Friday

Friday

Share

Friday is not just a day. its a emotion. lets share the happiness.
💜️✒️

05/02/2024

කැඩෙන්න බිදෙන්න අයිතිය ඔයාට තියෙනව..!

මේක ඔයාගේ ජීවිතය. මේක ඇතුළෙ කරන්නේ මොනවද කියන එක ඔයාටම අයිති සුවිශේෂී අයිතියක්.!
මිනිස්සු විදිහට අපි හැමදාම අලුත් අත්දැකීම් වලට මුහුණ දෙනව. ඒ සමහරක් අත්දැකීම් අපිව මෙච්චර කාලෙකට අපි අත් නොවිදපු සුන්දර - අසුන්දරකම් අතර විදීම් වලට ගෙනයනව.

ඒව අපිව කොච්චර සොම්නස් කළත් හැගීම්බර කළත් ඔයාගේ හිතට ඒ පිරුණු හැගීම මේ ලෝකේ මනුස්සයෙක් මීට කලින් විදපු නැති Unique හැගීමක්. ඒ මොනදේ කොහොම වුනත් ඔයා ඉන්නේ මනුස්ස ප්‍රාණියෙක් මේ ලොකේ මුහුණදුන්න අවාසනාවනත්ම තත්වයේ වත් හොදම තත්වයේවත් නෙමෙයි කියල ඔයා දන්නව.

මිනිස්සු විදිහට අපේ Range එක මීට වඩා ගොඩක් වැඩියි...!

ඇත්තටම කිව්වොත් අපි අපේ අතීතයේ මීට වඩා දරුණු දේට මුහුණ දීලා ඇති. ඉතින්.! කොච්චර කැඩුනත් බිදුනත් අයෙමත් නැගිටින්න හයිය ඔයාට තියෙනව කියල විශ්වාස කරන්න.! හයිය අරන් නැගිටින්න..!

ලස්සන දවසක් ඔයාල හැමෝටම.! 😊💜️

Photos from Friday's post 30/10/2023

කලු කරපු අහසත්, හැගීමක්..! ❤ ☁ 🌧️

කලු කරපු අහසක් කියන්නේ පොළවට අලුත් බලාපොරොත්තුවක්..!
ගහ වැලට පණ දෙන්න, සාරය ගෙන එන්න,
දාහය නිවන්න..!
කොටින්ම කියනවනම් අලුත් වෙන්න අවස්ථාවක්..!

24/07/2023

💚

18/11/2022

සම්මත..!!!

මිනිස්සු ඉපදෙනව.. පොඩි කාලේ ඉස්කෝලේ යනව.. ඉගෙන ගන්නව..
රස්සාවක් කරනව.. කසාද බදිනව... 🚼 📚 🏫👩‍🎓👩‍🚒👰

බිලියන අටක් වෙච්ච ලෝක ඔලුගෙඩි සංඛ්‍යාවෙන් වැඩි පිරිසක් ඔය උඩ කියපු කාරනා කරන විදිහ, සංස්කෘතිය විදිහට සම්මතය විදිහට, කොටින්ම ලයිෆ් එකේ Format එක Structure එක විදිහට දිගටම පවත්වගෙන යනව..!

ඔබට හම්බවෙලා තියෙන එකම එක ජීවිතයත් ලොකය කියන සම්මත විදිහට ගෙවන්නම ඕනද..? ⁉️️

අනිත් උන් ඉස්කෝලේ යද්දි අපි ඉස්කෝලේ නොයා ගෙදර ඉදන් self study කරල PHD එකක් කරනව වගේ radical තීරණයක් අරගන්න පොඩි කාලේ අපිට බැහැ තමයි.. නමුත් වැඩිහිටියෙක් වුනාට පස්සෙත් "අනිත් අය කරන විදිහට මට අරක කරන්න බැරි වුනා, මේක කරන්න බැරි වුනා.." කියල හිතෙන එකේ ලොකු අවුලක් තියෙනව කියල හිතෙන්නේ නැද්ද..? 🤔🤨😅

අනිත් අය බදින වයසෙන්ම මාත් බදින්න ඔනා කියල නොහිතා,
අල්ලපු ගෙදර එකා වගේ ළමයි දෙන්නයි කාර් එකයි ගෙදරයි වගේ ප්‍රී ඩිසයින්ඩ් ෆෝමැට් එකකට නැතුව වෙනස් විදිහක ජීවිත හුසුමක් අරන් බලන එක කොයි වගේ වෙයිද..?

බහුතරයකට වෙච්ච විදිහට ජීවිතය ඉරි ගහල කාල රාමු දීල කොටු නොකර ජීවිතයට නිදහස දීල බලමුද.? එයා එයාගේ වෙලාවට අපිට මොන වගේ දේවල් දේවිද කියල..??



www.facebook.com/fridayemo
අපිත් එක්ක එකතු වෙලා ඔබේ නිදහස් සිතුවිලි බෙදාගන්න..!

Photos from Friday's post 08/11/2022

🌡️

Photos from Friday's post 31/07/2022

🖤 Hellow kitty 🖤

Photos from Friday's post 21/07/2022

Live life to the fullest.what else can we do better.

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Negombo
11500