SL Social Work
Social Workers change the world
06/05/2026
ඒ පොඩි දරුවා හැමදාම ගැටළු වලට මුහුණ දුන්නා.
පංතියට ප්‍රමාදයි. ගෙදර වැඩ කරන්නේ නැහැ. හැමවිටම අවධානයෙන් හිටියේ නෑ පාසලේ වැඩ එක්ක. 📚
ගුරුවරුන්ගෙන් බොහෝ දෙනා ඔහුට ලේබල් එකක් දාලා ඉවරයි.
“අලසයි.” “ආසාවක් නැහැ.” “ප්‍රශ්නකාරී ළමයෙක්.”
ඒත්… එක් ගුරුවරියක් වෙනස්ව බැලුවා.
ඇය කුඩා දෙයක් දැක්කා.
ඔහු කවදාවත් දවල් කෑම කන්නේ නැහැ. එක දවසක්වත් නැහැ.
එක දවසක ඇය හුඟාක් නිහතමානීව අහුවා,
“ඔයා හොඳින්ද?”
ඔහු “හොඳයි” කියලා. පාඩුවේ බිම බලගෙන හිටියා.
ඊළඟ දවසේ,
ඇය ඔහුගේ මේසය මත කුඩා කෑමක් තැබුවා.ටික වෙලාවක් එය දිහා බලාගෙන ඉදලා
ඔහු අමුතු විදිහට බලලා… කෑවා.
ගුරුවරිය එතනින් පටන් අරන්, පුරුද්දක් විදියට මේ ළමයට කෑම එකක් ගෙනත් දෙන්න ගත්තා.
සතියකට පස්සේ — ඔහු ගෙදර වැඩ කරන්න පටන් ගත්තා.
සති දෙකකට පස්සේ — පංතියට ප්‍රමාද වෙන්නේ නැහැ.
අවසානයේ…
වාර විභාගය එද්දී,
ඔහු පංතියේ වැඩිම ලකුණු ගන්න ළමයින්ගෙන් එක්කෙනෙක් වුණා. 💛
ඇත්තටම… ඔහු අලස නෙවෙයි.
ඔහුට බඩගිනි තිබුණා.
කොහොම වෙයිද කීවොත්…
සමහර වෙලාවට ප්‍රශ්නය හැසිරීම නෙවෙයි,
අපි කවුරුත් බලන්නේ අපිට පේන දේ විතරයි.
ඕනැම කෙනෙක්ට තියනවා තව කෙනෙක්ට කෙලින්ම කියන්න බැරි කතාවක්. පොඩි දෙයකින් ලොකු වෙනසක් කරන්න පුලුවන්නම්, ඔයත් වෙනස් විදියට බලන්න සමජය ගැන.
අපි OM Tv
29/11/2025
මාවිල් ආරු සොරොව්ව හා ජලාශයේ අවදානම් තත්ත්වයක්. ඉවත් වන්නැයි ජනතාවට උපදෙස්. - වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්
13/06/2025
මීට ටික වෙලාවකට කලින් ඊශායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර,න්‍යෂ්ටික පරීක්ෂණාගාර වගේ ස්ථාන රැසක් ඉලක්ක කරලා ප්‍රබල ගුවන් ප්‍රාහාර මාලාවක් එල්ල කරා.මේ ප්‍රහාරයෙන් ඉරාන හමුදා ප්‍රධානියා ( IRGC Chief ) හුසේම් සලාමි සහ ප්‍රධාන න්‍යෂ්ටික විද්‍යාඥයන් දෙදෙනෙක් මියගිහින් කියලා වාර්තා වෙනවා.
ඉරානය පහුගිය දින වල පැවසුවේ ඊශායලයේ න්‍යෂ්ටික බලගාර පිළිබඳ අතිශය රහසිගත තොරතුරු තමන් සතු බවත් තමන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ කඩාකප්පල් වන ප්‍රහාරයක් සිදු කලහොත් නියත වශයෙන්ම තමන් ප්‍රභල ක්ෂණික ප්‍රති ප්‍රහාරයක් සිදු කරන බවයි.මේ වෙද්දිත් ඉරානය සිය ගණනක් බැලැස්ටික් මිසයිල සූදානම් කරමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය සේවා වාර්තා කරනවා.මේ වෙද්දි ඉරාන ප්‍රතිප්‍රාහරයක් අපේක්ෂාවෙන් ඊශායලයේ ඉහළ නිලධාරීන් සියල්ලම වගේ ආරක්ෂිත ස්ථාන වලට ගිහින් තියෙනවා.සියලු ජනතාව ඒ වෙනුවෙන් සූදානම් කරන් යනවා.
පහුගිය දිනවල ඇමරිකාව ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැන කරපු සාකච්ඡා අසාර්ථක උනා.ඉරානට එහිදි තදින්ම පවසලා තිබුණේ ඊශායලය තමන්ගේ න්‍යෂ්ටික අවි අක්‍රීය කරනවා නම් පමණක් තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහන නතර කරනවා කියලා.මේ නිසා එකගතාවයකින් තොරව සාකච්ඡා අවසන් උනා.මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ඊශායලයට අවවාද කරලා තිබුණා කිසිසේත්ම ඉරානයට ප්‍රහාරයක් එල්ල කරන්න එපා කියලා එහෙම උනොත් පාලනය කරගන්න බැරි තත්වයක් සමස්ත කලාපයේ ඇති වෙන්න පුලුවන් කියලා ඔහු ප්‍රකාශ කරා.
ආපසු පෝස්ට් එකකින් අප්ඩේට් එකක් දෙන්නම්.
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Ampara Road
Negombo
91030