BabyBoo
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BabyBoo, Baby Goods/Kids Goods, Kelaniya.
27/03/2023
(ලස්සන ලියමනක්).
බබාට කවන්න මං යොදන උපක්‍රම😁😁😁
Read this carefully ඈ
මුලින්ම
ඔඩොක්කුවේ තියන්
කොට්ටවලට තියන්
ඇද උඩ
ඇදපල්ලේ
දනගගා
බඩ ගගා
පුටුවේ තියලා
ඇවිද ඇවිද
කිහිල්ලේ ගහගෙන
කාක්කො පෙන්නලා
බල්ලො පෙන්නලා
ගස්වල කොල කඩලා
අම්මාට දීලා
හබියාට දීලා
එයාගෙම හෙවනැල්ල පෙන්නලා
සෙල්ලම් බඩු දීලා
අතින් අල්ලන් ඇවිද්දලා
ඉවරද
ඔහ් නෑ අයියෝ
පිඟන් පොලේ ගහලා
හබියාටත් බැනලා
අම්මාටත් කෑ ගහලා
ගෙදර අවට අයටත් බැනලා😂😂😂😂
කෑවද නෑ නෑ
රොටි හදල
බැදලා
බෙරි කරලා
කොටලා
ක්‍රීම් කරලා
මතගාලා
වෙන වෙනම උයලා
එකට දාලා උයලා
යෝගට් දාලා
මී කිරි දාල
පළතුරු දාල
ඉවරද නෑ අයියෝ
ඩොක්ටර්ට පෙන්නලා
විටමින්ස් යකඩ සිරප් ඔක්කොම දීලා
කෑවද
no no noo
එයාට අතින් කන්න දීලා
එයත් නාලා මාත් නාලා
වතුර බේසමේ දාලා
ටැප් එක ඇරලා
ගෙදර යතුරු දීලා
ප්ලග් ස්වීච් ඔන් ඕෆ් කරන්න දීලා
ඉවරද නෑ අයියෝ
රෙද්දක් දාලා හස්බන්ඩ්ව ලඟින් තියලා මුකුත් නැති බත් බබා තාත්තා ට කවන්න..තාත්තාගේ මූන මරු එවෙලේට
කෑවද නෑ නෑ😁😁😁😁😁😁😁😁😁😁
අන්තිමට කේන්දරෙත් බැලුවා යකු අපලද කියලා
සෝ ෆයිනලි😂😂😂😂දෙහිත් පිරිත් කරලා පෙව්වා
හ්ම්ම්ම්ම්ම් කෑවද
No no no
ඉතින් මොකො කරේ😐😐😐😐😐
කන තරමක් කන්න ආයේ බල කරන්නෑ කියලා මුලින් කන කටවල් 2ක කවලා වැඩේ අත ඇරියා😁😁😁😁😁😁😁😁😁😁
ආයේ
බලෙන්
කවන්නෑ......අන්තිමට බබත් සතුටින්...මාත් සතුටින්
උපදෙස් එපා....කෑම උයනවා රසට....අවුරුද්දේ බබාලා කන්නේ නෑ....අන්තිමට තේරුම් ගත්තේ එච්චරයි.
ලියන්න බැරි උන ක්‍රම ඇති මෙතන මං කරපු.....
මං කියන්නේ මං වගේ ස්ට්‍රෙස් වෙන්න එපා බබා කන්නැත්ත
රිලැක්ස් වෙන්න....මං දැන් තේරුම් අරන් ඉන්නේ....ඒ බබාලාගේ හැටි.....එයාලා කවදාහරි කෑම කයි...බර කියන්නේ එක සංකේතයක් විතරයි....කෑම නිසා එයාගේ සතුට නැති උනොත් ඒක අපි කරන වරදක් එයාට.....
Copied
පෝස්ට් එක ටයිප් කරපු අම්මට සම්මානයක් දෙන්න වටිනවා 😁🙏
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kelaniya