඇලිස් ලී දැනට (2025.07.05 වන විට) ලෝක කාන්තා යොවුන් ශ්‍රේණිගත කිරීම් වල හතර වැනි තැන වගේම,
ලෝක යොවුන් කාන්තා ක්‍රීඩිකාවන් ගේ Rapid අංශයේ (වේගී චෙස්) ශ්‍රේණිගත කිරීම් වල ලෝකයෙන්ම අංක එකේ ක්‍රීඩිකාව...
එක් තරග වටයක් සුදු පිල ලෙසත්, අනෙක් තරග වටය කලු පිල ලෙසත් තරග වැදීමට නියමිතයි...
මුල්ම වටයේ ඔෂිනිට ලැබිලා තිබුණේ කලු පිල සමඟ තරග වැදීමට...
එම තරගය ඔෂිනි පරාජයට පත් වූවා...
තරගාවලියේ තව දුරටත් රැඳී සිටීමට නම්,
ඔෂිනි ට දෙවැනි තරග වටය ජය ගැනීමටම සිදු වෙනවා...
මෙන්න වටිනා චෙස් පොත් කට්ටලය දිනා ගන්නා ආකාරය...
පලමු වටයේ දෙවැනි තරග වටය ඔෂිනිට ලැබිලා තියෙන්නේ සුදු පිල සමඟ තරග වැදීමට...
"පලමු වටයේ දෙවැනි තරග වටය කුමන Openning එක යටතේ තරග වැදෙයිද???"
මේක හරියටම අනුමාන කරලා තරගය පටන් ගැනීමට කලින් පළ කරොත්
Ceylon Chess Club
අපි දෙනවා වටිනාම චෙස් පොත් කට්ටලයක්...
එහෙම නම් කවුද බලමු මේ වටිනා පොත් කට්ටලය දිනා ගන්නේ...
පලමු වටයේ පලමු තරග වටය සඳහා අදාල කාල සීමාව තුල ලබා දුන් පිලිතුරු අතර නිවැරදි පිලිතුර නොමැති නිසා වටිනා පොත් කට්ටලය ලබා ගැනීමේ අවස්ථාව ගිලිහී යනවා...
05/07/2025
වටිනා චෙස් පොත් කට්ටලයක් දිනා ගැනීමට අවස්ථාවක්...
ඔෂිනි ගුණවර්ධන...
එහෙමත් නැත්නම් වත්මන් ශ්‍රී ලංකා කාන්තා චෙස් ශූරිය...
2025 ලෝක කාන්තා කුසලානය සඳහා සුදුසුකම් ලබලා තියෙනවා...
කාන්තා ලෝක කුසලානය සඳහා තේරී පත් වුණු දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත් වෙමින්...
මුලින්ම ඇයට උණුසුම් සුබ පැතුම් එක් කිරීමට
Ceylon Chess Club අපි කැමතියි...
මෙම කාන්තා චෙස් ලෝක කුසලාන තරගාවලියේ මුල්ම වටයේ ඔෂිනි තරග වට දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි...
ඒ ඇමරිකානු යොවුන් ක්‍රීඩිකා ඇලිස් ලී සමඟ...
ඇලිස් ලී දැනට (2025.07.05 වන විට) ලෝක කාන්තා යොවුන් ශ්‍රේණිගත කිරීම් වල හතර වැනි තැන වගේම,
ලෝක යොවුන් කාන්තා ක්‍රීඩිකාවන් ගේ Rapid අංශයේ (වේගී චෙස්) ශ්‍රේණිගත කිරීම් වල ලෝකයෙන්ම අංක එකේ ක්‍රීඩිකාව...
එක් තරග වටයක් සුදු පිල ලෙසත්, අනෙක් තරග වටය කලු පිල ලෙසත් තරග වැදීමට නියමිතයි...
මුල්ම වටයේ ඔෂිනිට ලැබිලා තියෙන්නේ කලු පිල සමඟ තරග වැදීමට...
මෙන්න වටිනා චෙස් පොත් කට්ටලය දිනා ගන්නා ආකාරය...
"පලමු වටයේ මුල්ම තරග වටය කුමන Openning එක යටතේ තරග වැදෙයිද???"
මේක හරියටම අනුමාන කරලා තරගය පටන් ගැනීමට කලින් පළ කරොත්
Ceylon Chess Club
අපි දෙනවා වටිනාම චෙස් පොත් කට්ටලයක්...
එහෙම නම් කවුද බලමු මේ වටිනා පොත් කට්ටලය දිනා ගන්නේ...
දෙවැනි තරග වටයට පෙර නැවත හමු වෙමු...
25/02/2025
ඔබේ උදව් අවැසි මොහොතක්...
Ceylon Chess Club අපි Chronicles of Checkmate 2025 චෙස් තරගාවලියේදී Lucky Gift එකක් දීමට සැලසුම් කරා...
ඒ තෑග්ග බොහෝම වටිනා තෑග්ගක්... (රුපියල් 20000.00 ක් පමණ)
ලබා ගැනීමට සුදුසුකම් ලැබූ වාසනාවන්තයා වුණේ පුංචි දුවෙක්...
දිසුලි විවන්‍යා (Hikkaduwa Gamage Disuli Vivanya) තමයි එයාගේ නම...
ඒත් අවාසනාවකට වගේ අපිට ඒ දරුවාව සම්බන්ධ කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා...
ඉතින් මේක දකින අයගෙන් Ceylon Chess Club අපි ඉල්ලීමක් කරන්නේ පුලුවන් නම් ඒ දරුවාව අප වෙත සම්බන්ධ කර දෙන ලෙසට...
මේක අපිට කරන උදව්වක් වගේම, පුංචි දුවෙකුට චෙස් ජීවිතය ඇතුලේ ඉගෙනීම පහසු කර ගැනීමට කරන උදව්වක් ද වෙනවා...
බොහෝම ස්තූතියි...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy