Sethsiri Matale
Sethsiri Driving School is one of Sri lanka's biggest private driving schools. 1 නව රියදුරු බලපත්‍රයක් ලබාගැනීම
2 රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කර ගැනීම
නව මාර්ග සංඥා එයි.. සුදු පාට වැඩි වේ..
මෙරට තුල මේ දක්වා භාවිතා නොකල මාර්ග සංඥා සලකුණු විශාල පරැන්මාණයක් හදුන්වාදීමට මෝටර් රථ පරරට වාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති තිබේ.
මෝටර් රථ පර කවාහන කොමසාරිස් ජනරාල් එච්.එස් හරිස්චන්ද්ර මහතා පවසන්නේ නව මාර්ග සංඥා සහ පැරණි මාර්ග සංඥා ඇතුළත් නව ගැසට් නිවේදනය නුදුරේදීම පරාල්කාශයට පත්කරන බවත්, එවිට භාවිතයට ගැනෙන මාර්ග සංඥා සලකුණු සංඛ්යාටව 215කට ආසන්න වන බවත්ය.
මෙරට මාර්ග පද්ධතියට අධිවේගී මාර්ග එක්වීමත් සමගම මෙතෙක් භාවිත නොකළ මාර්ග සංඥා සහ අන්තරායක රසායනික ද්රඅව්ය පර්වීවාහනය කිරීමේදී භාවිතයට ගන්නා මාර්ග සංඥා මෙලෙස එක්වන නව මාර්ග සංඥා වන බවද හරිස්චන්ද්රව මහතා කීය.
පැවති මාර්ග සංඥා සලකුණු බොහොමයක් මෙතෙක් කහ පාටින් වර්ණ ගැන්වුවද නව මාර්ග සංඥා සුදුපාටින් වර්ණ ගැන්වෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය
මාර්ග නීති
මෙරට සියලුදෙනාම පාහේ මාර්ග භාවිතා කරති.පොදු මාර්ගවල ගමනාගමනයට අදාලව නීතිරිති රැසක් කලින් කළ පනවා ඇත.මේවා නොදැන මහාමාර්ගය භාවිතා කිරිම බුද්ධිගෝචර ක්‍රියාවක් නොවේ.
මහාමාර්ග භාවිත කරන පිරිස් ආකාර කිහිපයකට බෙදා වර්ග කළ හැකිය.
• පදිකයන් : මහා මාර්ගයේ පයින් යන අය
• මගීන් : වාහනවල ගමන් කරන අය
• රියදුරන් : රිය පදවන අය
මේ එක් එක් කාණ්ඩයට අයත් පුද්ගලයන්ට බලපාන නීති රීති පැහැදිලිව දැන ගැනීම සුදුසුය.
මාර්ග සංඥා
මාර්ග දෙපස දක්වා ඇති විවිධාකාර සංඥාවන් මෙනමින් හැඳින්වේ. මාර්ග සංඥා හඳුනා ගැනීමේ පහසුව සඳහා වර්ග 03 කට බෙදා වෙන් කළ හැකිය.
1. තොරතුරු සංඥා (Useful Signals)
පදිකයන්ට ද රියදුරන්ට ද ප්රායෝජනවත් වන තොරතුරු අඩංගු සංඥා මේ වර්ගයට අයත්ය.සාමාන්යටයෙන් තොරතුරු සංඥා නිල් පටින් දක්වා ඇත. මාර්ග විස්තර දැක්වෙන තොරතුරු සංඥා මෑතක සිට කොළ පාටින් දැක්වීම සිරිතක්ව පවතී.(Direction Signals)
2. අනතුරු සංඥා (Danger Warning Signals)
විවිධකාර අනතුරු හැඟවීමේ සංඥා මේ වර්ගයට අයත්ය.සාමාන්ය්යෙන් කහ පාටින් අනතුරු සංඥා දක්වනු ලැබේ.
3. පාලන සංඥා (Regulatory Signals)
මේ ආකාරයේ මාර්ග සංඥා,
විධාන සංඥා (mandatory Signals)
තහනම් සංඥා (Prohibitory Signals)
සීමාකාරී සංඥා (Restrictive Signals) වශයෙන් තුන් ආකාරය.
මෙහිදී දැනගත යුතු වැදගත්ම කරුණ වනුයේ පාලන සංඥාවලට අවනත නොවීම දඬුවම් ලැබිය යුතු වරදක් වන බවයි.පාලන සංඥාවලින් කිහිපයක් හැරෙන්නට ඉතිරි සියල්ල රතු පැහැ කවයක් තුළ දක්වා ඇත.
දකුණේ නීතිය
ඔබ වාහන පදවන්නෙක් නම් අනිවාර්යයෙන්ම දකුණේ නීතිය නමින් ප්රනසිද්ධ වී ඇති කරුණ දැන ගත යුතුය.
* මන්සන්ධියක දී හෝ
* වටරවුමක දී
තමාගේ දකුණු පසින් තමා වෙත පමිණෙන වාහනවලට ප්රණමුඛත්වය දිය යුතුය යන්න දකුණේ නීතියයි
15/07/2014
කහ පාට මාර්ග සංඥා සුදු පාට වෙයි.
SUNDAY, 06 JULY 2014 - 20:17 | DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE මෙතෙක් භාවිතයට නොගැණුනු මාර්ග සංඥා සලකුණු විශාල ප‍්‍රමාණයක් හඳුන්වාදීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එම සංඥා සහ පැරණි මාර්ග සංඥා ඇතුළත් කළ නව ගැසට් නිවේදනය නුදුරේදීම ප‍්‍රකාශයට පත් කරන බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එස් හරිස්චන්ද්‍ර කියා සිටියේ. එම ගැසට් නිවේදනයට අනුව ඉදිරියේදී භාවිතයට ගැනෙන මාර්ග සංඥා සලකුණු සංඛ්‍යාව 215 ඉක්මවනු ඇති. අධිවේගී මාර්ගයේ භාවිතයට ගන්නා සංඥා සලකුණු සහ අන්තරායක රසායනික ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමේදී භාවිතයට ගන්නා මාර්ග සංඥා සලකුණු ද අලූතින් නිකුත් වන ගැසට් නිවේදනය මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මෙතෙක් පැවති මාර්ග සංඥා සලකුණු බොහොමයක් කහපාටින් වර්ණ ගැන්වුණත් නව මාර්ග සංඥාවල විශේෂත්වය වන්නේ ඒවා සුදු පාටින් වර්ණ ගන්වා තිබීමයි. රාත‍්‍රී කාලයේදී කහපාටින් වර්ණ ගැන්වුණු මාර්ග සංඥා රියදුරන්ට පැහැදිලිව දිස් නොවීම ඊට හේතුව බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා. නව මාර්ග සංඥා ඇතුළත් ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒවා රියදුරු මාර්ගෝපදේශ ග‍්‍රන්ථවලට ඇතුළත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කහ පාට මාර්ග සංඥා සුදු පාට වෙයි. මෙතෙක් භාවිතයට නොගැණුනු මාර්ග සංඥා සලකුණු විශාල ප‍්‍රමාණයක් හඳුන්වාදීමට...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
NO 21-A VIHARA Road MATALE
Matale Town
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |