Know For Life

Know For Life

Share

knowledge for life

23/06/2023

වඩු කුරුල්ලා !!
අපිට දැන් ගෙවල් දොරවල් තියෙනවානේ, හැම සතාටම වගේ ඉන්න තැන තියනවනේ .ජීවත්වෙන්න.
එත්…..! මේ ලෝකේ පටන් ගන්න කොට එහෙම තිබිල නැ. කුරුල්ලන්ටත් කූඩු තිබිල නැ. වැස්සට තෙමෙනවා.අව්වට වේලෙනව. කොහේ හරි බිත්තර දානවා.මේක දැන ගත්ත දෙවියෝ කල්පනා කළා කුරුල්ලන්ට කූඩු හදන්න උගන්නන්න .
එහෙම හිතලා කුරුල්ලෝ ඔක්කොටම පණිවිඩයක් යැව්වා දිනයක් හා වේලාවක් කියල. ඔන්න හැම කුරුල්ලාම වෙලාවට එතනට අවා .එතන කොහා හිටියේ හරි කලබලයෙන්…..!!
කොහා කුරුළු යාලුවන්ට කිව්වා" මම නම් දන්නවා කූඩු හදන හැටි ,අතපසු වෙන ටික මට උබලගෙන් අහගන්න පුළුවන්නේ ඒ නිසා මම යනවා "කියල යන්න ගියා.
ටික වෙලාවකින් දෙවියෝ පාඩම පටන් ගත්තා .කූඩුවක ඇති වැදගත්කම ,හදන්න ඕනි තැන, තිබිය යුතු පහසුකම් ආදිය ඇතුලත් හදුන්වා දීමක් කළා . ඊළගට කූඩු හදන්න අවශ්‍ය ද්‍රව්‍ය, හදන විදිය ආදිය ඉගැන්නුවා .
ඔය පාඩම අතරතුර සමහර කුරුල්ලෝ නොයෙකුත් හේතු කියමින් නැගිට නැගිට ගියා .අවසාන වනතුරු හිටියේ වඩු කුරුල්ලා විතරයි .පාඩම ඉවරවෙලා වඩු කුරුල්ලත් ගියා .
කතාව එපමණයි……..!!
පාඩමට කොහෙත්ම සහභාගී නොවූන කොහාට අදටත් කූඩුවක් නැහැ,කපුටාගේ කූඩුවේ බිත්තර දානවා. කොහා පැටව් එලියට ඇවිත් කෑ ගැහුවම කපුටු දෙමව්පියන් උන්ට කොටලා එලවල දානවා .පුළුවන් පැටව් පණ බේර ගන්නව,බැරි එවුන් මැරෙනවා .
මෝඩ කොහා .!!
ඒ වුනාට මිනිස්සු ඌ අවුරුදු ගේන කල් බලාගෙන ඉන්නවා.අපි කොහාටත් වැඩිය මෝඩයි.
බාගෙට ඉගෙනගත්තු, කිසි දෙයක් හරියට නොකරන,තමන් වෙනුවෙන් වත් යුතුකම් වගකීම් ඉටු නොකරන මෝඩයින්ගෙන් අපි මොනතරම් උපදෙස් ගන්නවද…. ?
ඒ ටික මේ කතාවට අදාල නොවුනත්, කියන්න අවස්ථාවක් නොලැබෙන හින්ද කිව්වේ.
සමාවෙන්න….!
අපි එමු කතාවට….
වඩු කුරුල්ලා විතරයි පාඩම අවසන් වෙන කල් හිටියේ . එනිසා… මේ ලෝකේ හොදම, ලස්සනම, ආරක්ෂිතම කූඩුව හදන්නේ වඩු කුරුල්ලා !!
උසම ගහක හීනි අත්තක කෙළවරක කූඩුව එල්ලනවා, කිසිම ලොකු සතෙකුට යන්න බැරි වෙන්න . කූඩුවේ මැද ලොකුවට පුම්බල තියෙනවා පරිස්සමට ඉන්න. යටින්ම දොරටුව තියනවා. සර්පයෙක් ආවත් සර්පයාගේ දරණ ගැසීම හේතුවෙන් කූඩුවේ දොර ඉබේම වැහෙනවා . කොහොමද…..? ඒ අපුරු නිර්මාණය.
මෙහි පසුපස ඇත්තේ කූඩු සැදීමේ පාඩම නිසි ලෙස ඉගෙන ගැනීම නෙමෙයිද…..?
ඉතින් මේ කතාව අපි ජිවන පාඩමක් කර ගතහොත් ඔබට ඉතා හොදින් සාර්ථක වෙන්න පුළුවන් .
දරුවෙක්, වැඩිහිටියෙක්, කවුරුන් හෝ වේවා ඉගෙන ගන්න දෙය මුල සිට අවසානය තෙක්ම පියවරෙන් පියවර ඉගෙන ගන්න .
එවිට ඔබට හොද නිර්මාණයක්,ව්‍යාපාරයක්,අධ්‍යාපනයක් ආදී ඉලක්ක සපුරා ගත හැකිවේවි. අවසානයේදී ලෝකයම ඔබ ගැන කතාකරන අතිවිශිෂ්ට නිර්මාණකරුවෙක් බිහිවේවි……..!!

