SL Cook Book
SL COOK Book – Your go-to page for effortlessly creating delicious local and international dishes.
23/02/2025
පොලොස් ව්‍යංජනය
අවශ්‍ය ද්‍රව්‍ය:
කුඩා පොලොස් 1 (කපා, සෝදා ගත්)
ගොරකා – මේස හැඳි 2
සුදු ලුණු – තේ හැඳි 5
බොම්බයි ළුණු ½ (කපාගත්)
කහ කුඩු – ½ තේ හැඳි
ලුණු, කරපිංචා, රම්පේ
බැදපු තුන පහ – 5 තේ හැඳි
බැදපු මිරිස් කුඩු – 4 තේ හැඳි
තක්කාලි – 2~3 (කපාගත්)
පොල් කිරි – කෝප්ප 3
පොල් තෙල්
උළුහාල් – ½ තේ හැඳි, අබ – ¼ තේ හැඳි
වියළි මිරිස් කරල් – 2~3 (කඩාගත්)
පියවර:
පොලොස් සකස් කිරීම – පොලොස් ගොරකා එක්කර තම්බාගන්න.
තෙම්පරාදුව – පොල් තෙල් ගණිමින් සුදු ලුණු, බොම්බයි ළුණු, උළුහාල්, අබ, වියළි මිරිස්, තක්කාලි, මද ගින්නේ බැදගන්න.
එම තෙම්පරාදුව තම්බාගත් පොලොස්, කහ කුඩු, මිරිස් කුඩු, තුන පහ, ලුණු, කරපිංචා, රම්පේ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
පොල් කිරි එකතු කිරීම – පොල් කිරි දමා මිනිත්තු 20ක් මද ගින්නේ පිස ගන්න.
අවසන් පියවර – කිරි අඩුවී පොලොස් මෘදුවූ පසු ගිනි අඩු කර විනාඩි 5කට පසු ගන්න.
✅ ඉඟි:
බොහෝ රසට, පොලොස් හොඳින් තම්බා ගැනීම වැදගත්.
ඔබේ රසයට අනුව තුන පහ, මිරිස් කුඩු ප්‍රමාණය අඩු වැඩි කළ හැක.
රසවත් පොලොස් ව්‍යංජනයක් අත්විඳින්න!
Young Jackfruit Curry
Ingredients:
1 small young jackfruit (peeled, cored, and cut)
2 tbsp soaked garcinia cambogia
5 crushed garlic cloves
½ Bombay onion (sliced)
½ tsp turmeric powder
Salt to taste
5 tsp roasted curry powder
4 tsp roasted chili powder
2–3 sliced tomatoes
Curry leaves & 1 pandan leaf
3 cups coconut milk
Coconut oil
½ tsp fenugreek seeds
¼ tsp mustard seeds
2–3 dried red chilies (halved)
Instructions:
Prepare Jackfruit: Boil jackfruit with garcinia cambogia until soft. Drain and set aside.
Temper Spices: Heat coconut oil, sauté garlic, then add onion, tomatoes, dried chilies, fenugreek, and mustard seeds. Let mustard seeds pop.
Cook Curry: Add jackfruit, chili powder, turmeric, curry powder, salt, curry leaves, and pandan leaf. Mix well.
Simmer: Pour in coconut milk, cook on low heat for 20 minutes, stirring occasionally. Simmer for 5 more minutes.
