Correct Side
This is our class of childrenTrust is a digital appraisal of our children who work tirelessly for th
15/10/2025
-මෙහෙම ආදරේ කරන්න හැමෝටම බැහැ-
ආදරේට ආදරේ හිතන්න
හැමෝටම බැහැ…
ආදරේට ආදරේ දරාගන්න
හැමෝටම බැහැ…
හෙම්බත් වෙච්ච පිරිමියෙක් ළග
තමන්ගෙ මුළු ආත්මයම පූජා කරන්න
හැමෝටම බැහැ….
හෙබ්බත් වෙච්ච ඇස් දෙකක් අස්සෙ
තමන්ගෙ නැතිවෙච්ච ආදරේ හොයාගන්න
හැමෝමට බැහැ….
බලාපොරොත්තුවක් නැති මිනිහෙක් ළග
හුගක් දේවල් තියනවා වගේ වෙහෙසෙන්න
හැමෝටම බැහැ…
ඔත්පලවෙන්න වගේ කිට්ටුවෙච්ච මිනිහෙක් එක්ක දීග කන්න….
හැම ගැහැණියෙකුටම බැහැ…
හැගීම් විරහිත මිනිහෙක් ළග
හිනාවෙලා දගලන්න හැමෝටම බැහැ….
ගැහැණියෙකුගෙ දේවලුයි
පිරිමියෙකුගෙ දේවලුයි
හැමදේම තමන්ගෙ උරමතට අරන්
ජීවිතේ සුබ කරගන්න හැමෝටම බැහැ…
තව කිව්වොත් මහ ගොඩක් දේවල්….
ලේසියෙන් ගැහැණියක් නොකරන කැප කිරීම්….
මහ ගොඩක් එක්ක….
අවුරුදු පහක් විතරම,
මං වෙනුවෙන්ම
ජීවිතේ කැපකරපු නුඹට
මහ ගොඩක් පිං මගෙ රත්තරං….
නුඹ නොසැළී ඒ අවුරුදු පහ පුරාම කිව්වේ…
එකම එක දෙයයි…
“ ඔයා නැගිටිනවා! ඔයා නැගිටලා
මේ හැමදේම ආපහු හරිගස්සන බව
මං දන්නවා “ කියලයි…
අවසානෙදි හරිම තැනට ඔයා ආවා..
ඔයා දිනුවා…
දැං අපි ඒ දිනුම රැකගමු…
ආදරෙයි හිතන්නවත් බැරි තරමට..
“ මගේම රත්තරං මගේම සූනි මැනිකට
මහගොඩක්…. “
මං - ✍️
Correct Side සඳූ බස්නායක ゚viralシfypシ゚viral ゚viralシviralシfypシ゚viralシalシ ゚ #සිංහලකවි #ධනාත්මකචින්තනය
14/10/2025
“උදුපියලිය අතර තිබුණු
සුසිනිදු බව ඇගිලි තුඩට
සෙමෙන් සෙමෙන් හසුවන යුරු
හදවතටත් දැනෙයි මගේ …”
“හද සොම්නස සිතට දැනී
හිස වට ආදරය එතී
සෙමෙන් සෙමෙන් සිනා රැලක්
මුවගට නැගෙනවා සෙමෙන්…”
“සිනහව අතරින් හිත්තුළ
එතී තිබුණු ප්‍රශ්න වැලක්
සෙමෙන් සෙමෙන් මා හැරදා
විසිරෙනු හදවතට දැනෙයි…”
“බිම වැතිරුණු උදු පියලිය
මගෙ හදවත මෙලෙක් කලේ
අද වන තුරු නොම වැටහේ
දන්නවනම් කියා දෙන්න….”
-මහා-
Correct Side ゚viralシfypシ゚viral ゚viralシviralシfypシ゚viralシalシ ゚ #සිංහලකවි #ධනාත්මකචින්තනය
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Kurunegala Colony
60000