Ollice Kitchen

Ollice Kitchen

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ollice Kitchen, Candy Store, Nittambuwa.

13/01/2026

චොකලට් වලට අකමැති කෙනෙක් ඉන්නව නම් ඒ බොහොම කලාතුරකින්. ලොකු කුඩා බේදයක් නැතුව චොකලට් වලට මනාප ඕනම කෙනෙක් අනිවාර්යයෙන් චොකලට් කේක් කෑල්ලක් රස බලන්න බෑ කියන්නෙ නෑ. හැබැයි සුපර් සොෆ්ට් මොයිස්ට් චොකලට් කේක් කෑල්ලක් අපිට නිතරම හම්බෙන දෙයක් නෙවෙයි. කඩේකින් ගත්තොත් වියලි පැත්තට බර, ඒ තරම්ම චොකලට් රසකුත් නැති බටර් කේක් වලටම චොකලට් පාට දාපු ගතියක්
දැනෙන කේක් තමා හුඟක් වෙලාවට තියෙන්නෙ. අපි ඉද්දි කඩෙන් මොකටද කන්නෙ කේක්? හදමුද රසම රස සුපර් සොෆ්ට් චොකලට් කේක් එකක් ගෙදරදීම? චොකලට් කේක් එකකට අනිවාර්යයෙන්ම බටර් ෆ්‍රොස්ටින්ග් එකත් එනව. මේ හදන්නෙ එහෙම කේක් එකක්. හදලම රස බලමු නේ…

1. චොකලට් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කප් 2
සීනි කප් 2
එළවළු තෙල් හෝ ඔලිව් තෙල් කප් 1/2
උතුරන වතුර කප් 1
ෆ්‍රෙශ් මිල්ක් කප් 1
කොකෝවා පව්ඩර් කප් 3/4
බේකින් පව්ඩර් තේ හැඳි 2
බේකින් සෝඩා තේ හැඳි 1 1/2 (ආප්ප සෝඩා)
ලුණු තේ හැන්දයි
ක්ෂණික කෝපි කුඩු තේ හැඳි 1
ලොකු බිත්තර දෙකක්
වැනිලා තේ හැඳි 2
පිටි, බේකින් පව්ඩර්, බේකින් සෝඩා, කොකෝවා පව්ඩර් සහ ලුණු එකට මිශ්‍ර කර තුන් වරක් හලාගන්න.
එයට කෝපි කුඩු සහ සීනි එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. එයට කිරි, තෙල්, බිත්තර සහ වැනිලා එක් කර මධ්‍යම වේගයකින් බීට් කරන්න.
හොඳින් මිශ්‍ර වූ පසු උණු වතුර එක් කරමින් ඉතාම අඩු වේගයකින් බීට් කරගන්න.
අඟල් 9 x 9 තැටි දෙකකට හොඳින් බටර් තවරා, තෙල් කඩදාසි දමා කේක් මිශ්‍රණය දෙකට බෙදා දමාගන්න.
සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 30 – 35 අතර කාලයක් බේක් කරගන්න.
2. ෆ්‍රොස්ටිංග් එකට
බටර් කප් 1 1/2
ක්ෂණික කෝපි කුඩු තේ හැඳි 1/2
කොකෝවා පව්ඩර් කප් 1
අයිසින් සීනි කප් 5
ෆ්‍රෙශ් මිල්ක් කප් 1/2
වැනිලා තේ හැඳි 2
කොකෝවා පව්ඩර් සහ අයිසින් සීනි ටික වෙන වෙනම හලාගන්න. බටර් සහ කොකෝවා පව්ඩර් බෝල් එකකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.
කිරි සහ අයිසින් සීනි මාරුවෙන් මාරුවට ටික ටික එක් කරගනිමින් මිශ්‍ර කරගන්න. අවසානයට වැනිලා සහ කෝපි කුඩු එක් කර මිශ්‍ර කරගන්න.
මිශ්‍රණය තද වැඩි නම්, වියලි නම් තව කිරි ස්වල්පයක්ද, දියාරු ගතිය නම් තව අයිසින් සීනි ටිකක්ද එක් කරගන්න.
කේක් දෙකම තැටි වලින් ඉවත් කර නිවෙන්නට හැර සාදාගත් බටර් ක්‍රීම් අයිසින් එකෙන් සැන්ඩ්විච් කර කැමති නම් කේක් එකම බටර් ක්‍රීම් වලින් ආවරණය කරගන්න.
3. බිත්තර නැති චොකලට් කේක්

බිත්තර නොදා කේක් කන අපේ වෙජිටේරියන් කට්ටියත් චොකලට් කේක් කන්න ආස නැතුව නෙවෙයිනෙ. මේ එග්ලස් චොකලට් කේක් රෙසිපි එකක් එහෙම හදන්න කැමති අයට.

