Mandy Silva

Mandy Silva

Share

Digital Marketing Growth Strategist | Human Rights Activist | Public Speaker | Content Creator

21/05/2026

ආටිකල් : 159
"මගේ තියන භයානකම කොටස මම ඔයා එක්ක තරහවෙන එක නෙවෙයි, මම ඔයා එක්ක නිහඬ වෙන එක"

මේක මම ටික්ටොක් එකේ දැක්කේ..ඉතින් මට හිතුණා මේ ගැන ලියන්න..මොකද මාත් මම හිතන්නේ මේ වගේ හිතන කෙනෙක්..😅❤️

මම සාමාන්‍යෙන් රංඩු වෙන, තරහ වෙන කෙනෙක් නෙවෙයි..හැබැයි ඉතින් අර ක්ලෝස් සර්කල් එකේ ඉන්න අය එක්ක සමහර වෙලාවට තරහ යනවා..ඒත් ඉතින් වචන වලින් සැරෙන් කතා කරලා හර්ට් කරන්නේ හරිම අඩුවෙන්..මම රිකවර් වෙනකන් මම සයිලන්ට් වෙනවා.

මම කැමති නෑ මට තරහගිය වෙලාවට තරහෙන් බැනලා පස්සේ ඇයි එහෙම කිව්වේ කියලා වොරිවෙන්න..🙂‍↕️

මොකද මම ළඟින් ඇසෝසියේට් කරන්නේ හරිම පොඩි පිරිසක් නිසා මම ඒ අයව හර්ට් කරන්න කැමති නෑ.

ඉතින් මේ ළගදි මගේ ඔය සර්කල් එකේ ඉන්න යාලුවෙක් මගෙන් ඇහුවා,
"ඔයා රිලේශන්ශිප් එකක ඉන්න දවසක, ඔයාගේ පාට්නර් ඔයාට පොඩිම හරි බොරුවක් කරොත් මොකද කරන්නේ" කියලා 🫢

මම කීවා අත හරිනවා කියලා.🙃 තරහවෙනවයි අතැරලා සයිලන්ට් වෙනවා කියන්නෙයි දෙකක්. මොකද මන් තරහවෙනවා නම් මම යාලුවෙනවා. හැබැයි මම අතැරියොත් අතැරියම තමයි. ඒ යාලුවෙක්ද, පාට්නර්ද කවුද කියන එක වැඩක් නැ මට.🤨

ඉතින් මම ඒ වෙලාවේ හිතපු දෙයක් තමයි ඇයි අපි මිනිස්සුන්ට බොරු කියන්නේ..අනික ළඟම ඉන්න අයට බොරු කියන්න කොහොමත් හේතුවක් නෑනේ..මම කියන්නේ නැහැ මම කවදාවත් බොරු කියලා නෑ කියලා..මට කියන්න පුලුවන් කාටවත් හර්ට් වෙන බොරු මම කියලා නෑ..

මං කියන්නේ මෙච්චරයි..ඇත්ත කොයිතරම් අහගෙන ඉන්න අමාරු වුනත් මට ඒක අහගෙන ඉන්න පුලුවන්..මට තේරුම්ගන්න පුලුවන්..හැබැයි කවුරුහරි බොරුවක් කියනවා කියන්නෙම මම ඒක දකින්නේ රැවටීමක් විදිහට..ඒ කෙනා ලෝයල් නැති කෙනෙක් විදිහට.

ඉතින් එහෙම අය මොකටද අපේ ජීවිත වලට?
ඒක යාලුවෙක් වුනත්, පාට්නර් වුනත් එච්චරයි..කොන්ටිට් එක වැඩක් නෑ..අනේ මට යාළුවෝ ගොඩක් ඉන්නවා කියන එකෙන් වැඩක් නෑ මට නම්..ඉන්නේ එක යාලුවයිද ඒ යාළුවා කොලිටි යාලුවෙක් වෙන්න ඕනි..

එහෙම කවුරුත්ම ඇත්තේ නැත්තන් තනියම ඉන්න එක ඊටවඩා හොදයි..

මම මේ කියන්නේ තරහවෙන්න කියලා නෙවෙයි..ඒ වගේ අය අතේ දුරින් ඇසෝසියේට් කරන්න ඕනි.

මොකද මනුස්සයෙක් කියන දේකට රිදෙන ප්‍රමාණයක් තියනවා.
අදුරන කෙනෙක් හරි අදුරන්නේ නැති කෙනෙක් ඔයාගේ ඊගෝ එකට පහර දෙනවා නම් ඔයාට වැඩියෙන් රිදෙන්න පුලුවන්.

ඒ වගේම අදුරන ළඟම ඉන්න කෙනෙක්ගේ වචන වලටත් ඔයාට ලොකුවට රිදෙන්න පුලුවන්.

ඉතින් හිතන්නකෝ ඔයා මිනිස්සු එක්ක හැමවෙලේම ප්‍රොපර් ඩිස්ටන්ස් එකක් මේයින්ටේයින් කරනවා නම් අර ඔයාට රිදෙන ප්‍රමාණය සෑහෙන්න අඩුවෙන්න පුලුවන්.

ඔයාට බෑ අනිත් අයව කන්ට්‍රෝල් කරන්න.. හැබැයි ඔයාට පුලුවන් වෙන්න ඕනි ඔයාව කන්ට්‍රෝල් කරගන්න.

ගුඩ්ලක්!

- මැන්ඩි සිල්වා

Photos from Mandy & Minds's post 18/05/2026

❤️🌟

29/04/2026

ආටිකල් : 155
මං හිතන්නේ අපි හැමෝටම හම්බෙන්න ඕනි තමන්ගේ ජීවීතේ ඇචීව්මන්ට්ස් ශෙයා කරගන්නකොට හදවතින්ම සතුටු වෙන අය.. ඒ හිනාවල් ඒ කතාවල් අස්සේ තියෙන්නේ හදවතින්ම තමන් වෙනුවෙන් අවංකවම සතුටු වීමක් නේද කියන දේ දැනෙනකොට මට ඒක හරිම වාව් ෆීලින්ග් එකක්.❤️🌟

මේ ඉන්නෙත් ඒම එක්කෙනෙක්..මම මොනාහරි ඇචීව් කරොත් ඒක ශෙයා කරගන්න මගේ ඉනර් සර්කල් එක ඇතුළේ ඉන්න එක්කෙනෙක් තමයි මේ..

"ශා අක්කී..නියමයී..මට සතුටුයී..ඔයාට කෝමත් පුලුවන්නේ.."

ඔන්න ඕම තමා කතාව මම මොනාහරි ශෙයා කරාම..සමහර වෙලාවට මටත් වඩා මෙයා එක්සයිට් වෙනවා..😅❤️

මම දැකලා තියනවා මිනිස්සු දේවල් මවාපානවා. දුක සතුට පුදුමය ඔය හැම එකක්ම මවලා පෙන්නන්න පුලුවන් අය ඉන්නවා..ඒත් අර හදවතින්ම එන දේවලුයි මවාපෑමුයි ඔයාට ක්ලික් කරගන්න පුලුවන් නන් ඔයාගේ සර්කල් එක ඔයාට කොලිටි මිනිස්සුන්ගෙන් ෆිල් කරගන්න පුලුවන්.

කෝමහරි මම හරි වාසනාවන්තයි මේ වගේ රෙයා මිනිස්සු මගේ ජීවිතේ හැම චැප්ටර් එකකම වගේ හම්බෙන එකට. ඔය හැම චැප්ටර් එකේදිම ඒ හම්බෙන ස්පෙශල් අය තාමත් මාත් එක්ක ඉන්නවා..අවුරුදු ගනන් ඒ අය මාත් එක්ක තාමත් එදා විදිහටම ඉන්නවා..ඒ හැම කෙනෙක් එක්කම ඉන්න හැම මොහොතකම මගේ හිත මාර රිලැක්ස්..මම සතුටෙන්, හිනාවෙලා ඉන්නේ..සමහරක් වෙලාවට පොඩි ළමයෙක් වගේ..මොකද මම දන්නවා ඒ ස්පේසස් තමයි මගේ සේෆ් ස්පේසස් කියලා, මම කොයි විදිහට හිටියත් මාව ජජ් කරන්නේ නැති ස්පේසස්..❤️

ඉතින් මගේ වර්ස්ට්ම සයිඩ් එක දකින්නෙත් ගොඩක් වෙලාවට ඒ අය..

ඔයාටත් ඉන්නම ඕනි ඔයා වෙනුවෙන් හදවතින්ම සතුටු වෙන මිනිස්සු..ඔයා මම යන මේ කම්පෙටටිව් ජීවිත අස්සේ ටිකක් නැවතිලා කතා කරලා හිනාවෙලා නිදහසේ ඉන්න පුලුවන් මිනිස්සු ඔයාටයි මටයි ඉන්න ඕනි.❤️

ඉතින් මම හැමදාම කියනවා වගේ ඔයා ඔයාගේ අනාගතේ ගැන සීරියස් හිතෙන කෙනෙක් නම් ඔයාගේ ඉනර් සර්කල් එක ගැනත් ඒ හා සමානව සීරියස් හිතන්න ඕනි. මොකද ඔයා ආස තැනට,ආස දේවල් ඇචීව් කරගන්න ඒ අයට ඔයාව පුශ් කරන්න පුලුවන්.

ඒ වගේම ඔයාව පාගලා නැත්තටම නැති කරලා දාන්නත් ඒ අයට පුලුවන්.
ඉතින් ඒ නිසා හරියට කල්පනා කරලා තීරණය කරන්න මම මේ කෙනාව මගේ සර්කල් එක ඇතුළේ තියාගන්නවද නැද්ද කියලා.

ගුඩ්ලක්. 🐞❤️

(අහ්හ් අපේ මේ අනාගත එයා හෝස්ටස් ට මට ග්‍රේට්ෆුල් වෙන්න ඕනි වුනා..තැන්ක් යු ඔයාට..❤️)

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kandy
20000