Kandy Nurses

Kandy Nurses

Share

To able to achive

07/05/2026

හෙද සේවයේ මතක සටහන්

,,,, මේ ….මේ …මහත්මයා කොහාටද යන්නේ?.. ..
මානසික වාට්ටුවට යන්නේ මහත්තයා ..…ඇයි ලෙඩා නවත්වන්නද ,?
නෑ…! අද පුතාගේ සායන දවස ,
සායනට ආපු ගමන් සායනය වහලා….. ඒකයි වාට්ටුවට ආවෙ,...
කලින් එන්න එපායැ සායනය 4ට වහන බව දන්නෙ නැද්ද.?දන්නව මහත්තයො.. අපි ආවෙ උඩ ගල ඉඳල…
ඒ කොහෙද? .
හසලක ඉඳල සැත පුම් දහයක් ඇතුලට පයින් යන දුර ,
ඉතින් වට්ටුවට ආවෙ ඇයි ?
අද තමා පුතාගෙ මාසෙ බෙහෙත විදගන්න දවස…
මම ඉන්චර්ජ් මහත්තයට කියන්නම් ඔහොම ඉන්න..

වාට්ටුවේ දොරලඟ,තම පුතාට මානසික රෝගයකට ප්‍රතිකාර ගැනීමට පැමිනි පියාත් පුත්‍රයත් නැවැත්වූ ආරක්ශක නිලධාරියා, වාට්ටුභාර හෙදනිළධාරියා හමුවීමට ගියේය ,ඔහු ඒවනවිට තම මානසික සායනයේ වැඩ අවසන් කර ආපසු වාට්ටුවට පැමිණ සිටියේය.
ආරක්ශක නිලධාරියා දොරටුව ළඟ නවතා ඇති පිය පුතුන් ගැන නිළධාරියාට දැනුම්දුන්නේය .
"මහත්තයා ලෙඩෙක් අරගෙන තාත්ත කෙනෙක් ඇවිත් ඉන්නව බෙහෙත් විද ගන්න ,කිලිනික් එකට එන්න විනාඩි 10 ක 15ක් පරක්කු වෙලා ....
ආ,,,මම ඒ දෙන්නට කිව්ව ආපහු ගිහිල්ල ලබන සතියේ එන්න කියල, ක්ලින්ක් එනවනම් වෙලාවට එන්න ඕනෙ, ඔහු අකාරුනික ලෙස වාට්ටුවේ දොරකඩට වී බලා සිටි පියාත් පුතුත් වාට්ටුවෙන් එළවා දැම්මේය ......