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කප් 4 1/2
සීනි කප් 3
කොකෝවා පව්ඩර් කප් 1
එළවලු තෙල් හෝ ඔලිව් තෙල් කප් 1
වතුර කප් 3
බේකින් සෝඩා තේ හැඳි 3 (ආප්ප සෝඩා)
ලුණු තේ හැඳි 1/2
වැනිලා තේ හැඳි 3
වියලි ද්‍රව්‍ය සියල්ල එකට එක් කර හොඳින් කලවම් කරගන්න. එයට තෙල්, වතුර සහ වැනිලා එක් කර බීට් කරගන්න.
බටර් තවරා ඔයිල් පේපර්ස් දමාගත් 9×12 තැටියකට දමා සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක දමා පැයක් බේක් කරගන්න.

13/01/2026

බටර් කේක් recipe හරියටම ඉගෙන ගනිමු...😍

අවශ්‍ය ද්‍රව්‍ය -
(For 1kg butter cake)

බටර් 250g
සීනි 250g
බිත්තර 4
කේක් පිටි 250g
බේකින් පවුඩර් 2tsp
වැනිලා 1tsp
දිය කරගත් කිරි 2tasp

සාදන ආකාරය -
කේක් පිටි හා බේකින් පවුඩර් දමා තුන් වරක් හොදින් හලා ගන්න.සීනී සහ බටර් විනාඩි 20ක් පමණ නොනවත්වා එකම අතට බීට් කරන්න.
බිත්තර එක බැගින් එක් කරමින් හොදින් බීට් කර ගන්න.(කැමති නම් සුදු මදය සහ කහ මදය වෙන වෙනම බීට් කරන්න පුලුවන්. නමුත් ඒකට ටිකක් කාලය යනවා)
හලා ගත් පිටි ටික ටික එක්කරන්න. මේ මොහොතේ අවන් එක මිනිත්තු 10ක් pre heat කර ගන්න. පසුව වැනිලා සහ සාදා ගත් කිරි මිශ්‍රණය ටික ටික එක් කර ගන්න.
හොදින් මිශ්‍ර කරගත් මිශ්‍රණය 160 C° උශ්ණත්වයේ විනාඩි 30ත් 40ත් අතර කාලයක බේක් කර ගන්න.( උපරිම අඩු temperature එකකින් වැඩි කාලයක් bake වෙන්න දාන එක තමා මම අනුමත කරන්නෙ මොකද ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමා උඩ කලු වැඩි වෙලා කේක් එක මැද අමුයි.ඒකට හොදම විසදුමක් තමා 180C°ට නොදා 150C°-165C° temperature එකට bake කරන එක)

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
සැ.යු -

*කේක් පිටි සහ පාන් පිටි කියන්නේ දෙකක්. කේක් පිටි යෙදීමෙන් නියම qualityයට කේක් එක හදාගන්න පුලුවන්.
* Fresh milk දැමීමෙන් වඩාත් රස හා soft කේක් එකක් ලබා ගත හැක.
*Baking powder අඩු වැඩි නොකිරීමට වග බලාගන්න,නැත්තන් කේක් එක පිපෙන්න නැති වෙන්න පුලුවන්.
*මුලු මිශ්‍රණයම එකම අතට පමනක් මිශ්‍ර කල යුතුයි.
*උශ්ණත්ව ප්‍රමාණයන් හා කාලයන් අවන් එකෙන් අවන් එකට වෙනස් වේ.
*කේක් එක bake වෙන කාලයේදී oven එක විවෘත කිරීමෙන් වලකින්න.
* කේක් එක හොදින් නිවීමෙන් පසුව tray එකෙන් ඉවතට ගැනීමට වගබලා ගන්න.

මම හිතනවා ඔයාලා මෙකෙන් පොඩි හරි අදහසක් ගන්න ඇති කියලා🙂

Photos from Ollice Kitchen's post 13/01/2025

Cake for Birthday 🎂

Butter cake 1kg 🧈
Sandwich , covering with Butter icing

To එල්ලක්කල

Thank you so much
Trust us & giving the order.
We hope you enjoyed and taste it ❤

You also can order Cakes for your any special occations. We make it delicious, sanitation & beautifully...

Butter Cakes, Chocolate Cakes, Marble Cakes, Ribbon Cakes, Pol Cakes, Cup Cakes, coffee cake &

Birthday Cakes
Anniversary Cakes
Any theme Cakes

Call or whatsup - 0777-491388 or 071-3321645🤳

Home delivery availeble 🛵🛵🛵

Want your business to be the top-listed Shop in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Nittambuwa