Integrated Design Connection - IDC
Designing smarter futures - IDC delivers expert solutions and advisory across construction, infrastructure, energy, and more. Where innovation meets industry.
13/04/2026
සබ්බේතියෝ විවජ්ජතෝ
සබ්බ රෝගෝ විනස්සතෝ
මාතේ දීඝායු අන්තරායෝ
සුඛි දීඝායු කෝ භවා
120 ට 220ක් අවඩා ආයු බෝ වේවා !!
Best wishes for all sri lankans.... 🙏🙏🙏
28/03/2026
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක, දුර්වල ලෙස සැලසුම් කර ඉදිකර ඇති පළමු මහලේ slab එකේ ශක්තිය පරීක්ෂා කිරීම සඳහා අප විසින් Core cutting සිදු කළ අවස්ථාව.
ඔබගේ ඉදිකිරීම් ව්‍යාපෘති දිගුකාලීන හා ආරක්ෂිතව පවත්වා ගැනීමට, සෑම විට ම වෘත්තීය ඉංජිනේරුවෙකුගේ උපදේශනය හා පරීක්ෂාව යටතේ නිවැරදි සැලසුම් සහ ඉදිකිරීම් සිදුකරන්න.
Need more info? - 0765854440
Thank you for choosing us! ❤️
22/03/2026
Why Your Foundation Matters Most? 🏡️💡
නිවසක් හදනකොට බොහෝ දෙනා බාහිර පෙනුම එක ගැන වැඩි අවධානයක් දෙනවා. නමුත් ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි Foundation එක. බොහෝ දෙනා මේ ගැන නොදැනුවත්. ඔබේ ඉඩමේ පසෙහි තත්ත්වය නිවස ශක්තිමත්ද නැද්ද කියලා තීරණය කරනවා.
පුරවන ලද (Filled lands) හෝ කුඹුරු ආශ්‍රිත ඉඩම් වල පස්, ගොඩක් දුරට අධික බර දරාගන්න තරම් ශක්තිමත් නෑ.. හරි විදිහට පරීක්ෂා නොකර Foundation එක දැම්මොත්, කාලයක් යද්දී බිත්ති කැඩීම්, Foundation එක අස්ථිර වීම වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඉදිකිරීම ආරම්භ කරන්න කලින් අඩුම තරමින් මූලික Soil Check එකක්වත් කරන්න. ඉන් පසුව තමයි Foundation එක design කරන්න ඕනේ.
තව පොදු වැරැද්දක් තමයි Foundation එකේ වියදම් අඩු කරන්න උත්සාහ කරන එක. Foundation එක කියන්නේ නිවසේ ශක්තිය. ඒ නිසා ඒ ගැන අඩු තක්සේරු කරන එක අවදානම්. පස්සේ Repair කරන්න යන වියදම ආරම්භයේ ඉතිරි කරපු මුදලට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්.
නිවසේ Drainage එකත් ඉතා වැදගත්. වැසි කාලේදී වතුර Foundation එක වටා එකතු වුණොත් පස් දුර්වල වෙනවා. සරල Slope එකක් / Side Drain එකක් දාගත්තොත් නිවස දිගුකාලීනව ආරක්ෂා කරගන්න පුළුවන්.
නිවස හදද්දී හරි Structural Drawing එකක් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න. ශක්තිමත් foundation එකක් තිබුණොත් තමයි නිවස දිගු කාලයක් ආරක්ශා වෙන්නේ.
නිවසක් හදන්න කලින් මේ දේවල් ගැනත් දැනුවත් වෙන්න.
Ready to build? Call us today!
0765854440 (Call or Whatsapp)
20/03/2026
🏠️ අප විසින් නවීකරණය කරන ලද පූගොඩ ප්‍රදේශයේ තවත් නිවසක්.
20ft පමණ සීමිත පළලකින් යුත් මෙහි ඉදිරිපස කොටස නවීකරණය සඳහා Landscope plan සහ නවත ම නිර්මාණ සංකල්ප භාවිතා කර ඇත.
ඔබගේ සියලු ම නිවාස හා ගොඩනැගිලි සංවර්ධන අවශ්‍යතා සඳහා ගුණාත්මක ඉන්ජිනේරු විසඳුම් සඳහා අප හා එක්වන්න.
Thank you for choosing us! ❤️
Need more info? Call us! - 076585440
20/03/2026
පූගොඩ South Asia Textiles ආයතනයෙහි අප විසින් සම්පූර්ණ කරන ලද HDPE Pipe ව්‍යාපෘතිය සහ ව්‍යාපෘති කළමනාකරණය.
🏢📈💡
අප හා එක්වී ඔබගේ ව්‍යාපෘති අවශ්‍යතා සඳහා ඉක්මන් හා ගුණාත්මක සේවාවන් ලබාගන්න.
Contact us for more info! - 0765854440
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Nittambuwa