Mega computer
All Kind of Computers, Laptops and CCTV Camera Selling & Repairing. Contact for Repairing Computers
04/04/2026
වැදගත් තොරතුරු Hard Disk එකේ තියන්න එපා!
ඔයාලග වැදගත් ෆයිල් hard disk එකේ SSD එකේ තියාගෙන නැති කරගන්නෙ නැතුව හරියට පරෙස්සම් කරගන්නෙ කියලා. කැම්පස් වල research, projects වගේම වටිනා කියන ෆොටෝ වීඩියෝ මෙහෙම විනාශ කරගෙන recovery කරන්න දහ අතේ දුවන අය දැකපු නිසා මේක දාන්නෙ. මොකද කොම්පියුටරේ ලක්ෂ 4ක් 5ක් උනත් ඊට වඩා ඕකෙ තියෙන data වටිනවා.
Hard disk (Hard disk එකක ඇතුලත කොටස් බලන්න) එකක් වේවා SSD එකක් වේවා මේ මොන එකත් electronic උපාංඟයක් මොන වගකීම දීලා තිබුණත් ඒවා fail වෙන්න පුළුවන්. සමහර අය quality එක පැත්තකට දාලා තියෙන අඩුම ගාන දීලා SSD, Hard disk ගන්න එකත් මේකට එක හේතුවක්. ඒ වගේම භාවිතයේ වැරදි, උපාංඟ නොගැලපීම් එහෙමත් මේකට බලපානවා. තව ඉන්ටනෙට් එකෙන් අහු වෙන හැම එකම ඩුවුන්ලෝඩ් කරන්න ගිහින් රැන්සම්වෙයා වලට හාඩ් එකේ ඩේටා encrypt වෙනවා වගේ අකරතැබ්බ වෙන්නත් පුළුවන්.
වැදගත් ඩේටා බැකප් කරන්න
ඔයා කොම්පියුටරෙන් මොකක් හරි වැදගත් වැඩක් කරන්න ඉන්නවනම් ඒ වැඩේ බැකප් එකක් නැත්නම් කොපියක් අඩුම දවස අවසානයේ පෙන් එකකට වගේ ගන්න. ඊටත් වඩා හොඳයි GDrive, One Drive වගේ සේවාවක ඩේටා සේව් කරගන්න එක. මොකද ඒවගෙ තියෙන ඩේටා වලට ඉතා හොඳ ආරක්ෂාවක් දීලා තියෙනවා. ඒ වගේම auto sync පහසුකම මේ හැම සේවාවක් එක්කම එන නිසා මහන්සියකින් තොරව ඉබේම ෆයිල් ෆෝල්ඩර් බැකප් වෙන්න හදාගන්න පුළුවන්.
ඩේටා බැකප් තියාගන්න හොඳම විදිහක් 3-2-1 Backup
3-2-1 Backup ක්‍රමය ඩේටා බැකප් තියාගන්න හඳුන්වලා දීපු හොඳම ක්‍රමයක්. මේ ක්‍රමයේදී කියන්නෙ ඔයාගෙ ඩේටා වල අවම කොපි 3 ක් තියාගන්න කියල කියන්නෙ.
Copy 1: තමන්ගෙ වැඩ කරන පරිගනකයේ (Local backup).
Copy 2: External Hard disk එකක හෝ NAS device එකක (Local backup but different media).
Copy 3: GDrive වැනි ක්ල්වුඩ් සේවාවක (Offsite backup).
මේ බැකප් වලින් මොන ක්‍රමය කොච්චර දුරකට යොදාගන්නවද කියන එක ඔයාගෙ දත්ත වලට තියෙන වටිනාකම අනුව ඔයාට තීරණය කරන්න පුළුවන්. ගූගල් ,මයික්‍රෝසොෆ්ට් වගේ මොන තරම් ලොකු සමාගම් උනත් එයාලගෙ බැකප් තියාගන්න ටේප් ඩ්‍රයිව් වැනි ක්‍රම අදටත් භාවිතා කරනවා.
හදිස්සියෙ Hard disk එක වැඩ නැතුව ගියොත්!
කොච්චර කොහොම කීවත් මේ බැකප් කියන ඒවා ගොඩක් අය කරන්නෙ නෑ. ඒ වෙලාවට හදිසීයෙවත් disk එක පෙන්නන්නෙ නැතුව හරි not responding එහෙමත් නැත්නම් 'You need to format the disk in drive before using it' වගෙ මැසේජ් එකක් එහෙම ආවොත් මොකද කරන්නෙ? .මේ වගේ වෙලාවක කලබල වෙලා ඔක්කොම ඉවරයි කියලා හිතන්න එපා. ඒ වගේම ඉක්මන් තීරණ වලට එන්නත් එපා. මෙහෙම වෙන්න පහල තියෙන හෙතු සාධක තියෙන්න පුළුවන්.
Hard disk එක conector වලින් බුරුල් වීම හෝ oxide වීම.
Motherboard එකේ දෝෂ.
නියමිත පරිදි විදුලිය නොලැබීම.
Hard disk එකේ පරිපථයේ දෝෂ.
Driver software ගැටලු තිබීම.
මෙන්න මේ වගේ හෙතු තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක පලපුරුද්දක් ඇතිනම් පමණකක් කරන්න පුලුවන් දේවල් පහලින් තියෙනවා.
ගලවා connectors පිරිසිදු කර නැවත සවි කරන්න.
වෙනත් පරිගණකයකට external cable එකකින් සම්බන්ධ කර බලන්න.
You need to format the disk in drive before using it' වගෙ මැසේජ් එකක් එහෙම ආවොත් කිසිම විටක format කරන්න යන්න එපා.! එය නැවත data reovery කිරීම අපහසු කිරීම හෝ සදහටම දත්ත recovery කර නොගැනීමට පවා හේතු වෙන්න පුළුවන්.
ලැප්ටොප් වල ඇති hard disk ඉතා සියුම් බැවින් ගැලවීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. එය මත අනවශ්‍ය පීඩනයක් එල්ල නොකිරීමට වගබලා ගන්න.!
මේ විදියට හරි ගියේ නත්නම් හෝ පලපුරුද්දක් නැත්නම් මනා දනුමක් ඇති කෙනෙකුට පමණක් ලබා දී data recovery හෝ partition recovery කිරීම සිදු කරගන්න උත්සහ කරන්න.
ඉතිං වැඩේ වැරදෙනකම් ඉන්නෙ නැතුව දැනටම ඔයාගෙ තියෙන වැදගත් ලිපි, ෆොටෝ, වීඩියෝ එකී මෙකී නොකී හැම වැදගත් ෆයිල් එකකම බැකප් එකක් තියාගන්න
03/04/2026
අවුරුදු ගානක් අපි Games download කරපු F!tgirl ට සමු දෙන්න කාලෙ හරි වගේ 🙂
මෙච්චර කල් අපි F!tgirl සයිට් එකෙන් games download කලා. ඒවා 100%ක්ම ආරක්ෂිතයි කියල සහතික කරන්න බැරි උනත් හෙනයක් නැතුව Game එක ගහන්න පුලුවන් උනා. දෙයියනේ කියලා PC එකටත් තවම අර්බුදයක් නෑ. ඒ වගේම install කරගෙන Run කරන්නත් ඊසි, next > next > next දීලා install කරගෙන ඩබල් ක්ලික් කරලා run විතරනෙ තිබුණේ.
ඒත් ළඟදි ආපු සමහර Denuvo Games (Assassin’s Creed Shadows, Black Myth: Wukong, Mafia: The Old Country, WWE 2K26 වගේ) cr@ck කරන්න යොදාගන්න "Hypervisor" ක්‍රමවේදය ඒ වගේ සරල නෑ. ඒකෙ තියෙන අවදානම ගොඩක් වැඩියි. මේ කියන්න යන්නෙ ඒ ගැන හෑල්ලක්.
🛡️ Denuvo කියන්නේ මොකක්ද? (මේ සේරම ප්‍රශ්න වලට මුල)
සරලවම කිව්වොත් Denuvo කියන්නේ ලෝකෙ තියෙන ප්‍රබලතම සහ කඩන්න අමාරුම Game Security (DRM) පද්ධතියක්. ගේම් හදන සමාගම් තමන්ගේ ගේම් එක හොරෙන් කොපි කරලා නොමිලේ බෙදන එක (Piracy) නවත්වන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මේක කොච්චර දරුණුද කියනව නම්, සාමාන්‍ය විදිහට Game එකක් cr@ck කරන හැකර්වරුන්ට මේ Denuvo එක්ක හැප්පෙන්න ගොඩක් අමාරුයි. අන්න ඒ නිසා තමයි පහලින් තියෙන "Hypervisor" වගේ අලුත්, ඒ වගේම භයානක ක්‍රම පාවිච්චි කරලා කොහොම හරි මේක රවට්ටන්න හැකර්වරු උත්සාහ කරන්නේ.
🔥 මොකක්ද මේ Hypervisor කියන්නේ?
සාමාන්‍යයෙන් Game එකක් cr@ck කරද්දි කරන්නේ ඒකේ තියෙන game files වෙනස් කරන එක (Patch කරන එක). ඒත් අර කලින් කිව්ව Denuvo වගේ දැඩි ආරක්ෂාවක් තියෙන games කඩන එක කරන්න අමාරුයි. ඒ නිසා මේ Hypervisor ක්‍රමයෙන් කරන්නේ, ඔයාගේ Windows Operating System එකටත් "යටින්" (Low-level) ක්‍රියාත්මක වෙලා, ඔයාගේ CPU එකේ ක්‍රියාකාරීත්වය පාලනය කරමින් Denuvo ආරක්ෂක පද්ධතිය රවට්ටන එකයි. Denuvo එකට පේන්නේ කිසිම වෙනසක් නැති, Original ගේම් එකක් දුවනවා වගේ.
⚠️ ඇයි මේක මේ තරම් අනතුරුදායක?
මෙහෙම OS එකටත් යටින් වැඩ කරන්න නම් Microsoft එකෙන් අනුමත කරපු (Signed) Drivers ඕනේ. ඒත් මේවා ක්‍රැක් නිසා කවදාවත් එහෙම අනුමැතියක් හම්බවෙන්නේ නෑ. ඒ නිසා මේ ක්‍රැක් එක වැඩ කරන්න නම්, ඔයාගේ පරිගණකයේ තියෙන ප්‍රධානතම Windows Security features ඔක්කොම ඔයාටම disable කරන්න සිද්ධ වෙනවා.
මේ ක්‍රැක් එක පාවිච්චි කරන්න නම් පහත තියෙන දේවල් අක්‍රිය කරන්න වෙනවා:
🔸VBS (Virtualization-based Security): මේකෙන් කරන්නේ පරිගණකයේ ආරක්ෂාව වෙනමම තැනක හිරකරලා (Isolate කරලා) තියාගන්න එක.
🔸Memory Integrity (HVCI): Windows kernel එකට වෙන අනවශ්‍ය බලපෑම් සහ වෛරස් (Malware) ඇතුල්වීම නවත්තන්නේ මේකෙන්.
🔸Credential Guard: ඔයාගේ Passwords, ලොගින් විස්තර වගේ අතිශය සංවේදී දත්ත ආරක්ෂා කරන්නේ මෙතන.
🔸Windows Hello & System Guard: PIN එකක් හෝ Fingerprint එකක් දීලා ලොග් වෙන පහසුකම සහ OS එක boot වෙන වෙලාවේ තියෙන ආරක්ෂාව.
🛑 මේවා Disable කළාම මොකද වෙන්නේ?
අවුරුදු ගානක පර්යේෂණ වලින් පස්සේ Microsoft ලා හදපු මේ Security level ඔක්කොම ගලවලා දැම්මම, ඔයාගේ පරිගණකයේ දොරවල් ඔක්කොම හැකර්වරුන්ට ඇරලා දාලා වගේ වැඩක් වෙන්නෙ.
🔸Malware හා Ransomware: ලේසියෙන්ම ඔයාගේ PC එකට ඇතුල් වෙලා ඔයාගේ ෆයිල්ස් ඔක්කොම lock කරලා සල්ලි ඉල්ලන්න පුළුවන්.
🔸Botnet: ඔයාගේ PC එක සදහටම හැකර්වරුන්ගේ ජාලයකට (DDoS Botnet) සම්බන්ධ කරගන්න පුළුවන්.
🔸Zero Security: ඔයා මේ Cr@ck එක හදපු කෙනාව විශ්වාස කළත්, ඒ ක්‍රැක් එකේ කේතයේ තියෙන පොඩි දුර්වලතාවයකින් වුනත් පිටස්තර හැකර් කෙනෙක්ට ඔයාගේ මුළු PC එකේම උපරිම පාලනය ගන්න පුළුවන්.
⚙️ කොහොමද මේක වැඩ කරන්නේ?
මේකට VBS.cmd කියලා script එකක් run කරලා අර කිව්ව security settings ඔක්කොම වෙනස් කරන්න ඕනේ. ඊටපස්සේ CPU එකේ Virtualization (Intel නම් VT-x හෝ AMD නම් AMD-V) BIOS එකෙන් ඔන් කරන්නත් ඕනේ. Game එක play කරලා ඉවර වුණාම ආයෙත් මේ settings සාමාන්‍ය තත්වෙට පත් කරන්න කියලා එයාලා කියනවා. ඒත් කීයෙන් කීදෙනාද ඒක හරියට කරන්නෙ? එහෙම කලත් ඇත්තටම revert වෙනවද නැද්ද කවුද දන්නේ?
💡නොමිලේ Game එකක් ගහන්න ගිහින් ඔයාගේ අවුරුදු ගානක් එකතු කරපු ෆොටෝස්, ලියකියවිලි, Passwords, බැංකු ගිණුම් සහ මුළු පරිගණකයේම ආරක්ෂාව නැති කරගන්නවාද කියන එක ඔයාම තීරණය කරන්න. ගොඩක් අය "මට අවුලක් වෙන්නෑ, මම අමුතු ලින්ක් ඔබන්නේ නෑ, මට වෛරස් එන්නේ නෑ, මෙච්චර කාලයක් මට මුකුත් උනෙත් නෑනෙ" කියලා හිතන් හිටියත්, අලුත් තාලේ ප්‍රබල Malware වලින් බේරෙන්න ඒක විතරක් මදි.
මම මේ කියන්නේ කලින් තිබ්බ Cr@cked games අවුලක් නෑ කියන එක නෙවෙයි. මේ Hypervisor සීන් එක ඊට වඩා දරුණුයි කියන එක.
Game එකක් වෙනුවෙන් ඔයාගේ සම්පූර්ණ Digital ජීවිතේම අවදානමේ දානවද කියන තීරණය ඉතිං ඔයාගෙ අතේ. MMEB 😑
(පෝස්ට් එකෙන් මොනාහරි අපබ්‍රංසයක් තේරුනා නම් තව කෙනෙක්ට බලන්න Post එක Share කරන්න)
-Dinusha Arandara-
11/12/2025
💻🌐 Mega Computers – Computer System & Networking Solutions Available Now! 🌐💻
ඔබේ ගෙදර, කාර්යාලය, හෝ ව්‍යාපාරයේ computer systems සහ networking needs අදම සම්පූර්ණ කරන්න!
අඩු මිලෙන්, high quality computer systems, LAN/Wi-Fi networks, servers, routers, switches එකම තැනින් ලබාගන්න. 💪🖥️
අපෙන් network setup සහ maintenance services ද ලබාගත හැක – expert technicians සමඟ විශ්වාසනීය service එකක්. 🔧🌐
💡 අපගේ Computer System & Networking Services සමඟ ඔබට:
🔸 Complete Computer Systems – Brand New & Used, Workstations, Servers
🔸 Networking Solutions – LAN, Wi-Fi, Routers, Switches, Cables, Setup & Maintenance
🔸 Affordable Prices – Lowest Price Guarantee
🔸 Reliable & Quality Components – Smooth Performance සඳහා
🔸 Expert Installation & Support – Quick Setup, After Service සහ Warranty
🏠 නිවස | 🏢 කාර්යාලය | 🏪 වෙළඳසැල | 🏫 පාසල
ඔබේ Computer Systems & Networking needs සඳහා BEST SOLUTIONS – අදම ලබාගන්න! ⚡💻🌐
📍 Mega Computers – Tissamaharama
📞 Call Us today – 071 595 4505
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Near The Bus Stand
Tissamaharama
82600
Opening Hours
| Monday | 08:30 - 18:30 |
| Tuesday | 08:30 - 18:30 |
| Wednesday | 08:30 - 18:30 |
| Thursday | 08:30 - 18:30 |
| Friday | 08:30 - 18:30 |
| Saturday | 08:30 - 18:30 |