SLBoS.com
Free Online store and Free Advertising syatem for everyone..
���������
�� We are in a business of making you rich. ��
30/12/2023
ඔබ,
💫 ඊර්ෂ්‍යාවට ලක්විය යුතුය.
💫 විවේචනයට ලක්විය යුතුය.
💫 පරාජය විය යුතුය.
💫 ගැරහීමට ලක්විය යුතුය.
💫 රැවටීම වලට භාජනය විය යුතුය.
💫 වංචාකාරයන්ට අසුවිය යුතුය.
💫 බාධාවන් එල්ලවිය යුතුය.
💫 නින්දා අපහාස වලට ලක්විය යුතුය.
💫 චෝදනා එල්ලවිය යුතුය.
💫 තනි විය යුතුය.
💫 කොන්විය යුතුය.
💫 කටුක අත්දැකීම් ලැබිය යුතුය.
💫 ජිවිතේ අමාරුම කාලවල් පැමිණිය යුතුය.
💫 වැරදි මිතුරන් සිටිය යුතුය.
💫 ව්‍යාජ,වංක බැදීම් හමුවිය යුතුය.
💫 දෙපැත්ත කොටවන්නන් මුණගැසිය යුතුය.
💫 උගුල් අටවන්නන් සිටිය යුතුය.
💫 විස පිරුණු මිනිසුන් මුණගැසිය යුතුය..
ඔබගේ ගමනාන්තය ජයග්‍රාහී 🎖️ 🏆 සුන්දර මාවතක් වන්නේ ඒ සියල්ලගේම එකතුවෙන් "ඔබ" නිර්මාණය වන විටය...🫶🏾
27/08/2022
ඇඳක් නිසා සක්විති රජ වෙලා නිවන් දකින්නත් පුලුවන්..කැමති නං නිරයේ යන්නත් පුලුවන්..
=======================================ධර්මය නොදන්නා කම නිසාම අපේ බෞද්ධයෝ සෑහෙන පව් රැස් කර ගන්නවා.. බුදු රජාණන් වහන්සේට හරි සංඝයාට හරි මොනවා හරි පූජා කරලා තියෙනවා දැක්කම,
වලිගේ ගිණි ගත්ත හනුමන්තා වගේ බුකිය වටේ පත්තු කර කර යනවා..
බුදුරජාණන් වහන්සේට ඇඳක් පූජා කරලා සක්විති රජ කෙනෙකුත් වෙලා, ගෞතම බුදු සසුනේ නිවන් දැකපු රහතන් වහන්සේ නමක් වැඩ හිටියා.. උන් වහන්සේ පෙර ජිවිතේ ඇඳක් පූජා කරපු නිසාම මේ ජිවිතේ නම වැටුනේ "සයනදායක" මහ රහතන් වහන්සේ කියලයි.. සිංහලෙන් කිව්වොත් ඇඳක් දන් දීපු මහා රහතන් වහන්සේ කියලයි..
මේ කතාව තියෙන්නේ ඛුද්ධනිකායේ- ආපදාන පාළි කියන උතුම් ග්‍රන්ථ රත්නයේය..
රහතන් වහන්සේලාගේ පෙර ජිවිතේ කරපු පිං හරි අපූරුවට මේ ග්‍රන්ථයේ ලියවිලා තියෙනවා.. ඒ වගේම ථේර ගාථා අට්ඨකතාවෙත් ඒ අසිරිමත් මහා රහතන් වහන්සේලාගේ අසිරිමත් පෙර ජිවිත විස්තර වෙනවා.. බෞද්ධයෝ උනාම මේවා කියවන්න ඔනී.. තමන් අදහන ආගමේ හෝ දර්ශනයේ තියෙන්නේ මොනාද කියලා ඉගෙන ගන්න ඔනි..නැත්තං සසර පුරා පැටලි පැටලි යන්න තමයි වෙන්නේ..
මේ තියෙන්නේ "සයනදායක" මහරහතන් වහන්සේගේ පෙර ජිවිතයේ අසිරිමත් කතා පුවතයි..
===============================
තාදී ගුණ ඇති, මෛත්‍රී සිත් ඇති සිද්‍ධාර්ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට, ඇතිරි ආදී භාණ්ඩයන්ගෙන් අතුරණ ලද උතුම් සයනයක් (ඇඳක්) මා විසින් පූජා කරන ලදී.
“භාග්‍යවතුන් වහන්සේ එම සයන පූජාව පිළිගත් සේක. පස්මරුන් දිනූ බුදුරජාණන් වහන්සේ එම අසුනින් නැගිට අහසට නැගුනේය.
“මම මින් කල්ප අනූ හතරකට පෙර යම් සයනයක් (ඇඳක්) පූජා කල හෙයින්, දුගතියක් නොදැක්කෙමි..
මේ සයන දානයේ විපාකයයි.
“මින් කල්ප පනස් එකකට පෙර සත්රුවණින් යුත් මහා බල ඇති වරුණදේව නම් සක්විති රජෙක් වීමි.මේ සයන දානයේ විපාකයයි.
“ගෞතම බුදු සසුනේ..
මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මේ අයුරින් ආයුෂ්මත් සයනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
====================================
අපේ නාමික බෞද්ධයෝ මේ කතා කියෙව්වනං අද ඇඳක් අල්ලන් ඇදක් හොයන එකක් නෑ..
ධර්මය නොදන්නා කම නිසාම බුද්ධ පූජාවට ගරහලා ආත්ම ගානකට පව් පුරවගන්නවා..
ගණිකාව කියලා කියපු වචනේ නිසාම අම්බපාලි සසර පුරා ගණිකාවක් උනා..එහෙව් එකේ කැප බුද්ධ පූජාවකට ගරහලා වචනේ වරද්දගෙන කල්ප ගණන් දුක් විඳින කෙනෙක් වෙන්න එපා...
නමෝ බුද්ධාය!
උපුටා ගැනීමකි.
cvbvbvnn 368
bxnzcvzxnbbbbbbcvbzxcvzx 368
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Dhakshinarama Road
Mount Lavinia
10370