මේ සියල්ල දෙස බලාගෙන වාට්ටුවෙ තවත් කෙනෙක් සිටියේය …ඒ අලුත සේවයට බැඳුණු පොඩි මිසී කෙනෙකි ..ඇය ඒ වෙලාවෙ වෙනත් කටයුත්තක් සඳහා වාට්ටුවෙන් පිටතට යමින් සිටියාය...ඇය යන අතර මග පෙර සඳහන් පියාත් පුතුත්, වාට්ටු අතර ඇති කොරිඩෝවෙ බිම වාඩි වී සිටියහ ...මේ පියාත් පුතුත් කෙරෙහි අනුකම්පාවෙන් ඇය කතාකලාය .ඇය තාත්තා යනුවෙ ඔහුව ඇමතුවාය
තාත්තෙ මොකද්ද පුතාගෙ ප්‍රශ්නෙ? ඇයි මෙතන?..
අපි බොහෝ දුර ඉන්ඳන් ආවෙ නෝනා.. සාය්යනයට එනකොට සායනයෙ දොර වැහුව විතරයි… එතන හිටපු මහත්තයා කිව්වා සායනයෙ වැඩ ඉවරයි .ලබන සතියෙ එන්න කියල… .මම ඒ මහත්තයට කන්නලව් කලා.. ඒත් මහත්ත ය කැමතිවුනේ නැහැ ආයේ දොර ඇරල පුතාට බෙහෙත දෙන්න..මම මේ වාට්ටුවට ගියෙත් වාට්ටුවෙන්වත් පුතා ගේ බෙහෙත විදගන්න පුලුවන් වෙයිද බලන්න .ඒත් ඒ මහත්මයමයි වාට්ටුව බලන්නෙත් ..,මම මේ පුතත් එක්ක ආපහු යනව .
ඒත් පුතා අරගෙන යන එකත් අමාරුයි එයා දැන් දවස්ගානක් කලබල කරනව රෑට නිදියන්නෙ නැහැ අද බෙහෙත විදගත්තෙ නැත්නම් මේ තත්වය තවත් වැඩිවෙයි ....අපි ඉන්නේ උඩගල,....උඩගල තියෙන්නේ හසලක ඉඳල පයින්ම සැතපුම් 10විතර ඇතුලට යන්න ඕනෙ… පුතාට බෙහෙත් ගන්න එන්න සතයක්වත් අතේ තිබුනෙ නෑ නෝන….ගෙදර කන්න තිබුනු වී බුසල් 3ක් හසලකට ගෙනල්ල එතන පොලේ උදේ ඉන්දන් තියාගෙන ඉඳල බොහොම අමාරුවෙන් විකුණ ගත්තේ. ....
පුතාගෙ කෑ ගැහිල්ල නිසා කවුරුත් වී ගන්න ලගට ආවෙ නැහැ .පුතා ගේ කරදරේ නිසා පොලේ අය මට පුතත් අරගෙන යනදිහාවක යන්න කියලමයි කිව්වෙ. අන්තිමේ මම පුතාව එතන තිබුනු කණුවක ගැටගහල තිබ්බ.,..කොහොම හරි වී ටික විකුණ ගන්න ඕන නිසා..
හවස 3ට විතර මාගේ කතාව අහල අල්ලපු තට්ටුවේ හිටපු මුදලාලි මගේ වී ටික ගත්ත. ඒ මුදල යම්තම් බස්ගාස්තුව විතරයි.නෝනෙ දැන් මම කොහොම හරි මෙයාවත් අරගෙන යන්න ඕනෙ ..ලබන සතියෙ බෙහෙත් විදගන්න එනකම්....
සියල්ල හොඳින් අසාගෙන සිටි පොඩි මිසි ගේ හදවත උනුවෙන්න පටන් ගත්තේය .....
තමා දුක්මහන්සියෙන් ඉගෙන ගත්තේ මෙවන් මිනිසුන්ට පිහිටවිමට නොවේද.?.ඇයගේ හදවත ඇයට පවසන්නට විය. රටේ සංස්කෘතිය පරිපාලනය නිතිය මිනිසුන්ගේ අවශ්‍යතාවයන් වලට ගැලපෙන විදියට වෙනස් විය යුතු නොවේද? සෛඛ්‍ය නිතිරිති පාර්පාලනය සකස්විය යුත්තේ..රෝහල් කටයුතු සුව පහසු විදියට තිබී මිනිසුන් අන්ත අසරන තත්වයකට පත්ව සිටින අවස්ථාවක ඒ මිනිසුන්ට ඒ රොහල් සේවයෙන් පලක් නැත..පොඩි මිසිගේ සිත පොඩි මිසිට වදදුන්නේය ,කෙසේ හෝ පොඩි මිසි මෙසේ කල්පනා කළාය .මා කෙසේද මේ තාත්තටයි පුතාටයි උපකාරයක් කරන්නේ ..? ඇය ආපසු වාට්ටුවට පැමිනියාය සායනයේ යතුර ගත්තාය වාට්ටුවේම පාලනය යටතේ ඇති සායනයට ගියාය. සායනයෙ රෝගින් ලියාපදින්චිකරන පොත ගත්තාය රෝගියාගේ ක්ලිනික් කාඩ් පත අනුව ලෙඩාගේ සායනික සටහන් ගොනුව සොයාගත්තාය, එවන විටත් සායනයේ රැඳී සිටි වෛද්‍ය වරයකු ලවා අනුමතකරගත්තාය ඉන්පසු රෝගියාට බෙහෙතද විද්දාය,...
පියාත් පුතුත් ඉක්මනින්ම සායනයෙන් පිට කර දොර වැසුවාය…
මීට පස්සෙ කලින් එන්න බල්ලන්න තාත්තා
ගොඩාක් පින් නොනේ.
කාලය ගෙවි ගියේය ,
[උපුටනයකි ]

07/05/2026

"BETSY P**G" WAS
1) A NURSE
2)A CHARACTER

07/05/2026

WHO IS THE FIRST PUBLIC HEALTH NURSE in Sri Lanka

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy