Rathna Sri Wijesinghe
02/06/2025
රස විද්‍යාව, ජීවන විද්‍යාව අභිබවා යන "බහුචිත විද්‍යා පංතිය-2025" ඇරඹුණා..! "..එන්න බෙදාගන්න..
බහුචිතවාදියා
_මාලක දේවප්‍රිය- කොළඹ සරසවිය_
√===========√
"..ජාතිවාදියා හා අවස්ථාවාදියා පරදවා බහුචිතවාදියා ඔබ අතර..
එන්න බෙදාගන්න..!"
_ Su Nishant _
+==========+
කලා කෘතියක කාර්යභාරය විමසනවිට
කලා කෘතිය එය රසවිඳින්නාගේ මනස තුළ සෞන්දර්යාත්මක හැඟීම් ඇති කරවන බව ද ආනන්දනීය සිතුවිලි උපදවා,
ආනන්දයෙන් ප්‍රඥාවට රසිකයාව/ ප්‍රේක්ෂකයාව ඔසවා තබන බව ද බොහොමයක් කලා විචාරවල විග්‍රහ කොට ඇත.
එයම කලාත්මක ශ්‍රව්‍ය- දෘශ්‍ය මහා මාධ්‍යය වන සිනමාවටත් පොදු වන්නේය. එහෙත් අපේ බොහොමයක් සිනමා නිර්මාණ ප්‍රේක්ෂක මනස ප්‍රඥාව වෙත රැගෙන යන්නේ නැත. (හෙවත්, ආනන්දයෙන් පටන් ගෙන මරදානෙන් අවසන් වේ.. ලු)
ඒකී බොහෝ සිනමා කෘති, "රූපයේ හා ශබ්දයේ සෞන්දර්ය මායාව තුළ මනස මෝහනය කොට, නිද්‍රාශීලී කරවන්නට පමණක් ම සමත් වන බව පෙනී යයි.
වෙනත් අයුරකින් කිවහොත්, "ඇත්ත සමාජ යථාර්ථය.. සමාජ ජීවිතවල සැබෑව.. පිළිබඳව රසික නැණස පාදන්නේ නැත.
"මහා සිනමා දහරාවේ වම් ඉවුර ආරක්ෂා කර ගැනීම"
හෙවත් විසල් වලින් සිනමාකරුවන් බහුචිතවාදියාව ඇගයීමට ලක් කිරීම විශේෂ කාරණයක් ලෙස සඳහන් කළ යුතුව ඇත.
මහා සිනමාවේ තියෙන්නේ ඇත්ත නෙමේ මායාව.. අපේ ඇත්ත ජීවිත "සුන්දර දර්ශනීය මායාවන්" තුළ
මං මුලා කරන ඒ "මහා සිනමා කැන්වසය"
ඇත්ත ආර්ථික- දේශපාලන අර්බුදය වසාලන මහා කඩතිරයක්..
හැබැයි සිනමා කර්මාන්තය පවතින්නේ ඒ මහා සිනමාවේ මායාවන් (මහා සිනමා තාරකාවන් වට්ටෝරු කතන්දර රටාවන්) එක්කයි.
චිත්‍රපට නිෂ්පාදනය කියන්නේ ප්‍රකෝටිපති සමාගම්වල මහා ව්‍යාපාරයක්.. අලුත් නවක සිනමාකරුවන්ට තමන්ගේ නිර්මාණය කරන්න විකල්ප ක්‍රම අත්හදා බලන්න වෙනවා.
අන්න එතනදි දක්ෂතම නිර්මාණකරුවෝ ඒ අභියෝගය ජය ගන්නවා.
එවන් මහා සිනමා ධාරාවක "වමේ සිනමාව හෙවත් වම් ඉවුරේ සිනමා" නිර්මාණ "සමාජ- දේශපාලන- ආර්ථික" බිලී කොකුවල අප ඇමිණි ඇමිණී යන ආකාරය පිළිබඳව අපගේ ප්‍රඥාව දල්වා ලන්නට සමත් වෙයි.
එබඳු වම් ඉවුරේ උස් තැනක ස්ථානගත කෙරෙන බහුචිතවාදියා චිත්‍රපටය "චලන රූපයේ / සත්සර මුසුවේ මිහිරියාවෙන් මනස වසා දමන්නේ නැතිව, පවතින සමාජ යථාර්ථය "ඇහේ ඇන ඇන" පෙන්වා දෙන්නට සමත් වෙයි.
ඉතින් එකම සමබිමක දක්ෂයෙක් අගය කරන එක හොඳ මිනිස්සුන්ගේ හොඳ ගතිගුණයක්.
රන්ජන් රාමනායක, අශෝක හඳගම, ඉලංගෝ රාම්, ලකා ධර්මරත්න ආදී බොභෝ සහෘදයන් මෙහිලා කෘතවේදීව සිහිපත් කළ යුතු වන්නේ, ඔවුන් මේ "වම් ඉවුරේ සිනමා නිර්මාණය: "බහුචිතවාදියා" නිර්ලෝභීව ඇගයීමට ලක් කරන බැවිනි.
"කලාත්මක සිනමාවේ ක්‍රමවේදයන් නම් පළසින්" වැසීයන සබෑ ආර්ථීක- සමාජ- යථාර්ථය සමීපව නිරීක්ෂණය කරමින්.. බහුචිතවාදියා රූපපෙළ රිදී තිරයේ දිගහැරෙයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය "තිඹිරි ගෙයිම හිරව සිටි #බහුචිතවාදියාට සිනමා ප්‍රේක්ෂාකාරයට ඉගිලී එන්නට පියාපත් ලබා දුන් බව (presented by Alumni Organisation - University of Colombo) ද කෘතවේදීව සිහිපත් කරන්නෙමු.
#වම්ඉවුරේ චිත්‍රපට කලා ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් ලියමින් "බහුතවාදියා" ඔබේ ප්‍රේක්ෂාකාරයේදී ඔබ අමතනවා මැයි 30 සිටම.
මේ සටහන තැබෙන්නේ, ඒ බහුචිතවාදියාගේ සම්ප්‍රාප්තිය පිළිබඳව සහෘද ඇමතුමක් වශයෙනි.
-සරසවි විද්‍යාර්ථීන්ගේ සංසදයේ සුමිත්‍ර නිශාන්ත්- ((රත්න ශ්‍රී විජේසිංහ සහෘද සංසදය සමඟ)) 2025.06.01
fans
Rathna Sri Wijesinghe
Mahinda Prasad Masimbula
Chulananda Samaranayake
Vidarshana Kannangara ...
#එන්න_බෙදාගන්න
#බත්වෙනුවට_අයිසින්වල_රසබලා #ආශ්චර්ය_බලාගන්න_එන්න
#යථාර්ථ
#ඇත්ත
#ජීවිතය
#සැබෑජීවිතේ
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Katubedda