Citrus Web Solutions

Citrus Web Solutions

Share

Is Your Business Still Offline ? Let's Connect It To The World! පහසු මිලට නිර? Our team builds highly effective responsive websites.

Photos 28/11/2016

වර්ථමානයේ ජංගම දුරකතනයක් නොමැති පුද්ගලයෙකු සොයාගත නොහැකි තරම්. එයිනුත් දැන් බොහෝ දෙනා අතර Smart ජංගම දුරකතන භාවිතය බහුලව දක්නට තිබේ.

කෙසේ වෙතත් ජංගම දුරකතන භාවිතය පිළිබඳව සමාජයේ බොහෝ මිත්‍යා මත ප්‍රචලිත වී තිබේ. "දුරකතනය Charge වන විට භාවිතා කරන්න එපා", "මුලු රෑ පුරාම Charge එකට ගහල තියන්න එපා." වගේ මත මිනිසුන් විසින් නිර්මාණය කරගත් නීතී වන අතර ඒවායේ සැබෑ පදනමක් නොමැති බව තාක්ශනිකව ඔප්පු වී තිබේ.

ජංගම දුරකතන බැටරි, විශේෂයෙන්ම Smart ජංගම දුරකතන බැටරි, කාලයක් තිස්සේ අතිශය තාක්ශනික දියුණුවකට පත්ව තිබෙන අතර අඩු වශයෙන් දැනට බොහෝ දුරකතන වල භාවිතා වන lithium-ion වර්ගයේ බැටරි අඩුම වශයෙන් වසර 5ක් වත් භාවිතා කල හැකි ලෙස නිර්මාණය කර තිබේ.

දුරකතන බැටරි භාවිතයේදී ඔබ සැළකිය යුතු වැදගත් කරුණු කිහිපයක් තිබුනත්, මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ සමාජයේ දැනට ප්‍රචලිත, ඔබ වැදගත් කොට සැළකිය යුතු නොවන කරුණු කිහිපයකි.

වැදගත්: මෙම කරුණු බලපාන්නේ ඔබගේ ජංගම දුරකතනයේ තිබෙන්නේ Original බැටරියක් හෝ මනා ප්‍රමිතියකට නිර්මාණය කර ඇති බැටරියක් නම් පමණි.

[01] දුරකතනය මුළු රෑ පුරාම Charge කරන්න එපා.

අපි හැමෝම මේ කතාව අහල තියෙනවා. බොහෝ විට මේ මතය මතූ වී තිබෙන්නේ, ජංගම දුරකතන ප්‍රචලිත වූ මුල් කාලයේදී බවට සැකයක් නැත. නමුත් සත්‍ය නම්, ඔබගේ Smart ජංගම දුරකතනය මුලු ‍රැයක් පුරාවට Charge එකට ගසා තිබුනාට කිසිම ගැටළුවක් නැත. මන්ද ඔබ සිතනවාට වඩා ඔබගේ ජංගම දුරකතනය නුවණක්කාර බැවිනි.

Smart ජංගම දුරකතන වල තාක්ෂණය නිර්මාණය කොට ඇත්තේ, ඔබගේ දුරකතනය සම්පූර්ණයෙන්ම Charge වූ විට බැටරිය Charge වීම නවතින ආකාරයෙනුයි. එනම් ඔබ දුරකතනය විදුලියට සම්බන්ධ කොට තැබුවත්, බැටරිය සම්පූර්ණයෙන් Charge වී ඇත්නම් බැටරිය භාවිතා නොවේ.

සරලවම පැවසුවහොත් ඔබගේ බැටරිය "Overcharge" කළාට කිසිදු ගැටළුවක් නැත. නමුත්, ඔබ සැළකිය යුතු කරුණක් තිබේ. එනම් ඔබගේ ජංගම දුරකතනය Charge වීමට තබන ස්ථානය පිළිබඳවයි. කිසිදු අයුරකින් උණුසුම් බව වැඩි ස්ථානයක ජංගම දුරකතනය Charge වීමට නොතබන්න. මන්ද OverHeat එනම් වැඩි උණුසුම ඔබගේ බැටරියට හානිදායක වේ.

[02] Port එක හරි නම් ඕන Charger එකකින් Charge කළාට කමක් නැත.

බොහෝ දෙනෙක් මුදල් වාසි තකා හෝ පහසුව තකා, තමන් ලඟ ඇති වෙනත් Charger එකක් දුරකතන Charge කිරීමට භාවිතා කිරීම සුලබව දක්නට ඇති දෙයක්.

නමුත් එසේ කිරීමෙන් කාලයත් සමඟ ඔබගේ බැටරියට මෙන්ම දුරකතනයටද හානි ගෙන දේ. මන්ද එක් එක් දුරකතන වල Charger නිර්මාණය කරන්නේ අදාල ජංගම දුරකතනයට ගැලපෙන සහ අවශ්‍ය කරන විදුලිබලය ප්‍රේරණය කොට ලබාදීමටයි. Port එක සමාන වූවත් එක් දුරකතනයක Charger එකක් තවත් දුරකතනයකට නොගැලපෙන්නේ ඒ නිසයි. මෙහිදී එකම දුරකතන මාදිලියේ charger එකක් එම මාදිලියේම වෙනත් දුරකතනයකට භාවිතා කිරීම එතරම් ගැටළුවක් නොවේ.

