Mind Files
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mind Files, Personal coach, Kurunegala.
18/05/2022
🌸 ස්තුතිවන්ත වෙමූ අපි 🌸
💭 මේක ඇත්තටම මම practise කරන දෙයක්, දවස අවසානයේ ස්තූතිය පල කිරීම. අපි දවසේ වැඩ කරන කාලය තුළදී විවිධ දේවල් කරනවා ඒ වගේම විවිධ දේවල් වලට මුහුණ දෙනවා.
💭 සමහරක් දේවල් අප බලාපොරොත්තු වූ result එක සමග අපට මුණගැහුනත් සමහරක් දෙවල් අපි බලාපොරොත්තු නොවන දේ සමගත් හම්බෙනවා.
💭 මම ගොඩක් වේලාවට දවස තුල මට අත්විදින්න ලැබුණ මාව සතුටට පත් කල සෑම දේකටම විශ්වයට ස්තුතිය පළ කරනවා.එය ගොඩක් මනසට සුවය සලසන දෙයක් ඒ වගේම පසු දිනට එය හොද ආරම්භයක් වෙනවා.
💭ඔයාලත් මේ දේ practise කරන්න. දින කීපයක් කරගෙන යද්දී වෙනසක් දැනෙයි. ගොඩක්ම හොද දේවල් ගැන ඔබට පණිවිඩ පවා පෙන්නුම් කරයි.
🌸අත්හදා බලන්න. 💗💗💗
18/05/2022
🌸සිහින කියා දෙන පාර 🌸
🌼 අපි හැමෝම සිහින දකිනවා, සිහින වල ජීවත් වෙනවා. සමහර වෙලාවට ලස්සන හීන වගේම නරක හීනත් අපට පේනවා. ඉතින් කල්පනා කරල තියෙනවා ද මේ හීන පේන්න හේතු?
🌸 මම පොඩි දෙයක් කියල දෙන්නම් ඔයාලට අද, හිතන්නකෝ ඔයා මේ මොහොතේ ඔයා ඉන්න බලාපොරොත්තුවක් ගැන.
💬 ඒක සමහරක් විට
💭 විභාගයක් ගැන
💭 මුදල් ඕනකමක්
💭වාහනයක් ගන්න
💭රැකියාවක්
වගේ උදාහරණයක් වෙන්න පුලුවන්, ඔයාට ඒ දේ ගැන Law of Attraction මගින් යම් කිසි පණිවිඩයක් ලබා ගන්න පුලුවන්.
👑 අද ඔබ නින්දට යන්න කලින් ඉතාමත් පිරිසිදු මනසින් යුතුව ඔබේ බලාපොරොත්තුව ගැන මිනිත්තු 17 ක් සිතන්න, මනසින් දකින්න ඔබ ඒ බලාපොරොත්තුව සාර්ථක කරගත් ආකාරය. ඉන් පසුව ඔබ විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඒ දේ ඔබට ලබා දීම ගැන.
🎠 නිදහස් මනසින් නින්දට යන්න බලාපොරොත්තුව සාර්ථක කරගත් සතුට ගැන සිතමින්. ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ බලාපොරොත්තුවට අදාළ වන පණිවිඩයක් සිහිනයකින් පෙන්නුම් කරයි.
🎠 මෙය අත්හදා බලන්න..ඔබට ඔබේ මනසේ ශක්තිය තේරැමි යයි.
🌸🌸🌸🌸
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala