MMDesign
Since 2012
#DOPROC Number : WP10778
> Architectural House & Building Design
> 2D Plans with coun
12/09/2022
#අපේ_රත්නපුර_බබා. 😍
🗺️📌️️Location: රත්නපුර
Client : Mr.රසික ප්‍රදිප් මහතා
ඔයාගේ වියදමට, ඉඩමට, ඔයා කැමති house plan එකක් ඇඳගන්න.
කතා කරන්න. 0704324427-whatsapp හෝ inbox
දිවයින පුරා සේවය.
😇
17/07/2022
30/03/2022
දහනායකගේ දස වැඩ.
==================
ගාල්ලෙ බෙලිගහ දහනායක හාඩ්වෙයාර් එකට ගියේ ඉදිකිරීම් වැඩකට වැලි එකක් ගන්න.
මිස්ල තුන්දෙනෙක් පේලියට ඉන්නවා පරිගණක තුනක් තියාගෙන A.C. කාමරේක.
"වැලි එකක් ගන්න පුළුවන්ද මිස් ?"
"පුළුවන්. සර්ට මොන වගේ වැඩකටද ?"
"කොන්ක්‍රීට් එකකට."
"එහෙනම් ගොරෝසු වැල්ලෙන් දෙන්නම්."
"කොහොමද ගණන් ?"
"ලොරි ලෝඩ් එකක් නම් 9800/= යි , කියුබ් එකක් නම් 13000/= යි."
"මට කියුබ් එකක් එවන්න."
කියුබ් එකකට සල්ලි බැඳලා මම ගියා. පැය එක හමාරකින් විතර වැලි එක ආවා.
ලෝඩ් එක බාන්න කලින් කම්බි කූරක් ගහල උස මැන්නා. බෑවට පස්සෙ ලොරියෙ තට්ටුව මැන්නා. ගණන් හදල බැලුවම තියෙන්නෙ ඝන අඩි 80 යි.
"ඩ්‍රයිවර් උන්නැහේ මෙතන කියුබ් එකක් නැහැනෙ."
"මං දන්නෑ සර් , ලොකු මහත්තයා කියපු ප්‍රමාණෙ තමයි පටවගෙන ආවෙ."
"ලොකු මහත්තයගෙ ටෙලිෆෝන් අංකෙ මට දෙන්න."
"077777 # # # #"
ගත්තා කෝල් එකක් මුදලාලිට.
"මහත්මයා දැන් ගෙනාපු වැලි ලෝඩ් එකේ කියුබ් එකක් නැහැනෙ."
"ඔයා කොහොමද එහෙම කියන්නෙ ?"
"මම Quantity Surveyor කෙනෙක්. මං මැනලයි කියන්නෙ."
"ඔයාට වැලි එක එපා නම් හරවල එවන්න."
"වැලි එක බාල ඉවරනෙ. මගේ සල්ලි දීලා ඔයා
වැලි එක පටවගෙන යන්න. නැත්නම් මගෙන් වැඩියෙන් ගනිපු 2600/= දීලා ලොරිය අරගෙන යන්න. මම ගේට්ටුව ලොක් කරල තියෙන්නෙ. දෙකෙන් එකක් කරනකල් ගේට්ටුව අරින්නෙ නෑ."
මුදලාලි කියනවා "මම පොලීසියට යනවා."
"ඕන පොලීසියකට යන්න." මම කිව්වා.
ටික වෙලාවකින් ඩ්‍රයිවර්ගෙ ෆෝන් එකට ඇමතුමක් ආවා මුදලාලිගෙන්.
ඩ්‍රයිවර් , "මෙන්න සර් 2600/= . ගේට්ටුව අරින්න මට ලොරිය අරන් යන්න."
"බොහොම හොඳයි ඩ්‍රයිවර් උන්නැහේ."
මෙවැනි හොරකම් වංචාවල් අද රටේ කොතෙක් සිදුවෙනවා ඇද්ද ?
🤔🤔🤔
පසුව ලියමි.
වැලි මැණගන්නා ක්‍රමය.
===================
වැලි එක බාන්න කලින් කම්බිකූරක් ගසා වැලි ප්‍රමාණයේ උස මැණගන්න. තුන් හතර පලකින් උස අරන් එහි සාමාන්‍ය අගය ගන්න පුළුවන් නම් වඩාත් සාධාරණයි. වැලි ලෝඩ් එක බෑවට පස්සෙ තට්ටුවේ ඇතුලත දිග සහ පළල මණින්න. දිග x පළල x උස = ඝන අඩි ප්‍රමාණය. ( ඝන අඩි 100ක් කියුබ් එකයි.)
අඩි සහ අඟල් දශම වලින් ගණනය කිරීම අපහසු නම් අඟල් වලින් මැණ , එය ගුණ කිරීමෙන් පසු 1728 න් බෙදන්න. එවිට ඝන අඩි ප්‍රමාණය ලැබේ.
Copied...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Maguruvila Road
Kelaniya
11630
Opening Hours
| Monday | 08:00 - 17:30 |
| Tuesday | 08:00 - 17:30 |
| Wednesday | 08:00 - 17:30 |
| Thursday | 08:00 - 17:30 |
| Friday | 08:00 - 17:30 |
| Saturday | 08:00 - 17:30 |
| Sunday | 08:00 - 17:30 |