විශේෂයෙන්ම Chinese වර්ගයේ Charger භාවිතය නම් ඔබ අනිවාර්‍යයෙන්ම වැලකිය යුතු කරුණක්. මන්ද විශේශඥයින්ම පවසන පරිදි, “not built with safety in mind.”, එනම් ආරක්ෂාව පිළිබඳව එතරම් තැකීමක් නොකරමිනුයි මෙම අඩු මිල බාල තත්වයේ Charger නිර්මාණය කරන්නේ. ඒවායින් ඔබේ දුරකතනයේ බැටරි ආයු කාලය ඉතා වේගයෙන් අඩු කරයි.

[03] දුරකතනය Charge කිරීමට බැටරිය සම්පූර්ණයෙන් අඩාල වනතුරු සිටින්න.

ඔබගේ ජංගම දුරකතනය ආරෝපණය කිරීමට බැටරි බලය 0% දක්වා අඩාල වන තුරු සිටීම සැබවින්ම විහිළුවට කරුණක්. ඇත්ත වශයෙන්ම වන්නේ ඔබ එසේ කිරීමෙන් බැටරියේ ආයු කාලය අඩු වීමකුයි.

ජංගම දුරකතන විශේෂඥ කතිකාවතකදී එක් මහත්මයෙකු පැවසූ පරිදි, ඔබ ඔබගේ දුරකතන බැටරිය අවම 40% හෝ 50% තත්වයේ නිතරම පවත්වාගැනීමෙන් බැටරිය වඩාත් කාර්යක්ශම වේ. බැටරි බලය 0% තෙක් අඩු වන තුරු නොසිට, ඔබගේ උපකරණ නිතරම Charge කර තබාගන්න.

[04] දුරකතනය OFF කිරීම අවශ්‍යම නෑ

බොහෝ විට ඔබගේ දුරකතනය Power off කිරීම ඔබට කරදරයක් සේ හැ‍ඟෙන්නට පුලුවන්. නමුත් විශේෂඥයන්ගේ මතය නම්, ඔබට ඔබගේ දුරකතනයේ උපාංග මෙන්ම බැටරියේද ආයු කාලය ‍රැක ගැනීමට සහ කාර්යක්ශමව ක්‍රියා කිරීමට නම් යම් කාලයක් අතර තුර දුරකතනය Power OFF කල යුතු බවයි.

මෙහිදී ඔබ දිනපතා දුරකතන ON/OFF කළ යුතු යැයි නියමයක් නොවූවද සතියකට වරක් හෝ මනා ආකාරයෙන් ඔබගේ දුරකතනය Power OFF කළ යුතු බව සැළකේ.

[05] දුරකතනය විදුලියට සම්බන්ධ කල ඇති විට භාවිතා කරන්න එපා

"ඔබ ඔබේ දුරකතනයට ලබාදුන් Charger එක හෝ, ඔබගේ දුරකතනයට අනුමත Original charger එකක් භාවිතා කරන තුරාවට ඔබ කොතරම් වෙලාවක් විදුලියට සම්බන්ධ කොට දුරකතනය භාවිතා කලත් ගැටළුවක් නැත."

විදුලියට සම්බන්ධ කර තිබියදී දුරකතනය භාවිතා කරන්නට එපා යැයි මුල් වරට මතය මතු වූයේ, 2013 වසරේදී චීන ගුවන් සේවිකාවක් ඇපල් අයි ෆෝන් දුරකතනයක් charge කරමින් තිබියදී භාවිතා කොට විදුලි කාන්දුවකින් මිය යාමේ සිද්ධියත් සමගයි. කෙසේ වෙතත් ඒ සිදුවීමට සෑබෑ හේතුව පසුව හෙලිදරව් වූයේ ඇය iPhone දුරකතනයට භාවිතා කොට තිබෙන්නේ බාල තත්වයේ Charger එකක් බවයි. [එම ලිපිය මෙතනින්]

ඔබ භාවිතා කරන්නේ නිශ්පාදිතයා අනුමත කරන ලද නියම තත්වයේ Original charger එකක් නම් ඔබ කැමති ආකාරයෙන් ඔබගේ දුරකතනය භාවිතා කල හැකියි.

BONUS

නිතරම ඔබගේ ජංගම දුරකතනය උණුසුම් ස්ථාන වලින් ඈත් කොට තබන්න. හැකිතාක් සිසිල් ස්ථානයක ඔබගේ දුරකතනය සහ බැටරිය තැබීමෙන් ඒවායේ ආයු කාලය ‍රැකගත හැකියි.

විශේෂයෙන්ම ඔබ අමතර බැටරි ලඟ තබාගන්නේ නම් එවා, බෑග් වල හෝ එවැනි උණුසුම් වන ස්ථානවල නොතබා මේසයක් මත හෝ එවැනි විවෘත ස්ථානයක තබන්න. බොහෝ විට ඔබගේ බැටරි ඉදිමුම් වලට ලක් වන්නේ අදික උශ්ණත්වයක් හෝ තෙරපුමක් බැටරිය වෙත එල්ල වීමෙනි.

තවත් මෙවැනි වටිනා ලිපි කියවීමට එකතු වන්න අප සමග. Like කරන්න අපගේ පිටුවට. මිතුරන්ටත් බැලීමට share කරන්න.
www.facebook.cim/citruswebsolutions

Want your business to be the top-listed Advertising & Marketing Company in Matugama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Pinnagahawaththa, Iththapana
Matugama
12116