Big Leap

Big Leap

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Big Leap, Entrepreneur, Ruwanwella.

17/10/2024

ඔබ ඔබේ ජීවිතයේ කිසිවෙකුට නොකිය යුතු දේවල්

🖋️ ඔබේ ඊළග පියවර
🖋️ ඔබේ රහස්
🖋️ ඔබේ දුර්වලතා
🖋️ ඔබේ ආදරය
🖋️ ඔබේ අසාර්ථකත්වයන්
🖋️ ඔබේ ආදායම්

ආදරෙන් හැමෝටම.. ❤️
Change your mind. Be rELax 🌱🌹🍄
මම ජයනි රත්නසේන.

15/03/2023

අවංක මිනිස්සු 🌱

මේ ලෝකේ මිනිස්සු වර්ග දෙකයි.. අවංක මිනිස්සුයි, වංක මිනිස්සුයි... ඉතින් ඔන්න අද මට ඒ ගැන ලියන්න හිතුනා.. ඒ කාවවත් ඔයාට Judge කරන්නනම් නෙමෙයි... ඔයා වෙනුවෙන්... කොටින්ම තමන් වෙනුවෙන්...

සරල වචන දෙකක් උනාට මේකේ අර්තය ගොඩක් ගැබුරුයි... අවංක මිනිස්සු කියන්නේ අදීක්ශකයෙක් ඇති තැනත් නැති තැනත් තමන්ගේ කාර්‍ය හරියට කරන පුද්ගලයටයි... වංක මිනිස්සු කියන්නේ තමන්ට ඕනි ඕනි විදිහට වැඩ කරන පුද්ගලයින්ට... හරියට තමන්ගේ හදවතට එකග නැති විදියට වැඩ කරන මිනිස්සුන්ට.... (මේ ලෝකේ තමන්ගේ හදවතට ඇහුන්කම් දෙන්න බැරි මේ දෙකටම අයිති නැති අනුකම්පා කල යුතු පිරිසකුත් මේ ලෝකේ ඉන්නවා.... 😑)

මේ වචන වල අර්තය මං මෙහෙම පැහැදිලි කරන්නම්... අවංකකම කියන්නේ අපි කා ඉස්සරහවත් කරන රගපෑමක් නොවිය යුතුයි... ඒකත් එක්තරා විදිහක emotion එකක්... ඔයා හරියට ඒ දේ කරනවානම් ඔයාට ඒක දැනෙන්න පටන් ගන්නවා.. ඔයාගේ හදවත ඔයාට කෑ ගහලා බනින්න පටන් ගන්නවා... ඔයාගෙන් සිද්දවෙන වැරදි වැලකෙනවා.. කොටින්ම ඔයා වටේ ලොකු ශක්තිමත් පවුරක් බැදෙනවා කියන එක... ඒක ඔයා ඔයාට කරන හානියත් වෙන කෙනෙක්ට ඔයා නිසා වෙන හානියත් වැලැක්වෙනවා... මගේ වචනෙන් නම් කරන පව් අඩු වෙනවා... ඒ කියන්නේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි, සතුන්ට ගහට කොලට මේ හැම දේටම ඔයා අතින් හානියක් වෙන්නේ නෑ කියන එක..... 🌹🌱

ඒ හැගීම කාලයක් යද්දි ඔයාව තෘප්තිමත් කරන්න පටන් ගන්නවා... මේ අවංකකම ඔයාගේ සිතුම් පැතුම් එක්ක රදාපවතිනවා......

හැබැයි සමාජයේ මෙහෙම කතාවක් කියනවා... අවංක උන්ටමයි එහෙම වෙන්නේ... 🤷 so why
මෙහෙමනේ ලමයි... තමන් අවංකයි කියන එක මං කලින් කීවා වගේ emotion එකක්.. අවංකත්වය හදවතට දැනෙන්න ඕනිමයි... ඔයාට ප්‍රතිඵලයක් නැත්තේ නැහැ... හැබැයි එක සිද්දියක් විතරක් පදනම් කරගෙන ඔයාට ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ... ඔයාට මහන්සි වෙන්න වෙනවා..... ඔයාට ඔයා එක්කම තරගයක් ඇති වෙන්න වෙනවා... ඔයා නොදන්නවා උනාට ඔයා කරන හොද නරක ඔක්කෝම ස්වාභාවදර්මය කියන පොතේ ලිය වෙනවා... ඒ නිසා කවුරුත් කීව නිසා නෙවෙයි, ඔයාගේ හදවත ඔයාට කෑ ගහලා කියන නිසා අවංක වෙන්න... 🌷

මිනිස්සුන්ට 100%ක් අවංක වෙන්න බෑ.. හැබැයි ඔයා අතින් ආයේ එකම වරද සිදු නොවෙන තරමට තමන්ට අවංක වෙන්න...

මම මෙහෙම උදාහරණයක් ගන්නම්කෝ... ඔයා උදේම නැගිටලා මූණ කට සෝදලා එහෙම පන්සිල් අරගෙන හිතනවා... මං මේ පන්සිල් පදපහ අද දවසේ රකිනවා කියලා... අවංකකම ඕනි ඔන්න ඔතනට... නින්දට යන මොහොතේ දවසේ කරපු කියපු දේවල් සිහි කරද්දි ඔයා උදේම ඔයාට උන පොරොන්දුව රැකලනම් ඔයා ගොඩාක් අවංක කෙනෙක්...

ඒ කීවේ සරලම උදාහරණයක්.. හැබැයි 100%ක් කරන්න බෑ ඒ දේ.. නමුත් ඒකත් එක්ක ඔයාට ඉවසීම, උත්සහය, ආත්මශක්තිය වගේ ආද්‍යාත්මික දියුණුවක් ලැබෙනවා..... හිතලා බලන්න පුරුද්දක් විදිහට ඔයා ඔයාට අවංක වෙන එක දිගටම කලොත් ඔයාට හරි ලස්සන හදවතක් ලැබිලා තියේවී අවසානෙදි...
ඉතිං...
Change your mind be relax 🌱🌹
Love you all 🌹😘

මම ජයනි රත්නසේන

21/02/2023

සිනහවකින් සමුදෙන්න 😍

අපිට ජීවිතේ එක එක කාල වල ගොඩක් මිනිස්සු මුණ ගැහෙනවා... හිතලා බලන්න ඔයා පහවසරෙදි හිටපු ගුරුවරු, යාලුවෝ.. එයාලගෙන් තාම ඔයා ලග ඉන්නේ කවුද?
ඒ වගේම තමයි O/l, A/l උසස් අද්‍යාපනය හදාරපු තැන්වල අය... උපකාරක පංති... 🤔🤷

මේ මොහොතේ ඒ අයගෙන් බහුතරයක් ගොඩක් ජීවිතෙන් ඈත් වෙලා ඇති.. ඔයා දුරක ගිහින් ඇති, එක්කෝ රැකියාව නිසා ඔයා bsy ඇති.. එක්කෝ ඒ අය bsy ඇති... 😕 ඒ වගේම සමහර යාලුවෝ ඔයාටවත් මතක නැතිව ඇති..

ඇත්තට ඒක හරිම සාමන්‍ය දෙයක්.. අපි යම් තැනක ඉන්නේ හරිම කෙටි කාලපරාසයයි... ඒ මොහොතේ ඒක ගොඩක් දැනුනත් එය අතීතයේ එක මතකයක් පමණක් වෙනවා....🤷 ඒ නිසා ජීවිතයේ විවිධ කාලවල අපේ ජීවිතවලට අලුත් සාමාජිකයෝ එකතු වෙනවා.. එයාලගෙන් සමහර අය හිතට ගොඩක් ඇලුම් කරන අය වෙනවා.. එත් ඒ හැමෝගෙන්ම අපිට දවසක සමුගන්න වෙනවා, යම් වෙලාවක.... 😕😪

