Crick 360
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Crick 360, Sports, Matara.
04/01/2022
මට ගොඩාක් ලොකු විශ්වාසයක් තියෙනවා සහ හැමතිස්සෙම විශ්වාස කරනවා අපට ශ්‍රී ලංකාව පරාජය කරන්න පුලුවන් කියලා." සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුත්
සිම්බාබ්වේ කණ්ඩායම එක්දින තරග 3 ක් සදහා සහභාගිවීමට ලබන 10 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි.
මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබා ගැනීම සදහා ICC ය පවත්වනු ලබන සුපර් ලීග් වටයේ තරගාවලියක් ලෙසයි.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගිවීමට පෙර සිම්බාබ්වේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් ද ඇතුළත්ව 28 කු තෝරා ගෙන පුහුණු තරග කිහිපයක් ක්‍රීඩා කරනවා.
එහි පළමු තරගය ඊයේ පැවති බවයි සිම්බාබ්වේ මාධ්‍ය වාර්තා කර තිබුනේ. රෙජිස් චකබ්වා, ෂෝන් විලියම්ස්, මිල්ටන් ෂුම්බා සහ රයන් බර්ල් යන ක්‍රීඩකයින් සිම්බාබ්වේ උතුරු කලාපීය කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.
දකුණු කලාපීය කණ්ඩායමට ක්‍රේග් එර්වින් , සිකන්දර් රාසා යන ක්‍රීඩකයින් ඇතුළත් ව සිටියා.
මේ අතර සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුත් Cricinfo වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ හැකි බව තමන් විශ්වාස කරන බවයි.
එහිදි ඔහු දැක්වු අදහස්
"සෑම තරගයක්ම අපට වැදගත්. මොකද සුපර් ලීග් තරග වලින් තමයි ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සුදානම්වීම වගේම හොදින් තරගාවලිය ආරම්භ කිරීම ද වැදගත්." මට ගොඩාක් ලොකු විශ්වාසයක් තියෙනවා සහ හැමතිස්සෙම විශ්වාස කරනවා අපට ශ්‍රී ලංකාව පරාජය කරන්න පුලුවන් කියලා. මොකද අපි Pro50 තරගාවලියේදි ( සිම්බාබ්වේ හී දේශීය තරග මාලාව ) හොදින් තරග ක්‍රීඩා කළා.
"අපි හොදින් සුපර් ලීග් තරග වටය ආරම්භ කළේ නෑ. නමුත් මට විශ්වාසයක් තිබෙනවා. Pro50 තරගාවලියේදි ( සිම්බාබ්වේ හී දේශීය තරග මාලාව ) ක්‍රීඩකයින් දක්ෂතා අතර සිටීම නිසා ශ්‍රී ලංකාවේදි අපි ( සිම්බාබ්වේ ) හොදින් ක්‍රීඩා කරන්න පුලුවන් වේවි කියලා " අපි අපේ හොදම දක්ෂතා දැක්වුවහොත් අපේ හොදම ක්‍රීඩකයින් එක්ක , අපිට ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබා ගැනීමට හොද අවස්ථාවක් තිබෙනවා. "
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara