Kasun Rajapaksha

Kasun Rajapaksha

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kasun Rajapaksha, Matara.

22/06/2026

මම දන්නේ නැහැ මම මොකක්ද කරන්න ඕන කියලා…

උපදේශනය සඳහා පැමිණෙන බොහෝ දෙනෙක් අවසානයේ කියන්නේ මේ වාක්‍යයයි.

ඔවුන්ට ප්‍රශ්නය නොපෙනෙන නිසා නෙවෙයි.

බොහෝ දෙනෙක් තමන් ඉන්න සම්බන්ධතාවය තමන්ව රිද්දන බව දන්නවා.

තමන් නොසලකා හරින බව දන්නවා.

නැවත නැවතත් එකම වේදනාව අත්විඳින බව දන්නවා.

නමුත්…

ඊළඟට ගත යුතු පියවර මොකක්ද කියලා තේරෙන්නේ නැහැ.

යන්නද?

ඉන්නද?

තවත් උත්සාහ කරන්නද?

නැත්නම් අත්හැරිය යුතුද?

මේ වගේ අවස්ථාවලදී මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ උපදෙස් දෙන කෙනෙක් නෙවෙයි.

තමන්ගේ කතාව ගැඹුරින් සවන් දෙන කෙනෙක්.

තමන්ටම නොපෙනෙන රටා හඳුනාගන්න උදව් කරන කෙනෙක්.

තීරණ ගන්න බල කරන කෙනෙක් නොවෙයි.

තමන්ගේම තීරණය පැහැදිලිව දකින්න උදව් කරන කෙනෙක්.

සමහර වෙලාවට සම්බන්ධතාවයක ප්‍රශ්නය ඇත්තේ අනෙක් පුද්ගලයා තුළම නෙවෙයි.

අපි නැවත නැවතත් සොයන දේ තුළ.

අපි අල්ලාගෙන ඉන්න බලාපොරොත්තුව තුළ.

අපි තවමත් පිළිතුරු සොයන පැරණි වේදනාවක් තුළ.

ඒ නිසාම මනෝ උපදේශනය යනු ඔබට කුමක් කළ යුතුද කියා දීමක් නොවේ.

ඔබගේ සම්බන්ධතාවය, ඔබගේ හැඟීම්, ඔබගේ බිය සහ ඔබගේ තේරීම් පැහැදිලිව දැකගැනීමට උපකාර වන ආරක්ෂිත අවකාශයකි.

ඔබ සම්බන්ධතාවයක අතරමං වී සිටිනවා නම්…

ඔබ නැවත නැවතත් එකම වේදනාව අත්විඳිනවා නම්…

ඔබට ඇත්තටම සිදු වෙන්නේ කුමක්ද කියා තේරුම් ගැනීමට අවශ්‍ය නම්…

සමහරවිට ඔබට අවශ්‍ය වන්නේ තවත් උපදෙසක් නොවෙන්න පුළුවන්.

ඔබගේ කතාව ගැඹුරින් සවන් දිය හැකි වෘත්තිකයෙකු සමඟ සංවාදයක් විය හැකිය.

ඔබගේ සම්බන්ධතාවයේ ගැටලු, රිදවීම්, බැඳීම් සහ නැවත නැවතත් සිදු වන රටා තේරුම් ගැනීමට වෘත්තීය මනෝ උපදේශන සහාය ලබා ගත හැකිය.

📞 වේලාවක් වෙන් කර ගැනීම සඳහා

071 744 0727
076 075 0727 (WhatsApp)

https://wa.link/hyen23

Psychological Counselor
Kasun Rajapaksha






@

11/06/2026

බිඳුණු සබඳතාවයකින් පසු මනස ගමන් කරන ශෝකයේ අදියර පහ (05)..

සබඳතාවක් අවසන් වීම යනු හුදෙක් පුද්ගලයෙකු අහිමි වීමක් නොව, අපේ බලාපොරොත්තු සහ ලෝකයම කඩා වැටීමකි. මනෝ විද්‍යාඥ Elisabeth KublerRoss ට අනුව, එවැනි අවස්ථාවක අපේ මනස ප්‍රධාන අදියර පහක් හරහා ගමන් කරයි.

1. ප්‍රතික්ෂේප කිරීම (Denial)

😳නැහැ, මේක වෙන්න බැහැ. එයා ආයෙත් එයි.

මෙහිදී මනස සිදුවූ දේ පිළිගැනීමට සූදානම් නැත. මෙය මොළය විසින් වේදනාවෙන් ආරක්ෂා වීමට දමන තාවකාලික වැටකි..

👆සිරවී සිටියහොත්..

යථාර්ථයෙන් බැහැරව ජීවත් වීම නිසා කාලය නාස්ති වීම සහ මානසික පීඩනය තවදුරටත් දික්ගැස්සීම සිදුවේ.

2. කෝපය (Anger)

😤ඇයි එයා මට මෙහෙම කළේ? මම මේකට පළිගන්නවා.
වේදනාව පිටතට එන්නේ කෝපය ලෙසිනි. තමන්ට, සහකරුට හෝ තමන් අදහන දෙවියන්ට පවා මෙහිදී දොස් පවරයි.

👆සිරවී සිටියහොත්..

