Go Ahead

Go Ahead

Share

Blessings of the universe to you!!!

23/05/2025

ලෝකය ඉදිරියේ ශ්‍රීලංකාව යන නාමය බබලවන්නට අපේ රටේ නියෝජනය අනුදි ගුණසේකර ඔබට ඉදිරයටම යන්නට උණුසුම් සුබ පැතුම්. 😘 Go Ahead

වයස 17 දී ඇය දුටු සිහිනය නොවනවතින කැපවීමක ප්‍රතිපලයක් ලෙස අද ඇය අත් දකිමින් සිටි.

සිහින දකින්න ඒ වෙනුවෙන් කැපවෙන්න දවසක එය යථාර්තයක් වෙනවා.

26/02/2025

ජීවිතය කියලා කියන්නේ එක තැන රැදිලා තියෙන දෙයක් නෙවෙයි. ජීවිතය ගඟක් වගේ ගලා ගෙන යනවා විවිධ දිශා ඔස්සේ. ඒත් ඒ එකම ගමනාන්තයක් හොයාගෙන.

අපේ හරිම ගමනාන්තය වෙනුවෙන් අපිට විවිධ අවධානම් ගන්න වෙනවා. ඔබ ගන්න අවධානම ජීවිතය උඩු යටිකුරු කරන්න පුලුවන්.

අවධානම් ගැනීමට බිය වීම අපේ ජීවිතය එක තැන පල් කරනවා.

ජීවිතය මඩ ගොහොරුවක් කර ගන්නවා ද සුන්දර දිය දහරාවක් කරගන්නවා ද කියලා ඔබ තීරණය කරගන්න. අවධානම අවදානයෙන් ගන්න. එය ඔබේ ජීවිතය වෙනස් කරනවා සත්‍යයි.

24/02/2025

ජීවිතය වූ කලී මහා පුදුමාකාර දෙයකි.ජීවිතය තුල එකිනෙකාට ලැබෙන්නා වූ අවකාශයන් විවිධ වේ.තම හැසිරීම,ක්‍රියාකාරිත්වය හා විභවතාවයන් ක්‍රියාත්මක වන්නේ තමන්ට ම හිමි වූ තමන්ට ම ආවේණික අවකාශයක් තුල යි.එම අවකාශය විව්ධ වූ හේතූන් නිසාවෙන් සීමාවට ලක් වේ.ස්ත්‍රී පුරුෂ බව,පවුල් පසුබිම,ග්‍රාමීය නාගරික බව,අධ්‍යාපනය,සංස්කෘතිය ,දරිද්‍රතාවය යනා දී බොහෝ හේතු කාරණා මත පුද්ගල විභවතාවන් හා ක්‍රියාකාරිත්වය සීමාවට ලක් වේ.එම සීමාව තුල පුද්ගල ආත්මයන් ස්වයංපාලනයකට ලක් වේ.තම විභවතාවන් ,හැකියාවන් ගිලිහී යාමකට ලක් වේ.එය පුද්ගලානුබද්ධව ගත් විට එම පුද්ගලයාට මහත් අවාසිදායක තත්වයකි.මේ නිසා තේරුම් ගතයුතු වැදගත් ම දෙය නම් ඔබේ සීමාවන් වෙනුවට විභවතාවන් කෙරෙහි අවධානය යොමු කිරීම වටිනා බව යි.

17/02/2025

ඕනෑ ම පුද්ගලයෙක්ගේ අනාගතය ගොඩනැගෙන්නේ වර්තමානය මතිනි.අද අප දෛනික ව ජීවිතය ගතකරන ආකාරය තුල අනාගතයේ දී අපේ ජීවිතය තීරණය වේ.අප උත්සහවත්ව වැඩ කළොත් අනාගතය සාර්ථක වේ.අප මන්දගාමීව වැඩ කළොත් අපේ අනාගතය ද අපැහැදිලි වේ.ඒ නිසා වර්තමානයේ ඔබට ලැබී ඇති කාලයට ඔබ වටිනාකමක් දෙන්න.මිනිසුන් උපයන්න.ගුණධර්ම උපයන්න.සතුට උපයන්න.සැනසීම උපයන්න.ඒ අතරතුර මුදල් ද උපයන්න.හැකි උපරිම අයුරින් දෛනික චර්‍යාව වැඩදායී ලෙස ගත කරන්න.එය අනාගතයේ දි ඔබගේ 'රහස' ලෙස ඉතිරි වේවි.

