Travel Ronde
ලෝකේ වටේ සුන්දරම තැන් සොයායන ගමනේ තවත් එක් සොඳුරු නවාතැනකින් හමුවෙමු... 🍃 - Isuru
22/01/2026
යමුද අලිත් එක්ක කැලේ මැදින් සීතල වන්නියට ?
ප්‍රකට ලේඛක ආර්.එල්. ස්පිට්ල් (R.L. Spittel) මහතාගේ අමරණීය කෘතියක් වන "Vanished Trails" හෙවත් "මැකීගිය දඩමං පොත" කියවපු ඕනෑම කෙනෙක් සීතල වන්නියේ අභිරහස් ගැන දන්නවා. අද අපි මේ යන්නේ ඒ පොතේ සඳහන් වන, අදටත් ඝන කැලෑවෙන් වැසී ඇති රහස් ඉසව් කිහිපයක් සොයාගෙනයි
වන අලින් 5-6 දෙනෙකුට මුහුණ දෙමින්, අතිශය දුෂ්කර කාශ්ටක, වගුරු බිම් සහ ඝන වනාන්තර මැදින් කිලෝමීටර් 10ක පමණ පා ගමනකින් පසු අපිට හමු වූ "අලි පැටියාගල" සහ "පිහිල්ලේගොඩ" ගල් ලෙන් වල අසිරිය මේ වීඩියෝවෙන් ඔබට දැකගත හැකියි. මේ ගමන අපිට නිකම්ම Hiking එකක් නෙවෙයි, ඒක ඉතිහාසය සහ සොබාදහම සොයා ගිය ගවේෂණයක් (Expedition).
මෙම ගමනේදී අපිට නිවැරදි මඟ පෙන්වීම ලබා දුන් අපේ ගයිඩ් ආයුවර්ධන මාමා සහ පියල්ට ( +94 74 362 8648 ) මෙන්ම, මා සමඟ එකතු වූ Traveller Anjana සහ View Travel එකේ ධනුෂ්ක මල්ලිටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
ඉතිං මේ ගමනේ සම්පූර්ණ වීඩියෝව පහල ලින්ක් එකේ දාලා තියනවා... 👇
Highlights of the Journey:
📍 Finding clues from "Vanished Trails" by R.L. Spittel
📍 Ali Patiyagala & Pihillegoda Ancient Caves
📍 Encounters with Wild Elephants (Aliyo 5-6)
📍 20KM total Extreme Trekking & Wild Camping in Seethala Vanniya
AI නෙවෙයි මචං... මේ ඇත්තම ලංකාව! 🇱🇰 සෙල්ලම් නෑ මුළු රෑම මරණ බිය දැනුන ඒත් උදේට පෙනුන ඒ පිස්සුම View එක..." 🤯🌤️
ජීවිතේ මටත් අංජනටත්,අලියටත් හමුවූ හොඳම view එක තිබුන තැන.
📍Poonagala - Makaldeniya ( පූනාගල - මකල්දෙනිය )
මුළු රෑම තත්පරයක් තත්පරයක් ගානෙම මරණ බිය දැනුන,
උදේ වෙනකොට මයිල් කෙලින් වෙන පිස්සුම view එකක් සෙට් උන,
හැමෝටම යන්න අමාරු,
බදුලු බණ්ඩාරවෙල අඩවියේ අස්සක් මුල්ලක් නෑරම පේන point එක. 🌿
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒකනම් පිස්ස්සුවක් මචං... 🤯🌤️👌
සම්පුර්ණ වීඩියෝ එකේ ලින්ක් එක පලවෙනි comment එකේ තියනවා. එතනදි ගත්ත RAW photos කීපයකුත් comment box එකේ දාල තියනවා.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matale