Ruwan Samarasinghe
“Manage your MIND | Manage your LIFE.” With over 20 years of experience as a journalist and media administrator, Ruwan is also a communication expert.
11/06/2026
රැකියාවේ අර්ථය හොයන්න Gen Z උනන්දු ඇයි?
Gen Z කියන්නේ සුන්දර පරම්පරාවක්. ඔවුන්ගේ ආකල්පවල කැපිලා පෙනෙන වෙනසක් තියෙනවා. මේක ජීවිතයේ හැම අංශයකදීම වෙනස්. රැකියාවක් කරද්දීත් ඔවුන් හිතන්නේ වෙනස් විදිහට. ඔවුන් කරන රැකියාවේ තේරුම මොකක් ද කියල නිතරම කල්පනා කරනවා. ඔබ Gen Z එක්ක වැඩ කරන කෙනෙක් නම් මේ කරුණු ඔබට වැදගත් වෙයි.
රැකියාව ගැන පැහැදිලි කරන්න
Gen Z අයට රැකියාවක් දෙන විට ඔවුන්ට පැවරෙන රාජකාරි ගැන සරලව පැහැදිලි කරන්න. ඔවුන්ට කරන්න තියෙන්නේ මොනවද? කරන්න ඕනේ කොහොමද වගේ දේවල් කියල දෙන්න.
රැකියාවේ අරමුණු පැහැදිලි කරන්න
තමන් කරන රැකියාවේ අරමුණු මොනවද කියල දැනගන්න Gen Z පරපුර කැමතියි. එනිසා සමස්ථ රැකියාවේ අරමුණු පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් රකියාවකදී එක් කෙනෙකුට කරන්න වෙන්නේ තෝරා ගත්තු කොටසක්. නමුත් Gen Z අය කැමතියි තමන් කරන පොඩි කොටසේ වගේ ම එහි සමස්ථයේත් අරමුණු දැනගන්න.
රැකියාවට ඔවුන්ගේ දායකත්වය පැහැදිලි කරන්න
රැකියාවේ මොන කොටස කළත් අවසාන වශයෙන් නිෂ්පාදනයක් හරි සේවාවක් හරි එළියට එනවා. එතැනදී Gen Z අය දක්වන සමස්ථ දායකත්වය මොකක් ද කියල ඔවුන්ට පැහැදිලි කරලා දෙන්න. තමන් කරන දෙයින් අත්වන අවසන් ප්‍රතිඵලය ගැන ඔවුන් උනන්දුයි.
ඔබ Gen Z එක්ක වැඩ කරන කළමනාකරුවෙක් හෝ නායකයෙක් වෙන්න පුළුවන්. නැත්නම් එක ම අංශයක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් Gen Z එක්ක වැඩ කරද්දී මේ කාරණා ඔලුවේ තියා ගත්තොත් ඔබට පහසුවෙන් ඔවුන්ට නායකත්වය දෙන්න පුළුවන්.
මේ ගැන වැඩිදුර කතා කරන්න එකතු වෙන්න අපේ Training සහ Coaching වැඩසටහන් සමග. කතා කරන්න අපිට 0703 550 300.
රුවන් සමරසිංහ
Corporate Trainer | Author
Transformative Coach
10/06/2026
රැකියාවේ අධික වැඩ පීඩනය හසුරුවන්නේ මෙහෙමයි
අපි කොතැනක වැඩ කළත් අපිට සමහර විට අධික වැඩ පැවරෙන්න පුළුවන්. මේක රාජ්‍ය පෞද්ගලික ආයතන කියල වෙනසක් නැහැ. අධික වැඩ පීඩනය අපේ සෞඛ්‍යයට හානිකරයි. මේක කළමනාකරණය කරගන්නේ කොහොමද ද?
වැඩ ගැන විශ්ලේෂණයක් කරන්න
ඔබට දවසට කරන්න තියෙන වැඩ ගැන විශ්ලේෂණයක් කරන්න. එතකොට ඔබට පෙනෙයි ඔබට දුෂ්කර දේවල් මොනවද කියලා. වැඩි වෙලාවක් ගත වෙන ඒවා මොනවද කියල. මෙහෙම ඔබේ වැඩවල ස්වභාවය හඳුනා ගන්න. එතකොට ප්‍රමුඛතා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වැඩ මුලින් කරන්න.
වැඩ පවරන්න
ඔබට පුළුවන් නම් ඔබේ වැඩ වෙනත් කෙනෙක් එක්ක බෙදා ගන්න. බොහෝ තැන්වලදී මේක ප්‍රයෝගික නැහැ. නමුත් සමහර තැන්වලදී මේ උපක්‍රමය වැඩ කරන්න පුළුවන්.
සතිමත්බව පුහුණු කරන්න
මේක ඔබේ රැකියාවට ඉතා ම සෘජුව සම්බන්ධයි. ඔබ සතිමත් බව (සිහිය) පුහුණු කරන විට ඔබට අඩු වෙලාවකින් වැඩි වැඩ කොටසක් කරන්න පුළුවන් වෙනවා. ඔබේ මානසික නිදහසත් වැඩි වෙනවා.
බලධාරීන් එක්ක කතා කරන්න
ඔබට පැවරිලා තියෙන අධික වැඩ කොටස ගැන බලධාරීන් එක්ක කතා කරන්න. ඔබ ඔබේ වැඩ ගැන විශ්ලේෂණයක් කරලා තියෙන නිසා ඔබට ඒවා ප්‍රයෝගිකව පැහැදිලි කරන්න පහසුයි. බලධාරීන්ගෙන් ඔබේ වැඩවලට සහනයක් ඉල්ලලා බලන්න. සමහර විට එයාලා ඔබට වැඩ වැඩි බව දන්නෙවත් නැතුව ඇති.
වැඩ කළමනාකරණය දක්ෂතාවක්. හැබැයි කෙනෙකුට දවසකට, සතියකට, මාසයකට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒවා ඉක්මවා ගියොත් මොන දේ කළත් මේ තත්වය හසුරුවන්න අමාරුයි. එතකොට ඔබට විකල්ප ගැන හිතන්න වෙනවා.
මේ ගැන වැඩිදුර කතා කරන්න එකතු වෙන්න අපේ Training සහ Coaching වැඩසටහන් සමග. කතා කරන්න අපිට 0703 550 300.
රුවන් සමරසිංහ
Corporate Trainer | Author
Transformative Coach
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Minuwangoda Road
Kotugoda
10000