✅ Tips: Stir gently after adding coconut milk, adjust spice levels to taste, and ensure jackfruit is well-cooked for better flavor
20/02/2025
ලෙමන් කුකීස්
අවශ්‍ය ද්‍රව්‍ය:
කුකීස් සදහා:
හලාගත් පාන් පිටි – 240g
බේකින් පවුඩර් – ½ තේ හැඳි
බේකින් සෝඩා (ආප්ප සෝඩා) – ½ තේ හැඳි
ලුණු – ½ තේ හැඳි
කාමර උෂ්ණත්වයේ බටර් / මාජරින් – 113g
ග්‍රේට් කරගත් ලෙමන් පොතු – 2 මේස හැඳි
සිනි – 150g
ලෙමන් යුෂ / දෙහි යුෂ – 2 මේස හැඳි
බිත්තර – 1
අයිසින් සදහා:
අයිසින් සිනි – 100g
ලෙමන් යුෂ / දෙහි යුෂ – අවශ්‍ය පමණ
සූදානම් කිරීම:
1. කුකී මිශ්‍රණය සූදානම් කිරීම
පාන් පිටි, බේකින් පවුඩර්, බේකින් සෝඩා සහ ලුණු භාජනයකට එක් කර හොඳින් මිශ්‍ර කරන්න.
වෙනත් බදුනක් ගෙන, කාමර උෂ්ණත්වයේ බටර් (මාජරින්) සහ සිනි එක් කර, බිටරයකින් හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය අධික ලෙස දියවී නොයා යුතුය.
ග්‍රේට් කරගත් ලෙමන් පොතු, ලෙමන් යුෂ සහ කඩාගත් බිත්තර එකතු කර අතින් හොඳින් මිශ්‍ර කරන්න.
මුලින් සකස් කරගත් වියළි ද්‍රව්‍ය මිශ්‍රණය මෙයට එකතු කර, සියල්ල හොඳින් අතින් මිශ්‍ර කරන්න.
මේ කුකී මිශ්‍රණය පොලිතින් ආවරණයකින් වසා, ශීතකරණයේ පහළ කොටසේ විනාඩි 30 ක් තබා ශීතල කරගන්න.
2. කුකීස් බේක් කිරීම
ශීතකරණයේ සිට 30 විනාඩි පසු, කුකී මිශ්‍රණය පිටතට ගන්න.
මිනිත්තු 15 පමණ 350°F (175°C) දක්වා උදුන උණුසුම් කරන්න.
ඔයිල් පේපර් පත් දෙකක් උදුන තැටියන් මත තබාගන්න.
කුකී මිශ්‍රණය මේස හැන්දක් ප්‍රමාණයේ කොටස්වලට බෙදා, කුඩා බෝල සෑදන්න.
කුකී බෝල උදුන තැටිය මත වෙන්වෙන් තබා, උදුනේ විනාඩි 10ක් පමණ බේක් කරන්න.
බේක් වූ කුකීස් පිටතට ගෙන, සම්පුර්ණයෙන් නිවෙන්න තබන්න.
3. අයිසින් සූදානම් කිරීම
අයිසින් සිනි බදුනකට දමා, ටිකෙන් ටික ලෙමන් යුෂ එකතු කරමින්, මෘදු අයිසින් මිශ්‍රණයක් සකස් කරන්න.
නිවුණු කුකීස් මත හැන්දකින් අයිසින් තවරන්න.
අයිසින් හොඳින් වියලී ගිය පසු, මේසයට පිළිගන්න.
මෙයින් ලෙමන් කුකීස් 22 ක් පමණ සෑදිය හැක! 🍋🍪
Lemon Cookies
Ingredients:
For the Cookies:
All-purpose flour – 240g
Baking powder – ½ teaspoon
Baking soda – ½ teaspoon
Salt – ½ teaspoon
Butter / Margarine (room temperature) – 113g
Grated lemon zest – 2 tablespoons
Sugar – 150g
Lemon juice – 2 tablespoons
Egg – 1
For the Icing:
Icing sugar – 100g
Lemon juice – as needed
Instructions:
1. Preparing the Cookie Dough
In a mixing bowl, combine the flour, baking powder, baking soda, and salt. Mix well.
In a separate bowl, beat the room-temperature butter (or margarine) and sugar together until well combined. Avoid overmixing.
Add the grated lemon zest, lemon juice, and the egg. Mix gently until incorporated.
