Southern Express Cash On Delivery - Currier Service

Southern Express Cash On Delivery - Currier Service

Share

You Select - We collect.

04/04/2025
11/06/2024

මාතර අපිව පුංචි කාලෙට ආයෙමත් අරගෙන යන පින්තූරයක්..

ගම කොහෙද කියලා ඇහුව ගමන් මාතර කියලා අපි කියන්නේ මහ උජාරුවෙන් ඒකේ පොඩි ගැම්මක් තියෙන නිසා.. පොඩ්ඩක් ඉතිං මාතරට එන්න බස් එකක එන්න ඕන ඒකනේ ඇත්තම කතාව අපි ගොඩක් අයගේ.. ඉස්සර පුංචි සංදියේ මොකාක් හරි උවමනාවකට මාතර නගරෙට අම්මා එක්ක හරි තාත්තා එක්ක හරි ආවම තේ එකක් බීලා යමු කිව්වම ඊට වඩා සතුටක් නෑ..

ඒ හැම වෙලාවකම වගේ තාත්තා එක්කරගෙන යන්නේ අද මාතර ගාලු පාරේ Cargils Food City එක තියෙන තැන ඉස්සර Broadway Film Hall එකට අල්ලපු වැටේ තිබ්බ GOB එකට.. ඒක හරි ලස්සන තැනක්.. අදටත් මතකයි ඒ Quality එක මාතර එහෙම නිස්කලංක වටපිටාවක් එක්ක නිදහසේ තේ එකක් බොන්න තැනක් නැති තරම්. සුදු සරමට අත්කොට සුදු කමීසේ යටකරලා කලු බෙල්ට් එකක් බැඳගත්ත වේටර් මහත්වරු එක්කෙනෙක් හෝ දෙන්නෙක් හිටියා මතකයි ආගන්තුක සත්කාර බොහෝම හොඳට දන්න.. වැදගත් විදිහට එන මිනිස්සුන්ට සලකන. මාලු බනිස් සීනි බනිස් වගේ බේකරි කෑම වර්ග ගණනාවක් තිබුනා ලොකු මිලක් නෑනේ ඉස්සර කොහොමත්. තේ එක දෙන කෝප්පේ ඉඳන් තිබුනා පිළිවෙලක් පිරිසිදුකමක්.

කාලයත් එක්කම මේ GOB එක වැහිලා ගියා අද මේ ගොඩනැගිල්ලත් නෑ මයේ හිතේ. ඇත්තම කතාව මේ Quality එක Maintain කරන හරියාකාර මාතර නගරේ මැද තේ එකක් පිළිවෙලකට නිදහසේ බොන්න හෝටලයක් නෑ මම දන්න තරමට.. එකකට එකක් අනෙක් දේවල් හරියන්නේ නෑ.. වටපිටාව හොඳ උනොත් කෑම අවුල් එක්කෝ තේ නෑ මැෂිමේ හැදෙන තේ විතරයි, එක්කෝ ඉන්න වේටර්ලාගේ කියුම් කෙරුම් අවුල්, එක්කෝ ගිණි ගණන්, ඒකයි මේ GOB එකේ අඩුව අදටත් මාතර මිනිස්සුන්ට මහලොකුවට දැනෙන්නේ.

මාතර ඇත්තම කතාව කිව්වොත් "මාතර බත් කඩ" ලෝකේ වටේ ලංකාව වටේ හැමතැනම තිබ්බත් මාතර නගරාසන්නයේ එහෙම හරියාකාරව කන්න බත් කඩයක් නෑනේ අදටත්. උදේ කෑම බැලුවොත් සමහරු දෙන්න පටන්ගන්නේ උදේ 8 - 9 වෙලා. ඒත් උණුවට රසට මාතර ටවුමේ නම් මාතර රහට කන්න තැනක් නෑ.. මාතර ජාමේ බේරගන්න මාතර කෑම රහට කන්න බොන්න තැනක් මෑත කාලයේ අධිවේගී මාර්ගයෙන් එලියට එද්දි ගොඩගම "මාතර කෑම" කියලා අපේ හිතවත් ඉසුරු අයියා කරගෙන යන නිසා ලැජ්ජාවක් නැතුව ඕන කෙනෙක් එක්කන් ඇවිත් ගෙදර වගේ කන්න දෙන්න පුළුවන්.. ඒත් මාතර නගරාසන්නයේ නම් නෑ..

මාතර හෝටල් හිමියන්ට ආයෙත් යන්න පුළුවන් නම් අවුරුදු 10-15 ආපස්සට මේ GOB එකට ඇයි මිනිස්සු මේ තරම් ආදරේ කියලා හොයලා බලලා තමන්ගේ හෝටලේ අඩුපාඩු හදාගන්න.. GOB වගේ වෙන්න බැරි උනත් ආසන්නයටවත් යන්න පුළුවන් වෙයි.

කාටහරි රිදුනානම් අඩුපාඩු හදාගන්න. දැනුනා නම් මතක් උනා නම් දැනුන දේ ලියාගෙන යන්න.. 🥰

- පින්තූරේ දැක්කම පුංචි දුකක් එක්ක හිතිච්ච දේවල් ලියපු මම මාතර එකෙක් ලක්ෂාන් මනුරංග -

20/11/2020

▪ පවත්නා තත්වය හමුවේ ඔබේ පහසුව වෙනුවෙන්ම වඩාත් සමීප සේවාවක් සැපයීමේ අරමුණින් එලඹෙන සති අන්තයේ සිට මාතර පුරවරයේ පාරිබෝගික ඔබ වෙනුවෙන් සේවා සැපයීම ආරම්භ කරනා වග සතුටින් දන්වා සිටින්නෙමු.

▪ අපගේ සේවාවන් ලබා ගැනීමට 070 2 113 114 අපගේ සේවා මධ්‍යස්ථානය අමතන්න..
▪ පලමු පාරිබෝගියන් 100 දෙනා උදෙසා 25% ක වට්ටමක් ලබා දීමට ද අප සූදානම්..

Photos from Southern Express Cash On Delivery - Currier Service's post 19/11/2020

මාතර දිස්ත්‍රික්කයේ ඔබත් කොවිඩ් වසංගතයෙන් අපහසුතාවයට පත්ව සිටින මේ අවස්ථාවේ සෞඛ්‍යාරක්ෂිතව ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් නිවසටම ගෙනැවිත් බරදෙන්නට අප සූදානම්.
තවද උපකාරක පන්ති ගුරු භවතුන්ට තම දරුවනට නිබන්ධන, ප්‍රශ්ණ පත්‍ර පන්ති කාඩ්පත් පවා නිවෙසටම ගොස් බාරදී මුදල් අයකිරීම් වේ නම් එයද වගකීමෙන් ඔබට ගෙනැවිත් බාරදෙන්නට අප සූදානම්..
වෙලඳසැල් හිමියනි ඔබට ලැබෙන භාන්ඩ ඇණවුම් වලට අදාල භාණ්ඩ පාරිබෝගිකයන් අතටම බාරදී මුදල් ගෙනැවිත් දෙන්නටද අප සූදානම්..
මේ සියලුම සේවාවන් අත්විඳින්නට අප සමඟින් එක්වන්න.
කතා කරන්න අපට 0702 113 114

Want your business to be the top-listed Transport Service in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


No. 10/20B
Matara
81000