19/06/2023

ප්‍රදීපාගාර (Lighthouse)
ප්‍රදීපාගාර ගැන හැමෝම දන්නේ නැහැ. ඒක ෂුවර් ! ඈත අතීතයේදී මුහුදේ යාත්‍රා කරපු නැව් නොයෙක් ආපදා වලට ලක් උනා.විශේෂයෙන්ම ගල්පර වල හැපිලා විනාශ උනා. අද වගේ දියුණු සැටලයිට්,රේඩාර්,ආදීය තිබුනේ නැහැ.ඒ නිසා අනතුරු වලක්වා ගන්න,පරක් තෙරක් නොපෙනෙන මුහුදේදී මග සොයා ගන්න,මිනිසුන් ගත් උත්සාහයේ ප්‍රථිපලයක් තමයි,ප්‍රදීපාගාර කියන්නේ.
ප්‍රදීපාගාරවල පිහිටීම, ඉදිකිරීම්,එහි පැවැත්ම එකිනෙකට වෙනස් විය හැකි නමුත්,බොහෝ සමාන කම් වලින් යුක්තයි.
ප්‍රදීපාගාරය වටේ සෑහෙන දුරකට විහිදෙන ලෙස ආලෝක කදම්භයන් විහිදුවමින් අන් අයට මග පෙන්වමින් විශාල සේවයක් කරනවා.මේ තමයි ප්‍රදීපාගාර ගැන කියන්න තියෙන , හැමෝම දන්න, හැමෝටම දැනගන්න ලැබුණු lighthouse කථාව…..!!!
මෙතනින් මේක ඉවර නැහැ!
පොඩ්ඩක් හිතන්න ඇතුළ ගැන…….., කොච්චර එළිය විහිදුවත් ඇතුළ තියෙන්නේ අදුරෙ..!
ඇහෙන,දකින,දැනෙන,සිද්ධි තොරතුරු අනුව බොහෝ දෙනෙක් පෙර කී lighthouse වගේ….
බලන්න මේ තොරතුරු
1/මීට කලකට පෙර……., අපේ පාසලේ විනය භාර ගුරුතුමා මාරම සැරයි. නියමෙට විනය පවත්වාගෙන ගියා. පසු කලෙක විශ්‍රාම ගියාට පස්සේ අපේ යාලුවෙක් ගියා ගුරුතුමාව සොයා ගෙන. පණ තියෙන එකෙක්වත් මෙයාව හොයන්න යන්නේ නැහැ. කොහොම හරි හොයනකොට දැනගෙන තියෙනවා දුෂ්කර පළාතක ඉතාම රහසිගතව ඉන්නවා කියල. ගිහින් හමු උනාම කියලා තිබුනේ, එයාගේ පුතා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙලා දෙමව්පියන්ට කරදර කරනවා කියලා. ඒක අහපුවහම ගොඩක් දුක හිතුනා කොහොම හිටපු කෙනෙක්ද ?
2/මේ post එක ලියන අතරතුර ලැබුන තොරතුරක්…. ප්‍රාදේශීය ප්‍රධානියෙක් ගෙළ වැළලා ගෙන නිළ නිවසේදී මිය ගිහින් !
තව උදාහරණ ඕනේ තරම් ඇති..! මේ දෙකත් ප්‍රදීපාගාර නෙමෙයිද?හැබැයි ඇතුළත තිබිලා තියෙන්නේ අඳුර!
දයාබර ඉල්ලීම!!!!
ප්‍රදීපාගාරයක් වෙන්න. ලෝකයටම එළිය විහිදුවන්න. ප්‍රදීපාගාරය ඇතුළත අඳුරේ ගිලෙන්න දෙන්න එපා….!!!
තරමක් හරි ඇතුළතත් එළිය කරගන්න!!!

01/06/2023

රාජකීය වඩුවා!!!

මේ කථාව මීට අවුරුදු 40 ට 45ට කලින් අහපු කතාවක්, අදටත් පලක් ගන්න පුළුවන් කියල හිතුන නිසා මගේ page එක මේ කතාවෙන් පටන් ගන්න හිතුවා.මම 7 වසර ශිෂ්‍යත්වය පාස් වෙලා, 9 වසරට ගිය පළවෙනි දවසේ විදුහල්පතිතුමා කියපු කථාව!
මීට කලින් දැකපු විදුහල්පතිතුමන්ලට වඩා මේ විදුහල්පතිතුමා වෙනස්. සුදු අත් දිග කමිසයක් සහ කළු කලිසමක් ඇදල, කළු ටයි එකක් දාල,කළු සපත්තු දාල කොන්ඩේ ගානට පීරලා, මාරම තේජවන්තයි.
අපි එදා 9 වසර පටන් ගන්න දවස, ඊ ළග අවුරුද්දේ දෙසැම්බර් ඒ කියන්නේ තව මාස 24 කින් O /L විභාගේ. මේ කථාව හේතු උනා ආසන්න වශයෙන් සියළු දෙනා විභාගය පාස් වෙන්න.
කථාව මෙහෙමයි………
ඉස්සර රජ කෙනෙක් ඉඳලා තියනවා එයාට ඉඳල තියනවා වඩුවෙක්.” රාජකීය වඩුවා” රජයේ සේවකයෙක්. මිනිහ දරු පවුල් කාරය රජ්ජුරුවන්ගේ වැඩ කරන ගමන් ගමේ අයගේ වඩු වැඩත් කරනවා. ඒ කියන්නේ පොඩියට private practice පාරකුත් දානවා. දැන් වාගේ තමයි,වෙනසක් නැහැ.
ඔහොම ඉන්නකොට රජතුමා පණිවිඩයක් එවනවා,රජවාසලට එන්න කියල. එවලේම රජවාසලට ගිහින් රජතුමාව බැහැදක්කා. වඩුවා රජතුමාගෙන් එන්න කිව්ව කාරණාව විමසු විට ලී දඩු ටිකක් දීල කිව්වා කරත්ත රෝද දෙකක් හදන්න කියලා.අවශ්‍ය size එකත් දුන්නා. පොඩි advance එහෙකුත් දුන්නා අවශ්‍ය බඩු ගන්න. වඩුවා වැඩේ භාර ගෙන ලී ටිකත් අරගෙන ගෙදර ගියා. මිනිහ අනුන්ගේ වැඩ කරන ගමන්, හවසට ගෙදර ඇවිත් ටික ටික වැඩේ කරනවා. ලීයක් කපනවා. යතු ගානවා අඩු තැන් පුරවනවා ඔය ආදී වශයෙන් හෙමිහිට වැඩේ කරනවා. දැන් මාස 6ක් ගත උනා. එකම එක රෝදයක් හදල ඉවරයි.අනෙක් රෝදෙත් හදන්න පටන් ගත්ත. ඒකත් හෙමින්…….. ඔන්න රජ්ජුරුවෝ පණිවිඩයක් එව්වා රජවාසලට එන්න කියලා.වඩුවා රජවාසලට ගිහින් රජතුමා ඉදිරියේ පෙනී සිටියා. රජතුමා ඇහුවා කෝ?කරත්ත රෝද දෙක වැඩේ හරිද? කියලා, වඩුවා බොහොම යටහත් පහත්ව කිව්වා “දේවයන්වහන්ස! වැඩේ ඉවරයි තීන්ත ටික ගාලා හෙට නෙවෙයි අනිද්දට ගෙනත් දෙන්නම්” කියලා කිව්වා. ගෙදර ආවා,ඇවිත් ඉතිරි රෝදේ හැදුවා නිදා ගත්තෙත් නැහැ. පහුවද දවල් වෙනකොට ගොඩ……. දැන් රෝද දෙකම තීන්තත් ගාලා ඉවරයි. කියපු දවසේ කියපු වෙලාවට රෝද දෙක ගිහින් දුන්නා. රජතුමාට සතුටුයි………
වඩුවාට ගාස්තු ගෙවල යන්න ඇරියා වැඩේ ඉවරයි! හැමෝම සතුටුයි! දැන් ඔක්කොම හරි වගේ නේද?නැහැ.
බැලූ බැල්මට මේ රෝද දෙක සෑම අතින්ම සමානයි. කිසි ගැටළුවක් නැහැ වගේ. නමුත් මේ රෝද දෙකේ ලොකු ගැටළුවක් තියනවා. ඒ තමයි, මේ රෝද දෙක තල්ලු කරපුවාම, රෝල් කරපුවහම, මාස 6ක් ගත කරලා හදපු රෝදේ රෝල් වේලා,රෝල් වේලා කෙලින් තියනවා, පෙරළෙන්නේ නැතුව. ඒක ස්ථාවරයි.
හැබැයි කලබලේ හදපු රෝදේ එහෙම නැහැ. වටයක් දෙකක් රෝල් වෙලා පෙරළෙනවා අස්ථාවරයි.
මේ කථාව අපිට වැදගත් උනේ කොහොමද? අපිට විදුහල්පතිතුමා දුන්න පණිවිඩය තමයි තව මස 24 කින් තියන විභාගෙට ටික ටික ඉවසීමෙන් සුදානම් වෙන්න කියන පණිවිඩය! ඒ ක්‍රමය අපිට හොදින් පල දුන්නා නොයෙක්‌ බාධා කරදර මැද වුනත් විභාග සාර්ථක කරගන්න මේ ක්‍රමය උපකාරී වුණා. ඊට පස්සේ කරපු සැම දෙයකටම එය භාවිතා කළා. කරපු සැම දෙයක්‌ම ස්ථාවරව තිබුණා. සැම කෙනෙක්ගෙන්ම ඉල්ලන්නේ ඔයාලාත් මේ විධියට උත්සහ කරලා සාර්ථක වෙන්න.

Want your school to be the top-listed School/college in Panadura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


708/1, Galle Road, Nalluruwa
Panadura
12500