BMED Laboratory
Blood & urine test
12/10/2022
No 18, jayasumanarama road, kotuwegoda, matara
0412220024
12/10/2022
25/08/2022
දියවැඩියාවෙන් ඔබගෙ දෙපා අරක්ශා කර ගැනිමට උපදෙස්
දිනපතා ඔබගෙ පාද පරික්ෂා කරන්න. එ සදහා අත් කන්නාඩ් යක් පාවිච්චි කරන්න. රතු වීම ඉදිමීම තුවාල වීම ගැන සැලකිලිමත් වෙන්න.
දිනපතා උනුකර නිවාගත් මද උනුසුම් ජලයෙන් දෙපා සෝදන්න. ජලයේ උනුසුම් ගැන සැලකිලිමත් වෙන්න. ස්පොන්ච් කැල්ලක් භාවිතා කර මෘදු ලෙස දෙපා පිරිමදින්න. සේදීමෙන් පසුව දෙපා හොදින් තෙතමාත්තු කරන්න. දෙපාවල ඇගිලි අතර වියලිව තබා ගැනිමෙන් ඇගිලි අතර දිලීර ආසාදන අවම කරගන්න.
දෙපාවල තෙතමනය පවත්වා ගැනිමට සුදුසු ක්‍රීම් එකක් දිනපතාම භාවිතා කරන්න. දියවැඩියා රෝගීන්ටම සැකසූ ක්‍රීම් වර්ග ෆාමසියකියන් මිලදී ගත හැකිය. එමගින් දෙපා කැසීම ඉරිතැලීම් අවම කරයි. ඇගිලි අතර සහ යටිපතුලෙ ආලේප නොකරන්න.
දිනපතා පාද මසාජ් කරන්න. දිනපතා වියයාම කරන්න. (ඇවිදීම / දිවීම /පිහිනීම බයිසිකල් පැදීම )දුම් පානය නවතා දමන්න.
අවස්‍යතාවය අනුව අයිස් හෝ උනුවතුරෙන් තැවීම පරික්ශාකාරි ලෙස කල හකිය.මෙමගින් පාදයෙ රුධිර සංසරනය වැඩි කරයි. පාදයෙ හිරිවැටීම අඩු කරයි.
නිය කැපීමෙදී පරික්ශාකාරි වන්න. නියපොතු ඉතා කොටට නොකපන්න. තිරස් අතට පමණක් කපන්න.
ඔබගෙ තුවාල ගල් තැලුම් කරගැට සදහා ඔබ විසින්ම ප්‍රතිකාර නොකල යුතු අතර වෛද්‍ය උපදෙස් අනිවාර්ය වෙයි.
නිතරම පාවහන් පලදින්න පුරුදු වෙන්න. නිවස තුලද පාවහන් පැලදීමෙන් ඔබගෙ දෙපාවලට සිදුවිය හැකි හානි අවම කර ගත හැකිය. පාවහන් පැලදීමෙන් තොරව නිවසින් පිට ඇවිදීම නොකරන්න.
පාවහන් භාවිතයට පෙර පවහන් පරික්ශා කර බලා පවහන් වල අනතුරු දායක ද්‍රව්‍ය ඇතොත්(ඇන/ ගල් කැට..) එවා ඉවත් කරන්න.
දියවැඩියා රෝගීන් සදහාම නිපදවන පාවහන් භාවිතා කරන්න. එම පාවහන් සකස්කර ඇත්තේ හිරිවැටුනු ඔබෙ පාද වල තුවාල ඇති වීම වැලැක්වීමට සහ තුවාල සහිත නම් ඉකමනින් එම තුවාල සුව වීමට උදවු කිරීමටය.එමගින් අනෙකුත් පාවහන් පැලදීමෙන් ඔබගෙ දෙපාවලට සිදුවිය හැකි හානි අවම කර ගත හැකිය. පාවහන් මිලදී ගත යුත්තෙ සවස් කාලයේදීය. ඔබගෙ පාදයෙ size එකට වඩා එක size එකක් ලොකු පාවහන් මිලදී ගන්න.
උසට සරිලන බර පවත්වා ගන්න.
පිරිසිදු වියලි මේස් භාවිතා කරන්න. දිනපතා සෝදන්න. දියවැඩියා රෝගීන්ට විශේෂයෙන්ම සකස් කරන ලද මේස් පමණක් භාවිතා කරන්න.
වෛද්‍ය උපදෙස් අනුව රාත්‍රි කාලයේදි මේස් භාවිතා කිරිමෙන් පාදයෙ වෙදනාවන් අඩුකර ගත හැකිය.
දුම් පානය ඔබගෙ දෙපාවල රුධිර සංසරනය අඩු කරයි. විටමින් සහිත ආහාර ලබා ගන්න. නියමිත පරිදි බෙහෙත් මාත්‍රා ලබා ගන්න. මානසික සහනයද රෝග පාලනයට ඉතාම අවශ්‍ය බැවින් සුවනින්ද /විවෙකයෙන් සිටිම/භාවනා කිරීම වැදගත් බව මතක තබා ගන්න.
BMED FOOTCARE
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No18, Jayasumanarama Road, Kotuwegoda Matara
Matara
Opening Hours
| Monday | 07:00 - 20:00 |
| Tuesday | 07:00 - 20:00 |
| Wednesday | 07:00 - 20:00 |
| Thursday | 07:00 - 20:00 |
| Friday | 07:00 - 20:00 |
| Saturday | 07:00 - 20:00 |
| Sunday | 07:00 - 20:00 |