World wide jem byre and seller
ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින් නිල් මැණික් පළඳින්නේ ඇයි ? why do most famous people wearing Blue Sapphire ? නවග්‍රහ මණ්ඩලයේ ප්‍රබලතම ග්‍රහයා වන සෙනසුරු ට අයත් වන්නේ නිල් මැණික් ය. අනර්ගතම මිණිකැටයක් වූ නිල් පැළඳීමෙන් අයෙකුටමුදුන්පත් කරගත හැකි අභිලාෂයන් බොහෝ ඇති බව අත්දැකීමෙන් හා ජෝතිෂ්‍යවිදයානුකුලව විග්‍රහ කර ඇත. යම් අයෙකුගේ කීර්තිය හා ප්‍රසිද්ධිය ලඟා කරගැනීමට නිල් මැණික් පැළඳීමෙන් මහත් වූ ප්‍රතිපල ලබාගත හැකි බව පෙර අපරදිග වෙසෙන සුප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ජීවිත තුලින් පෙන්වාදී ඇත. නිල් මැණික් සතු ප්‍රබලම ශක්තිය වන්නේ සෙනසුරු ග්‍රහයාගෙන් එල්ලවන පීඩනයන් සමනය කර , එය පළඳින්නා සුරක්ෂිත කර , සුභවාදී මාවතකට ඔහුගේ හෝ ඇයගේ ජීවිතය යොමුකිරීමය. ජීවිතයේ සතුට , සෞභාග්‍ය උදාකරදීම, රෝගාබාධා වලින් ආරක්ෂා කිරීම, මෙන්ම නායකත්වය දෙසට තමන්ගේ ජීවිතය හැඩගැසීමටද නිල් මැණික් සතු ආශ්චර්යමත් බලයක් වේ යැයි ලොව පුරා මතයක් පවතී. බොහෝ විට දේශපාලනයේ යෙදෙන්නන් , කලාකරුවන් මෙන්ම ලොවේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටින්නන්ගේ තේරීම වී ඇත්තේ නිල් මැණික් ය. නිල් මැණික් සතු තවත් විශේෂිත ගුණාංගයන් ලෙස හඳුන්වා ඇත්තේ , සිතේ පවතින ව්‍යාකුලතාවයන් සමනය කර ඉවසීම , සන්සුන්බව ප්‍රගුනකිරීමට සහය වීමය. බ්‍රහස්පති , හිරු , බුද්ධ යන ග්‍රහයන්ගෙන් එල්ලවන උපද්‍රවයන් හේතු කොටගෙන සෙනසුරු ග්‍රහයා යම් විශාදියකට පත්වන අවස්තාවන් ඇත. එවිට සෙනසුරු අපල ඇති අයගේ ජීවන චක්‍රය බොහෝ සේ ව්‍යසනයන්ට නතු වේ. එවිට නිල් මැණික් පැළඳීමෙන් එකී උවදුරු සමනය කර , ජීවිතයේ අභිවෘද්ධිය ද ලඟා කරගත හැක. නිල් මැණික් පැළඳීමේදී නිවැරදි උපදෙස් ලබාගත යුතුමය. පලදු තත්වයේ හෝ ගුණයෙන් පාතමික නිල් මැණික් පැළඳීමෙන් අයෙකු බලාපොරොත්තුවන ජීවතයේ ඉලක්ක සපුරාගත නොහැක. සමේ රෝග , වාත රෝග වැනි රෝගාබාධයන් ගෙන් පෙලෙන අයෙකු , නිල් මැණික් පැළඳීමට පෙර ජෙතිෂ්‍යමතය විමසිය යුතුය. එමෙන්ම සියලුම ලග්න ලාභින්ටද නිල් මැණික් පැලැන්දීමෙන් තම අභිලාෂයන් මුදුන් පමුණුවා ගත නොහැක. නිල් මැණික් පැළඳීම වඩාත්ම යෝග්‍ය වන්නේ Capricorn මකර , Aquarius කුම්බ , Ta**us වෘෂභ සහ තුලා Libra යන ලග්න ලාභීන්ටය. වර්තමානය වන විට ලෝකයේ ඉහලම ගුණයෙන් හා වර්ණයෙන් යුත් නිල් මැණික් උපදින රට ලෙස විරුදාවලිය ලබන්නේ ශ්‍රී ලංකාවය. corn flower blue හෝ royal blue පැහැයෙන් යුත් නිල් මැණික් ලොව පුරා ආභරණ සරසන මැණික් විශේෂය වී හමාරය. විවාහ ගිවිස ගැනීමේ මුදු සඳහා දියමන්ති වෙනුවට නිල් මැණික් තෝරාගැනීම වර්තමානයේ බොහෝ පිරිසක් නැඹුරු වී ඇත. එය මැණික් ලොවට සුභාරංචියකි ...!!!!Blue Sapphire is ruled by Saturn. It is believed that is gives very beneficial results. By wearing a Blue Sapphire one gets good servants. The native will always enjoy happiness, prosperity, name and fame, advancement in the profession, favours from government. It best shows good helth and success in all ventures. The native will get land building and properties. It also ensures in politics. One should become either a king or a great scholar by wearing Blue Sapphire.Blue Sapphire helps bring balanced detachment, calm, practicality, and endurance. When weak or afflicted, it brings troubles, weakness, disease, vulnerability or anxiety. It can cause financial hardship, lack of drive, or insomnia. A difficult Saturn may cause manifestations similar to a weak Jupiter, Sun or Mars. Blue Sapphire should be used with great caution, unless in a navaratna, and even then the size and purity should be watched. It is a difficult planet for most, but is especially favorable for Capricorn, Aquarius, Ta**us and Libra Ascendants.The Blue Sapphire is Sri Lanka's Gem Supreme. Sri Lanka's Blue Sapphires are the nowadays finest in the world. Sapphires of the finest quality have what is called the experts 'a corn flower blue' or a royal blue tint. The highly priced of all gems, the Blue Sapphire is second only to the diamond in hardness. Ranjan Dharmasena