Malee industry

Malee industry

Share

සියලු කුළුබඩු වර්ග තොග හා සිල්ලලර වශයෙන් ලබාගැනීමටත්, ⁣ඔබේ නිශ්පාදන අලෙවි කිරීමටත්

Photos from Malee industry's post 05/04/2021

වස විස නසන ⁣ශරීරයට ගුණදායක එනසාල් වල ප්‍රයෝජන.......කෑමට එක්කර ගන්නා ඔබ මේ පිළිබඳව දැනුවත්ද?

Like▶️ comment ▶️shear our page

ගෘහනියක් බොහෝ විට එනසාල් කෑමවලට එකතුකර ගන්නේ කුළුබඩුවක් ලෙසිනි. නමුත් එනසාල් යනු කෑම රසවත් කරවන කුළුබඩුවක් පමණක් නොවේ. එය ඖෂධයක් ලෙසින්ද හැඳින්විය හැක.
ආහාර ජීර්ණ පද්ධතියේ බොහෝ රෝග සඳහා එනසල් ඉතා ගුණදායක ඖෂධයකි. එනසල්වල ඉඟුරුවලට සමාන ගුණයක් ඇත. එම නිසා සෙම්ප්‍රතිශ්‍යා වෛරස උණට එනසාල් ස්වල්පයක් තම්බා බීම ඉතා ගුණදායක වේ. බඩ පුරවා දැමීම, නිසි ලෙස ආහාර නොදිරවීම, මළබද්ධය වැනි තත්ත්වයන්ට එනසාල් ඉතා ගුණදායක වේ.
වකුගඩු හරහා ශරීරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඉතා හොඳ ඔසුවක් ලෙසින් ද එනසාල් හැඳින්විය හැක. මුත්‍රා හොඳින් පිටකිරීමට ද උදව් කෙරේ. මේ සඳහා ආහාරයක් ලෙසින් අනුභව කිරීම ප්‍රමාණවත් වන අතර මුත්‍රා මාර්ගයේ රෝග පසුකාලීනව වකුගඩු රෝගයන්ට ද මුල් විය හැක. එම නිසා එනසාල් ආහාරයට එකතු කරගැනීම නිසා එවැනි අවදානම් තත්ත්වයන් වළක්වා ගතහැක. මුත්‍රාශය, වකුගඩු, මුත්‍රා මාර්ගය, හොඳින් පිරිසිදු කර ඒවායේ ඇති අනවශ්‍ය ලවණ හා අනවශ්‍ය ජලය ආදිය වළක්වා ගැනීමට උපකාරී වේ.
එමෙන්ම පිළිකා සෑදීම වැළැක්වීමටත් සෑදුණු පිළිකාමය තත්ත්වයන් පාලනය කිරීමටත් එනසාල්වල ඇත්තේ පුදුමාකාර ගුණයකි. දියවැඩියාව, අධික රැධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා වැනි බෝනොවන රෝග බොහෝමයකටත් මානසික ආතතිය සඳහාත් එනසාල් ඉතා ගුණදායක වේ.
මෙය තේ පානය කරන ආකාරයට පානය කළ හැක. ඒ සඳහා එනසාල් කුඩු කර පානය කරන්න. කෙඳි සහිත කුළුබඩුවක් නිසා රුධිරයේ අහිතකර කොලොස්ටරෝල් පාලනයට ද උදව් වේ. මෙමඟින් මොළයේ ඇතිවිය හැකි රුධිර කැටි වැනි තත්ත්වයන් වළක්වා ගතහැක.
ලිංගික බෙලහීනතාවය ඇති අයට ඉතා ගුණදායක ඔසුවක් වන මෙය මුඛයේ ඇතිවන තුවාල, මුඛයේ දුර්ගන්ධය ආදිය පලවා හැරීමට ද උදව් වේ.
එනසාල් තම්බා ගත් වතුරෙන් දිනකට දෙවතාවක් කට සේදීම බොහෝ මුඛ ආශ්‍රිත රෝගයන්ට ප්‍රතිකාරයක් ද වේ. මේ නිසා ඔබේ ආහාර වේලට දිනපතා එනසාල් ඇට 2, 3ක් වත් එකතු කරන්න.
උ.ගැ අන්තර්ජාලයෙනි

ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර

Want your business to be the top-listed Advertising & Marketing Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy
00000