Thusitha Trade Centre

Thusitha Trade  Centre

Share

TTC, the trusted place where Sri Lankans start their shopping journey.

Photos from Cinema Life's post 21/04/2025
16/02/2025
Photos from Thusitha Trade  Centre's post 02/11/2024

24/08/2024

බ්‍රසීලයේ එක්තරා පාසැලක ගුරුවරයෙක් පන්තියක විද්‍යාව සම්බන්ඳ පාඩමක් උගන්වමින් ඉන්නා අතරතුර එකවරම එක් ශිෂ්‍යයෙකු නැගිටවලා මෙහෙම අහනවා...

" ඔය ළමයා කියන්න බලන්න අපට වකුගඩු කීයක් තියෙනවද..? "

කිසිම දෙයක් නොතේරෙණ ගානට " හතරයි..! ” කියලා අර සිසුවා කියනවා...

" හතරක් "...

ගුරුවරයා මුළු පන්තියම දෙවනත් වෙන්න හිනාවෙනවා...

මේ ගුරුවරයාත් ඉතිං අර කාට හරි යමක් වැරදුණාම කින්ඩියට හිනාවෙන කට්ටිය ඉන්නේ... අන්න ඒ වගේ කෙනෙක්... මොකක් හරි දෙයක් වැරදුණාම ඒක කියලා දීලා ළමයින්ව දිරිමත් කරනවා වෙනුවට මොහු කරන්නේ වැරදි දෙයක් කියපු ළමයාව උපහාසයට අරගෙන අනික් ළමයින් ඉස්සරහා ඔහුව හෑල්ලුවට ලක් කරන එකයි...

ඔහු හිනාව නවත්තලා ඉදිරි පේළියේ ඉන්න ඔහුගේ සිත්ගත් කීකරු ළමයා අමතලා මෙහෙම කියනවා...

" පීටර්... දැක්කා නේද... මේ පන්තියේ බූරුවෙක් ඉන්නවා... ඒ නිසා කොහෙන් හරි හොඳ තණකොළ මිටියක් හොයාගෙන එන්න...”

මේ කිව්ව දේට අර ළමයට පොඩ්ඩක් කේන්ති යනවා... ඔහු අර ඉදිරි පේළියේ ඉන්න ළමයට ටිකක් කේන්තියෙන් මෙහෙම කියනවා...

“ පීටර්... තමුසේ එහෙනම් තණකොළ මිටිය අරගෙන එන ගමන් මටත් කෝපි එකක් අරගෙන එනවා...”

මේකට අර ගුරුවරයාටත් ආපහු හොදටම කේන්ති යනවා... කේන්තියෙන් පුපුරපු ගුරුවරයා අර ළමයාව පන්ති කාමරයෙන් එළියට ඇදලා දානවා... පන්ති කාමරයෙන් එළියට ගිය ළමයා ආයෙත් පන්තියේ දොර ළඟට එනවා... පන්තියේ කිසිම සද්දයක් නෑ... අර ගුරුවරයා තවමත් කේන්තියෙන් ඉන්න බව ඔහුට පේනවා... ඕන දෙයක් වෙන්න කියලා ඔහු ආයෙත් හඬ අවදි කරනවා...

" සර්... ඔබතුමා මගෙන් ඇහුවේ "අපට" වකුගඩු කීයක් තියෙනවාද කියලයි... ඒ කියන්නේ ප්‍රශ්ණය අහපු ඔයාටයි... උත්තරය දුන්නු මටයි... අපි දෙන්නට වකුගඩු හතරක් තියෙනවා... ඔබතුමාට දෙකයි... මට දෙකයි... අපි කියන්නේ බහු වචනයක්... හරිනේ... මම එළියේ ඉන්නම් පීටර් තණකොළ ගෙනාවම ඔයා ඒවා තනියෙන් භුක්ති විඳින්නකෝ..." කියාගෙන එළියට ගියා...

එහෙම කියාගෙන එළියට ගිය ඒ ශිෂ්‍යයා තමයි පසුව බ්‍රසීලියානු ජාතික, ලෝක ප්‍රසිද්ධ ගත්කතුවරයෙකු සහ පුවත්පත් වාර්තාකරුවෙකු වූනු Apparício Fernando de Brinkerhoff Torelly (1895 -1971) එහෙමත් නැත්නම් " බැරන් ඩි ඉටාරේ (Barão de Itararé)" ලෙස වඩාත් ජනප්‍රිය උනේ.

පස්සේ කාළෙක ඔහු අපිට මෙහෙම කියනවා...

ඔබ එදිනෙදා ජීවිතය ගෙනයාමේදී වඩාත්ම වැදගත් වන්නේ තමා සතු "දැණුමට" වඩා තමා දැණුමෙන් ලබාගත් "අවබෝධයයි..." ජීවිතය නිරන්තරයෙන් එය ඔබගෙන් ඉල්ලා සිටිනවා. සමහර මිනිසුන්, ඔවුන් අනෙකාට වඩා ටිකක් දැණුමක් තියෙනවා කියලා සිතන නිසා සහ ඔවුන් දැණුමෙන් සන්නද්ධව ඉන්නවා කියලා ‘විශ්වාස කරන’ නිසා, අන් අය අවතක්සේරු කරන්න තමන්ට අයිතියක් තියෙනවා කියලා හිතනවා.

අහන්න.. කියවන්න... හිතන්න... ඊට පස්සේ ඒ හැමදේම 'අවබෝධ' කරගන්න... ඒත් ඔබ, ඊනියා 'දැණුම' කියන ආභරණයෙන් හිස උදුම්මාගත්ත කෙනෙකු නොවෙන්න...!!!

Copied

10/08/2024

" කැපීම් , කෙටීම්, තැලීම් වලට මුහුණ දෙන්න සූදානම් නම් ඔබව දිනෙක පිදුමට ලක්වේවි "

Good morning ❤

Have a wonderful day ❤

Want your business to be the top-listed Shop in Kelaniya?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


24/A Makola Road, Kiribathgoda
Kelaniya
11600