15/02/2025

දෛනික ජීවිතයේ බොහෝ ක්‍රියාවලි අප සිදු කරන්නේ යම්කිසි පුරුදුක් අනුව. කාලාන්තරයක් තිස්සේ පුරුදු පුහුණු වන ක්‍රියාවලි අපගේ ජීවිතයේ කොටසක් බවට පත්වෙයි. එනිසා පුරුදු අපගේ ජීවිතයට විශාල බලපෑමක් කරනවා.

උත්සාහවන්ත වීම ජීවිතයේ ඉතා යහපත් පුරුද්දක්. අත්හැරීම ජීවිතයේ නරක පුරුද්දක්. එනිසා ජීවිතයේ අපට ළඟා කර ගත යුතු ඉලක්ක අත් නොහැර ඒ වෙනුවෙන් උත්සාහවන්ත වීම අත්‍යවශ්‍යයි.

උත්සාහය අත් අරින්නේ නැති මිනිස්සු මේ ලෝකයේ සාර්ථක වූ පුද්ගලයන්. උදාහරණයක් ලෙස තෝමස් අල්වා එඩිසන් බල්බය සොයා ගත්තේ අසාර්ථක වූ වාර 999 පස්සේ. ඔහුගේ ඒ අත් නොහැරීම නිසා අදත් අපිට අඳුරේ දී ආලෝකයක් ලබාගත හැකි.

අන්න ඒ නිසා අත් නොහරින්න. උත්සාහ කරන්න. අත් නොහැරීම ඔබේ ජීවිතයට ආලෝකයක් ලබාදෙයි. එවිට ඔබේ ජීවිතය සාර්ථක වේ.

01/02/2025

මිනිසා වූ කලී විවිධාකාර හැඩයන්ගෙන් යුක්ත ය. එකිනෙකාගෙන් වෙනස් වන්නා වූ විවිධ ලාක්ෂණිකයන්ගෙන්,හැකියාවන්ගෙන්,හැසිරීම්වලින් සංලක්ෂිත ය.රූපය හා හැඩය වෙනස් වන්නා සේම ගතිගුණ,හැසිරීම්,හැකියා ආදි මේ සියල්ල ම වෙනස් ය.වෙනස් වීම තුල ම පුද්ගලයා තමන් තවත් කෙනෙකු හා සන්සන්දනය කර සියලු ලාක්ෂණිකයන් කිරා බැලීමට,සන්සන්දනය කිරීමට පෙළඹෙන්නේ නිරායාසයෙනි.එහි දී තමාගේ දුර්වලතා හා නොහැකියාවන් අනෙකාගෙන් වෙන් කොට හඳුනාගැනීමකට ලක් කරයි.විවිධ වූ වෙනස්කම් ඇති මිනිසාට තවත් කෙනෙකු බවට පරිවර්තනය විය නොහැකි ය.ඒ පිළිබඳව තේරුම් ගැනීමට ද ඔවුන් උත්සහ නොකරයි.තමාගේ හැකියාව,කළ හැකි හොහැකි දේ පිළිබඳව වටහා නොගෙන අනවශ්‍ය තරඟකාරීත්වයක් මවාගෙන අරගලයකට මුහුණ දෙයි.එමඟින් මනසේ නිරවුල් බව,හිතේ සැනසීම පවා අහිමි වී යයි.සතුට අහිමි වෙයි.තමාට තමාවත් අහිමි වෙයි.සන්සන්දනය යන්නෙන් කියවෙන්නේ ම ප්‍රීතිය සොරාගැනීමකි.

28/01/2025

ඔබේ මුහුණ නිතරම හිරු එළිය දෙසට තබා ගන්න. හිරු එළිය ඔබගේ ශක්ති ප්‍රභවයයි.

