Next Step
“ for the sake of humanity ”
02/12/2025
අප වෙත ලැබී තිබුනු විවිධ ඇදුම් සහ ඔබ අප වෙත පරිත්‍යාග කල මුදල් වලින් මිලදීගත් ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය ප්‍රමාණයක් අද දින මහ නුවර ප්‍රදේශයට රැගෙනයාමට බාරදීමට අප කටයුතු කලා.
Next Step අප කෙරෙහි විශ්වාසය තබා ඔබ ලබාදුන් සියලු ආදාර අත්‍යාවශ්‍යම පිරිස් වෙත ලබාදීමට අපි කටයුතු කරමු.
01/12/2025
දෙවෙනි වරටත් අපි දන් දුන්නේ ඒ මිනිස්සුන්ට ජීවිතයයි..
අද උදෑසනම අපිට ආරංචි වෙනවා ගම්පහ පහලගම ප්‍රදේශයට බොන්න වතුර නෑ කියල. මේ වෙද්දී ගං වතුර ටිකෙන් ටික බැහැල ගියත් ඒ ප්‍රදේශයේම ගෙවල් 350කට අධික ප්‍රමාණයක් දරුණු විදිහට ගං වතුරෙන් ආපදාවට ලක් උනා.. ළිං තාමත් භාවිතයට ගන්න බෑ. නල ජල පහසුකමත් තාම හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ .. මේ ගැටලුව අද විතරක් නෙමේ දැං දවස් කීපයක ඉදං තිබිල තියෙන ගැටලුවක්.. ඉතිං ක්ශනයකින් ක්‍රියාත්මක උන අපේ Next Step කණ්ඩායමක් වතුර අරගෙන ගියා ඒ අපේම සහෝදර ජනතාවගේ පිපාසය නිවන්න..
මේ සදහාත් වෙන් උනේ ඔයාල අපිව විශ්වාස කරල අපිට ලබාදුන්න මුදල්.. පානීය ජලය කියන්නෙ ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක් නේ.. සතුටු වෙන්න අපි ඒ මිනිස්සුන්ට ජීවිතය දන් දුන්නා..
30/11/2025
අපගේ ආපදා සහන ද්‍රව්‍යවල පළමු තොගය රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා ආපදා සහන රැස්කිරීමේ මධ්‍යස්ථානයට සාර්ථකව භාර දීමට හැකිවීම සතුටින් යුතුව දැනුම් දෙමු. දායක වූ සියලු දෙනාටම අපගේ උණුසුම් ස්තූතිය පිරිනමමු.
මෙම දුශ්කර අවස්ථාවේ ආපදා සහන ක්‍රියාවලිය තවදුරටත් සිදුකරගෙන යාමට අප කැපවී සිටිමු. ඔබගේ නොනවතින සහයෝගය තවත් බොහෝ පවුල්වලට උපකාර කිරීමට හේතු වනු ඇත. 🙏❤️
We’re grateful to share that we successfully handed over our first batch of disaster-relief items to the Ratmalana Sri Lanka Air Force Disaster Relief Collection Center. A big thank to everyone who contributed.
We are committed to carrying this momentum forward, your continued support can help even more families in need. 🙏❤️
29/11/2025
The Next Step team is launching an urgent flood relief collection to support families in crisis. We are collecting dry food, water, sanitary pads, soap, baby food, milk powder, and other essentials. Drop-off centers are available around Gampaha.
Your kindness can make an immediate difference in someone’s life. Let’s unite and help our community recover. 🌧️🤝
More information
Nisala +94 71 376 0506
Tharindi +94 71 519 6608
For financial supports
Acc no: 8650063837
Commercial bank
Nittambuwa
T.M.T.R Gunasekara
FYI: we are not using our official bank account this time due to the unreachability of banking services.
19/07/2025
"දැං ඉන්න ළමයි නම් ගන්න දෙයක් නෑ.. හරියට ඉගෙන ගන්නෙත් නෑ.. ඔහේ නන්නත්තාර වෙනවා.. ඒ විතරක් යෑ..වැඩිහිටියෙක්ට කතා කරන්න දන්නෙ නෑ.. ගුරුවරයෙක්ට සලකන්න දන්නෙ නෑ.."
🌱 මේ වගේ වචන ගොඩාක් අයගෙන් ඔයත් මාත් අහල ඇති.. ඒත් එහෙම අපෙන් ගිලිහෙන්නෙ අපේම දරුවො නේද? අපිත් එහෙම කියල නිකං ඉන්නවද? Next Step අපි හිතනවා නෑ එහෙම කිය කිය ඉදල විතරක් බෑ.. මොකක්ම හරි උත්සහයක් ගන්න ඕන අපේ දරු පරපුර රැක ගන්න... ඒ නිසයි අපි දියත් කරන්නේ..
"සිහින පියවර -2025"
Guidance to the Success in Life
⚡මේ ව්‍යාපෘතිය යටතේ දුෂ්කර පාසල් කිහිපයක් තෝරාගෙන ඒ පාසල් වල දරුවන් ට බොහොම ඵලදායී විදිහට පහත සදහන් දේශන හා ක්රියාකාරකම් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා..
1. අනාගත රැකියා අවස්ථා හා අධ්‍යාපන අවස්ථා
2. පෞර්ශ්‍ය සංවර්ධන ක්‍රියාකාරකම්
3. ගුණධර්ම වර්ධනය
🪷 ඉතින් මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට අවශ්‍ය ඔබ දන්නා යම් දුෂ්කර ප්‍රදේශයක පාසලක් තියෙනවා නම් ඒ පිලිබදව තොරතුරු අපට ලබා දීල මෙම ව්යාපෘතියේ කොටස්කරුවන් වෙන්න කියල ඔබ සියලු දෙනාටම ඉතාමත් සාදරයෙන් ආරාධනා කර සිටිනවා..
1. නිසල - 071 3760506
2. සුසංග - 078 9676095
3. තරින්දි - 071 5196608
09/05/2025
🩸 Next Step රුධිරදාන ව්‍යාපෘතිය 2025🩸
ප්‍රාණ සම ප්‍රාණ පරිත්‍යාගය
💪🏻රට තුළ පවතින රුධිර සංචිතයට සහාය දෙනු වස්, Next step අප මෙවරත් රුධිර දාන පිංකමක් සංවිධානය කිරීමට මේ වන විට සියලූ කටයුතු සුදානම් කරමින් සිටියි.
📍 ස්ථානය : යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාව
🗓 දිනය : 2025.05.18 (ඉරිදා)
🕐 වේලාව : උදෑසන 9.00 සිට සවස 3 දක්වා
❗රුධිර දායක ඔබ පහත link එකෙන් google form එක පුරවා පැමිණීම තහවුරු කරන්න.
Link : https://forms.gle/9qA8yvxS2wK5nMNX9
🎁 තවද ඔබට , රුධිර දාන පින්කමට අවශ්‍ය ආහාර හා වෙනත් ද්‍රවය වලින් ද මීට සම්බන්ධ විය හැකි අතර ඒ පිළිබදව සියලු විස්තර පහත දුරකථන අංකය ඔස්සේ දැනුවත් විය හැක.
📞 071 37 60 506 - නිසල
071 51 96 608 - තරින්දි
10/02/2025
Successfully concluded the car wash 🚗🧼
Thank you everyone for your generous contributions
Special thank goes to Apex Auto Lab ❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
38/6, Mihindu Pedesa
Yakkala
Opening Hours
| Monday | 00:00 - 23:45 |
| Tuesday | 00:00 - 23:45 |
| Wednesday | 00:00 - 23:45 |
| Thursday | 00:00 - 23:45 |
| Friday | 00:00 - 23:45 |
| Saturday | 00:00 - 23:45 |
| Sunday | 00:00 - 23:45 |