RUniMemo

RUniMemo

Share

දකුණු රට සුන්දරම සරසවි මෑණියෝ...❤️🍃🌊🦚🌸

06/07/2026

රිද්ම යාත්‍රා...❤️

04/07/2026

රුහුණ සරසවි මෑණියෝ දිව්‍යවිමානයක්...🥹❤️

02/07/2026

සිව් වසරක රුහුණෙ මතක...🥹❤️
යන්නෙ කොහොමද මේක දාලා...⁉️

01/07/2026

අනෝතත්ත විල නෙළුම...❤️
සුනිල් සරත් පෙරේරා...අභිනන්දන උළෙල

30/06/2026

කැම්පස් ජීවිතේ මේවා සුන්දර මතක...🫂❤️🛵
එක හෙල්මට් එකයි...එක බයික් එකයි...🌝👣

28/06/2026

රුහුණෙ t-shirt එක ඇඳගෙන...wrist band එක අතේ දාගෙන යද්දි තියෙන හැඟීම...වචනෙන් කියන්න බෑ...🥹❤️

28/06/2026

මාතර...🥹❤️
ලස්සන වර්ණ රටා ඇති අහස දුටුවන්ගේ සිත් වර්ණවත් කරයි...

24/06/2026

මුහුදු රළ සිප
සිටින අපේ මේ පුංචි තැන...
පොදු තැනත් හෝසෙට
තෙමෙනවා...
අදත් එලෙසම

එක පැයකි විවේකට
මීටර් ගණන් දිග
පෝලිම...

කැන්ටිමේ එකෙක් නැති නිසා
බඩගින්නෙම...
ලෙක්චර්ස් ගිය

ගැස්ට්‍රික්, මිග්‍රේන් ,වෛරස
තිබුණත් එමට...
යන්නට වුණා හනිකට
අදත් ලෙක්චර්ස්
එකට...

නොතිබුනා නම්
80 ත් සියයට...
වඳින් නැ MC එක ළඟ
දෙකට...

සමාවෙන්න අම්මේ ....❗

මෙහෙම ආවට ගෙදර
පෙට්ටියක .........🥀😢🥀

✍️....දුමිදු මදුරංග ....✍️

Copied....

24/06/2026

රුහුණ විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ 46 ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ, මාතර දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටි අපේ සහෝදර සරසවි සිසුවිය, සදලි තාරකා ඩෙංගු මාරයා විසින් අපෙන් උදුරාගෙන ඇත.

ඇය ඇගේ යහළුවන් හා හුවමාරු කරගත් කෙටි පණිවිඩයක සදහන් වන්නේ මන් නොමැරී හිටියොත් ඔයාලව බලන්න නැවත එන්නම් යනුවෙනි.

නමුත් ඇය නැවත කිසිදා නොඑනු ඇත.නමුත් ඇයගේ මතකයන් තවත් බොහෝ කාලයක් සරසවි බිමෙන් අතුරුදන් නොවනු ඇත.

මෙය සිතන්නට යමක් ඉතිරි කළ මරණයකි.අද මේ මොහොතවන විට බස්නාහිර පලාත කේන්ද්‍ර කොටගත් බොහෝ පලාත්වල ඩෙංගු රෝගය ඉතා වේගයෙන් ව්‍යාප්තව යයි.රෝගීන් ප්‍රමාණයද දිනෙන් දින ඉහළ ගොස් රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරී යයි.

මෙය තවත් කොරෝනාවක් නොවිය යුතුයි.
තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම තමන් සතු මානවීය වගකීමකි.

රට කරවන උදවියද රටේ මේ ව්‍යසනය දෙස තවදුරටත් උනන්දු වේ යයි අපි බලාපොරොත්තු දල්වා සිටිමු.

සහෝයුරියනි, ඔබට අජරාමර නිවන් සුව අත්වේවා! 😔💔🙏

Want your university to be the top-listed University in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matara