Gradually add the dry ingredients to the wet mixture and mix until a soft dough forms.
Wrap the cookie dough in plastic wrap and refrigerate for 30 minutes.
2. Baking the Cookies
Preheat the oven to 350°F (175°C) for about 15 minutes.
Line two baking trays with parchment paper.
After chilling, remove the dough from the refrigerator and divide it into small portions (about the size of a tablespoon). Roll them into small balls.
Place the cookie balls on the baking tray, keeping enough space between each.
Bake for approximately 10 minutes or until the edges are lightly golden.
Remove from the oven and let the cookies cool completely.
3. Preparing the Icing
Add icing sugar to a bowl and gradually mix in lemon juice until a smooth, pourable icing forms.
Drizzle or spread the icing over the cooled cookies.
Allow the icing to set before serving.
This recipe makes approximately 22 lemon cookies! 🍋🍪
11/02/2025
මඤ්ඤොක්කා ව්‍යංජනය – රසවත් හා පහසුවෙන් සකස් කළ හැකි විදිහ
අවශ්‍ය ද්‍රව්‍ය:
මඤ්ඤොක්කා – 500g (පොතු ඉවත් කර, මදක් පළලට කපාගත්)
ලුණු ගෙඩි – 1/2 ක් (සිහින්ව කපාගත්)
අමු මිරිස් – 3-4 අමු මිරිස් – කරල් 3-4 (පළලට කපාගත්)
කරපිංචා
රම්පේ – කැබැල්ලක්
කුරුදු පොතු – කැබැල්ලක්
උළුහාල් – 1/4 හැදී
අමු තුනපහ – 1/3 හැදී
කහ කුඩු – 1/2 හැදී
ලුණු – රස අනූව
පොල් කිරි – කෝප්ප 3 ක් (පොල් මිටි කිරි භාවිත කළහොත් වඩාත් රසවත් වේ)
සැකසීමේ ක්‍රමය:
මඤ්ඤොක්කා සෝදන හා පිරිසිදු කිරීම:
මඤ්ඤොක්කා පොතු ඉවත් කර, කැබලි වලට කපා හොඳින් සෝදා ජලය සමඟ තම්බාගන්න
තම්බාගත් මඤ්ඤොක්කා ජලය පෙරා ඉවත් කර තබාගන්න.
කෙටි බඳුන්යකට උළුහාල්, අමු තුනපහ, කහ කුඩු සහ අමු මිරිස් හා ලුණු ගෙඩි, කරපිංචා, රම්පේ, කුරුදු පොතු .එකතු කර එයටම තම්බාගත් මඤ්ඤොක්කා එකතු කර ඒ සමගම පොල් කිරි එකතු කිරීම රස අනූව ලුණු එකතු කර හොදින් උතුරාගන්න.
Manioc Curry – A Delicious and Easy-to-Prepare Recipe
Ingredients:
Manioc (Cassava) – 500g (peeled and cut into medium-sized pieces)
Onion – 1/2 (thinly sliced)
Green chilies – 3-4 (sliced)
Curry leaves – a few sprigs
Pandan leaf (Rampe) – a small piece
Cinnamon stick – a small piece
Fenugreek seeds – 1/4 tsp
Raw curry powder – 1/3 tsp
Turmeric powder – 1/2 tsp
Salt – to taste
Coconut milk – 3 cups (thick coconut milk is recommended for better flavor)
Preparation Method:
Cleaning and Preparing the Manioc:
Peel the manioc, cut it into medium-sized pieces, and wash thoroughly.
Boil the manioc in water until tender, then drain and set aside.
Cooking the Curry:
In a pot, add fenugreek seeds, raw curry powder, turmeric powder, green chilies, onion, curry leaves, pandan leaf, and cinnamon stick.
Add the boiled manioc to the pot.
Pour in the coconut milk and season with salt to taste.
Let it simmer on low heat until the flavors are well blended and the curry thickens slightly
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Pettah