හිරු එළිය නොමැතිව සෙවණැලි නොපෙනෙනු ඇත. සෙවණැල්ල ඉදිරියට එන්නේ ඔබ හිරුට පිටුපා ගිය විට ය. ඔබ හිරුට පිටු පෑමෙන් සෙවණැලි ඔබ ඉදිරියේ රඟ දීම ඔබ මුලාවට පත් කරයි.

එනිසා සෑම විටම මුහුණ හිරු එළිය දෙසට තබා ගන්න. එවිට සෙවණැලි ඔබ පසු පසින් වැටෙනු ඇත.

නැතිනම් ඔබ සූර්යයා වන්න. සෙවණැල්ලේ දිශානතිය ඔබ තීරණය කරන්න.

21/01/2025

අපට මේ ජීවිතයේ කිසියම්ම හෝ දෙයක් දිනාගැනීමට තිබේ නම් ඒ සඳහා අවශ්‍ය උත්සාහයන් ගත යුතු ය.එය සාර්ථක වුවත් අසාර්ථක වුවත් ඒ සඳහා අප කරන කැපකිරීම,ඒ ඔස්සේ අප ලබන අත්දැකීම ඉතා ම වටී.ඒ මනා පුහුණුව දිනෙක එම ජයග්‍රහණය කෙසේ හෝ අත්කර දීමට සමත් වේ.ඇතැම් ජයග්‍රහණයන් ලබාගැනීම සඳහා අප ගන්නා අවධානම් තත්ත්වයන් අසාර්ථක විය හැකි ය.අවධානම කෙසේ වුවත් ඒ ඔස්සේ අප ලබා ගත් අත්දැකීම් නම් ජීවිතයට ඉතාමත් වැදගත් වේ.අවධානම් නොගෙන සිටීමෙන් අපට නැතිවෙන්නෙ අදාල ජයග්‍රහණය පමණක් නොවේ..ඒ කරා ගමන්කිරීමේ දී අත්‍යවශ්‍ය වන්නා වූ අත්දැකීම් සමුදාය යි.එවිට ඔබට දිනෙක එම අවධානම් නොගෙන,බර කරට නොගෙන,ඒ අත්දැකීම්වත් ලබාගැනීමට නොහැකි වුනා නේද?? යන කලකිරීමට පත් වේ.එම බිඳවැටීම අවධානමක් ගැනීමට වඩා ඔබේ ජීවිතයට පසුතැවිල්ල එක් කරයි.මේ නිසා ගන්නා අවධානම් අසාර්ථක වීම පිළිබඳව පසුතැවිලි නොසිතන්න.අවධානම් නොගෙන සිටීමෙන් ඇතිවන පසුතැවිල්ල ඊට වඩා හානිදායක බව සිහි තබාගන්න.

20/01/2025

ජීවිතය දිනන්න නම් ඔයාට සිහිනයක් ඕනමයි. හැබැයි ඒ සිහිනය සිහිනයක් නොවීමේ පූර්ණ වගකීම ඔබ සතුයි. ඔබගේ සිහිනය යථාර්ථයක් බවට පත් කරගැනීමට ඔබ කැපවිය යුතුයි.

සිහිනවල දිගක් පළලක් නැහැ. ලොකු කුඩා යැයි වර්ග කරන්නට බැහැ. කුඩා හීනයක් වුවත් එය ජීවිතේ ජයග්‍රහණය ළගා කරන මූලික අඩිතාලම විය හැකියි.

ඉතින් සිහිනයේ ප්‍රමාණය ගැන ලත වෙන්න එපා. සිහින යථාර්ථයක් කරගන්න මහන්සි වෙන්න. සිහිනය ඔබේ ඉලක්ක අරමුණු බල ගන්වන බලශක්තියි. ඉතින් ඔබ ඔබේ සිහින කෙරෙහි විශ්වාස කරන්න. එය ඔබ ශක්තිමත් මිනිසෙකු කරනු ඇත

