St.Anthony's Shrine - Dalupotha
St.Anthony Pray For Us 🙏
31/12/2025
ඔබ සියලු දෙනාට දේවාශිර්වාදය බහුලව පිරි සුබ නව වසරක් වේවා ✝️🤍
30/12/2025
නව වසර දෙවිදුන් පාමුල සිට දෙවිදුන් සමග අරඹන්න ඔබ සැමට ආරාධනා !
ජේසූ පිහිටයි 🤍
29/12/2025
ඔබ සියලුම දෙනාට ස්තූතියි !
ජේසු පිහිටයි 🤍
17/12/2025
දෙසැම්බර් 18 වන දින සුබ අස්න – ශු. මතෙව් 1 : 18 – 24
18 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී, ඔවුන් එක් වන්න පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී.
19 ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය. 20 එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, ”දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්. 21 ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය.
22 මේ සියල්ල සිදුවූයේ සමිඳාණන් වහන්සේ දිවැසිවරයා ලවා කියෙවූ කීම ඉටු වන පිණිස ය. එනම්:
23 ”මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නී ය;
උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,”
යනු ය. ඒ නාමයේ අර්ථය නම්, ”දෙවියන් වහන්සේ අප සමඟ ය” යනුයි.
24 ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස, සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය. 25 එහෙත්, ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමඟ එක් නො වී ය. ඔහු උන් වහන්සේට ජේසුස් යන නාමය තැබී ය.
15/12/2025
ශු.අන්තෝනී මුනිදුනී අප නිසා යාච්ඤා කළ මැනව 🙏❤️
15/12/2025
දෙසැම්බර් 16 වන දින සුබ අස්න – ශු. මතෙව් 21 : 28 – 32
28 තවදුරටත් ජේසුස් වහන්සේ කතා කරමින්, ”ඔබ මේ ගැන කුමක් සිතන්නහු ද? එක් මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ; ඔහු වැඩිමලා ළඟට ගොස්, ‘දරුවා යන්න; අද මිදි වත්තේ වැඩ කරන්නැ’යි කී ය. 29 ඔහු උත්තර දෙමින්, ‘නොයමි’යි කී ය. එහෙත්, පසුව පසුතැවිලි වී වැඩට ගියේ ය. 30 පියා දෙවැන්නා ළඟට ගොස් ඔහුටත් මුලින් කී දේ ම කී ය. ඔහු උත්තර දෙමින්, ‘ස්වාමීනි, යමි’යි කී ය, එහෙත් නොගියේ ය. 31 ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත ඉටු කෙළේ කවරෙක් දැ”යි ඇසූ සේක. ”වැඩිමලා”යි ඔව්හු කී හ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”සැබැවින් ම මම ඔබට කියමි, අයකැමියෝත්, වෙසඟනෝත් ඔබට පළමුවෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පැමිණෙති. 32 මන්ද, ජොහන් ධර්මිෂ්ඨ මාර්ගය පෙන්වන පිණිස ඔබ වෙත ආවේ ය. ඔබ ඔහු විශ්වාස කෙළේ නැත. එහෙත්, අයකැමියෝත් වෙසඟනෝත් ඔහු විශ්වාස කළහ. ඔබ එය දැක ඉන්පසුව වත් ඔහු කෙරෙහි විශ්වාස කරන පිණිස පසුතැවී සිත් හරවා නොගත්තහු ය”යි වදාළ සේක.
15/12/2025
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Negombo
11500
15/12/2025