ඉහත තත්ත්වය නිසා Pathological Revenge (රෝගී පළිගැනීම) ඇති වන්නේ මෙතැනදීය. තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නවා වෙනුවට අනෙකා විනාශ කිරීමට කාලය වැය කිරීම නිසා පුද්ගලයා ප්‍රචණ්ඩකාරී විය හැකිය.

මම ඔබට යෝජනා කරනවා The Ex ඉංග්‍රීසි චිත්‍රපටය නරඹන ලෙස.. මේ තත්ත්වය තේරුම් ගැනීමට එය ඉතාමත් හොද පිටුවහලක් වනු ඇත..

3. තීරණ වෙනස් කිරීමට උත්සාහ කිරීම (Bargaining)

😓මම මාව වෙනස් කරගන්නම්, අනේ ප්ලීස් ආයෙත් එන්න. මම ඔයා කියන ඕනම දෙයක් කරන්නම්..

මෙහිදී පුද්ගලයා ඔහුට/ඇයට විවිධ පොරොන්දු දෙමින් හෝ යම් යම් දේ පූජා කරමින් සබඳතාව බේරා ගැනීමට අසරණ උත්සාහයක නිරත වේ.

සිරවී සිටියහොත්...

අවසානයේ තමන්ගේ ආත්ම අභිමානය (Self-esteem) සම්පූර්ණයෙන්ම පාවා දීමට පෙළඹේ.

4. දැඩි පසුතැවීම / විෂාදය (Depression)

🥲මට දැන් ඉදලා වැඩක් නැහැ. කාටවත් මාව ඕන නැහැ.
සිදුවූ අහිමි වීම ගැන දැඩි ලෙස වැටහෙන අවස්ථාව මෙයයි. අධික තනිකමක් සහ හිස් බවක් දැනේ.

👆සිරවී සිටියහොත්..

මෙය සායනික විෂාදය (Clinical Depression) දක්වා වර්ධනය විය හැකි අතර, ජීවිතය ගැන කලකිරීම ඇති වේ.

5. පිළිගැනීම (Acceptance)

🫡එයා දැන් මගේ ජීවිතේ නැහැ. මම මගේ ගමන යන්න ඕන.
මෙය සතුටින් සිටීමක් නොවේ. නමුත් යථාර්ථය පිළිගෙන, වේදනාව සමඟ ජීවත් වීමට හිත හදා ගැනීමයි.

🫂ඉහත කුමන හෝ අදියරක සිරවී සිටීම (Getting Stuck) යනු කුමක්ද?

මනෝවිද්‍යාත්මකව මෙය Complicated Grief ලෙස හඳුන්වයි. යමෙකු මාස ගණනාවක් හෝ වසර ගණනාවක් ඉහත කී පළමු අදියර හතරෙන් එකක සිරවී සිටී නම්..

😓චිත්තවේගීය අංශභාගය..

අලුත් සබඳතාවලට හෝ සතුටට ඉඩක් නැති වීම.

😓සෞඛ්‍ය ගැටලු..

නින්ද නොයාම, ආහාර රුචිය නැතිවීම සහ ප්‍රතිශක්තිය දුර්වල වීම.

😓සමාජීය දුරස්ථභාවය..

මිතුරන් සහ පවුලේ අයගෙන් ඈත් වී හුදෙකලා වීම.

😖වැදගත් අවදානම..
ශෝකය ඇන්හිඩෝනියාව දක්වා වර්ධනය විය හැකිද?

ඔබ මේ කුමන හෝ අදියරක සිරවී සිටින විට, ඔබේ මොළය නිරන්තරයෙන්ම පවතින්නේ අධික පීඩනයක. මේ පීඩනය දරාගත නොහැකි වූ තැන මොළය විසින් ඔබේ සියලු හැඟීම් ක්‍රියා විරහිත කර දමයි. එවිට ඔබට සතුටක් පමණක් නොව, වේදනාවක් පවා නොදැනෙන හිස් බවක් දැනෙන්නට පටන් ගනී.

ඔබ සබඳතාවක් බිඳුණු අලුත වේදනාවෙන් ඇඬුවා විය හැකියි. නමුත් දැන් ඔබට හැඬීමටවත් පණක් නැති, කිසිදු දෙයකින් සතුටක් නොලැබෙන මළානික බවක් දැනෙනවා නම්, ඔබ ශෝකය ඉක්මවා ගිය ඇන්හිඩෝනියා (Anhedonia) තත්ත්වයට ගොදුරු වී සිටිය හැකියි.

පසු සටහන...

ඔබත් තවමත් අතීතයේ කෝපය හෝ පසුතැවීම තුළ සිරවී සිටිනවාද? මතක තබා ගන්න, සුව වීමේ ගමන එකිනෙකාට වෙනස්ය. නමුත් ඔබ එකම තැනක සිරවී සිටින බව දැනේ නම්, එයින් මිදීමට වෘත්තීය උපදේශනය (Counseling) අත්‍යවශ්‍ය වේ.

ඉතින් මේ අදියර පහෙන් ඔබ කුමන තත්වයකද පසු වන්නේ පහළින් අදහස් දක්වන්න.....

Psychological Counselor
Kasun Rajapaksha.
fans

Want your practice to be the top-listed Clinic in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Matara