ඉතිං ඒ ඉන්න ටික කාලේට ආදරණීය කෙනෙක් වෙන්න.... සතුටින් ඉන්න.. ඉන්න මොහොත සතුටින් ආදරෙන් ගෙවන්න..
කාවවත් රිද්දලා සතුටු වෙන්නවත්, කාවවත් අපහසුතාවයට පත් කරලා හිනා වෙන්නවත් නෙවෙයි... අනිත් කෙනාගේ මතකයේ ආදරනීය කෙනෙක් වෙන්න.... අන්න එහෙම අයට තමා තාමත් මතක් වෙද්දි මූනට හිනාවක් ගෙන්න පුලුවන් වෙන්නේ.. 😊
ඒ වගේම පුලුවන් තරම් මේ මොහොතේ ඉන්න අයට ආදරණීය වෙන්න.. පුලුවන් තරම් උදව් කරන්න.. දවසක ඒ දේවල් ඔයා එක්කම මල් දරාවී.. 🌹💖
හැම දවසක්ම හොදම දවසක් නොවෙන්න පුලුවන්... ඒත් ආදරණීය මතක පමනක් ඉතිරිකරගන්න පුරුදු වෙන්න.. 😍🌹

ඉන්න ටික කාලය තුල සිනහවකින් සමුදෙන්න.... Change your mind, be relax🌹🌱😍
Love you all 🌹🌱

මම
ජයනි රතනසේන 🌹🌱😍

12/02/2023

සතුටින් ඉන්න.. 😊

ඔයා කියාවි.. මේ මොන විකාරයක්ද.. අපි කොහොමද හැම වෙලේම සතුටින් ඉන්නේ.. අපිට කොච්චර ප්‍රශ්න තියෙනවද.. අය්යෝ අරයා අරෙහෙම කීවා.. මෙයා මෙහෙම කීවා....
So why 🤔

ඇත්තටම ඇයි ඔය තරම් ප්‍රශ්න...?

අපේ සතුට නැති කරගෙන තියෙන්නේ අපිමයි... ඇයි දන්නවද... අනිත් අයට ඊරිසියා කරලා, වයිර කරලා... අනිත් අය එක්ක රණ්ඩු කරලා... අනිත් කෙනාව අභිබවා යන්න ගිහිල්ලා... කාගේ හරි ආකර්ෂණය දිනාගන්න උත්සහා කරලා, කේලම් කියලා, බොරු කියලා 🤷
කොටින්ම අපි අපි වෙන්න උත්සහ නොකරන නිසා... ඒ මොහොතේ ජීවත් නොවන නිසා.. ඒක තමයි ප්‍රධානම හේතුව..

හිතලා බලන්න.. ඔයාට පුලුවන් උනානම් මේ මොහොතේ ඇති වෙන ප්‍රශ්න ඒ මොහොතෙන් පස්සේ අමතක කරන්න.. ඔයාගේ හිත රිදෙයිද?

ජීවිතේ හරිම කෙටියි.. හරිම කෙටි කාලසීමාවක තමයි අපි කාව හරි ලගින් ඇසුරු කරන්නේ.. අන්න ඒ ටික කාලය ඔයා ලග ඉන්න අයට හොදින් හිටියා කියලා ඔයාට පාඩුවක් වෙන්නේ නෑ..

ගෙවුන අතීතයවත්, එන්න තියෙන අනාගතයවත් ගැන නෙවෙයි අපි හිත හිත දුක් වෙන්න ඕනි..
මේ මොහොත කොයි තරම් හොදද කියලා.. මේ ගෙවෙන තත්පරෙත් මට නොතිබුනානම් කිය්ලා හිතන්නයි ඕනි... මේ කෙනා මං ලග නොහිටියානම් කියලා හිත්න්න ඕනි.. අන්න එහෙම හිතන්න පටන් ගත්තාම හරි සැහැල්ලුයි හිතට...
තමන්ගේ හිතට තියෙන එකම සැනසුම ආධ්‍යාත්මික දියුණුව පමනයි... 🏵️🌹

ගොඩක් අය දන්න ලස්සන පරිවර්තනයක් තියෙනවා.. "පොලියානා"
නිදහස් වෙලාවක කියවන්න....
පුංචි ලමෙක්ගේ පණ්ඩිත කතාවක්...
ඒක විකාර කතාවක් කියලා නොහිතන අයට ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුලුවන්...
Change your mind be relax 🌹❤️😍

මම
ජයනි රත්නසේන 🌹

22/01/2023
Want your public figure to be the top-listed Public Figure in Ruwanwella?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Ruwanwella