19/01/2025

මිනිසුන් වශයෙන් මේ සමාජය තුල ජීවත් වීමේ දි ඉලක්කයන් අත්‍යවශ්‍ය වේ.අපගේ හෙට දවස ගොඩ නැගෙන්නේ අද දවසේ දී හෙට පිළිබඳව ගොඩ නඟාගන්නා ඉලක්ක පෙරදැරි කරගෙන යි.ඉලක්කයක් තිබීම ම පමණක් ප්‍රමාණවත් නොවේ.එම ඉලක්කය කරා ගමන් කිරීමට අවශ්‍ය සැලැස්මක් තිබීම අනිවාර්‍ය වේ.අයාලේ යන ඉලක්ක තුලින් අපගේ ජීවිත ද වල පල්ලට ඇද දමයි.එවැනි ඉලක්ක ඇති කරගැනීම හරහා මෙන් ම සුදුසු සැලැස්මක් නොතිබීම තුල ගොඩනැගෙන්නේ සිතැඟියක් නැතහොත් ආශාවක් ම පමණකි.අපගේ ජීවිත තුල සැබෑ කරගත නොහැකි වූ ආශාවන් කොතෙක් නම් ඇත් ද??අපගේ ඉලක්ක ආශාවන් ලෙස ම අප ජීවිත තුල මියදීමට ඉඩ දෙනවා ද?නැත්නම් සැලැස්මක් සමඟ ඉලක්ක ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනව ද?? ඔබ ම තීරණය කරන්න..

18/01/2025

ඔබ සාර්ථකත්වය කරා යන ගමනේදී ඔබ මුහුණ දෙන සෑම අභියෝගයක් හෝ දුෂ්කරතාවයක්ම අන් අය හා බෙදා ගැනීම වෙනුවට ඒවා ඔබ පමණක් දැනගෙන සිටීම ප්‍රමාණවත්‍ ය. ඔබේ ගමන කෙරෙහි අවධානය යොමු කර අවධානය හෝ අනුකම්පාව සොයනවාට වඩා බාධක ජය ගැනීමට ඔබේ ශක්තිය භාවිතා කරන්න. ඔබ අවසානයේ සාර්ථකත්වය අත්කර ගත් විට, මිනිසුන් ඔබේ කැපවීම හඳුනා ගනු ඇත.

වැදගත්ම දේ නම් *අධිෂ්ඨානශීලීව සහ ඉවසිලිවන්තව සිටීමයි*, ඔබ නිහඬව දැරූ උත්සාහය අවසානයේ සාර්ථකත්වයට හේතු වන බව විශ්වාස කිරීමයි. ඔබේ අරගල පෞද්ගලිකව තබා ගැනීමෙන්, ඔබට සාර්ථක වීමට අවකාශයක් නිර්මාණය වන අතර, ඔබ එය සාක්ෂාත් කර ගන්නා විට ඔබේ සාර්ථකත්වය ඊටත් වඩා ප්‍රතිලාභදායක වනු ඇත.

16/01/2025

ඔබ මේ විශ්ව ධාතුවේ අසමසම නිර්මාණයක්. 🌍🌼 ඔබ විශ්වය සමඟ ඍජුව සම්බන්ධ කරන්නේ ඔබගේ සිතුවිලි.

ඉතින් ඔයාගේ පුංචි සිතුවිල්ලකට පුළුවන් ඔයාගේ ජීවිතය වෙනස් කරන්න. ඔයාගේ ධනාත්මක සිතුවිලි ඔයාට ධනාත්මක ජීවිත්තයක් දායාද කරද්දි ඍණාත්මක සිතුවිලි ඍණාත්මක ජීවිතයක් දායාද කරනවා. 😊

අන්න ඒනිසා සිතුවිලි ධනාත්මක කරගැනීම අතිශය වැදගත්. සාර්ථක ධනාත්මක සිතුවිලි ඔබේ සාර්ථකත්වයේ මූලාරම්භය යි. විශ්වයට ස්තූතිවන්ත වෙමින් ධනාත්මක සිතුවිල්ලකින් ඔබේ දවස අරඹන්න. සාර්ථකව ඔබ සොය එන සාර්ථක දවසක් වේවා ! ✨

Want your business to be the top-listed Media Company in Ragama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


No 362 C 1
Ragama
11010