Janaka Samarasinghe
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Janaka Samarasinghe, Writer, Jalan Equine 9D, Seri Kembangan.
17/02/2024
දැක්මක් නැති අරමුණක්, කුඹ ගසක් නැති නැවක් වගේ ඔහේ පාවෙනවා. ජිවිතයට දැක්මක් ඇති කරගන්න. ඒ දැක්ම වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න. යම් කිසි ආචාර ධර්ම රාමුවක් හදා ගන්න ඒ තුල ජීවත් වන්න. නින්දා, අපහාස, ගල් මුල් ඉදිරියේ නොසැලී ඉන්න, ඍණාත්මක අදහස් සහිත පුද්ගලයන්ගෙන් පුලුවන් තරම් ඈත් වන්න. මතක තබා ගන්න ඔබට ඉහල අහසේ පියාඹන්න අවශ්‍යනම් ඔබ රංචු ගැසිය යුත්තේ රාජාලියන් සමග මිස පාත්තයන් සමග නොවන බව.
මුදල් ජීවිතයට අත්‍යවශ්‍යයි, මුදල් පසුපස හඹා යෑමට පෙර ඔබ ඔබව සොයා ගැනීම පසුපස හඹා යන්න. ඔබ ඔබව සොයා ගත් දිනට මුදල් ඔබ පසු පස එයි. අප සියලු දෙනාටම අප එක එක්කෙනා වෙනුවෙන් නිර්මාණය වෙච්ච සැලසුමක් තියෙනවා. ඒ සැලසුම සොයා ගත් කෙනා ජීවිතය දිනනවා. තමා තමාව සොයා නොගත් කෙනා, තමා වෙනුවෙන් නිර්මාණය වී ඇති සැලසුම සොයා නොගත් පුද්ගලයා ජීවිතය තුල අතරමන් වෙනවා.
ඔබ හැම දෙයටම කලින් ඔබව සොයාගන්න උත්සහ කරන්න, ඔබ වෙනුවෙන් ආයෝජනය කරන්න, විවිධ ක්ශේත්‍ර ගැන අධ්‍යනය කරන්න, හොද පොත් කියවන්න, ඔබව අභිප්‍රේරණය වන පුද්ගලයන් අනුගමනය කරන්න. කතරක අතරමං වූවකු ජලය සොයන්නාක් මෙන් දැනුම පසුපස හඹා යන්න. ඒ යන මාර්ගයේ ජලය වගේ පෙනෙන මිරිගුවට නොරැවටීමට වග බලා ගන්න. සාර්ථකත්වය එක රැයකින් ලැබෙන දෙයක් නොවන බව මතක තබා ගන්න. අරමුණක් හදාගෙන ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන්න. ඔබගේ ජිවිතය කර්මය මත හෝ වෙනයම් භාහිර බලවේගයක් මත තීරණය නොවන්නක්, ඔබගේ බලය ඔබගේ අධිශ්ඨානය යි. ඔබට ජීවිතය දිනන්න ඕනෑම නම් ඔබට එය කල හැකියි. එසේ නැතහොත් කර්මයට, පවතින දේශපාලනයට, දෙමව්පියන්ට හෝ වෙනයම් දෙයකට දොස් පවරමින් පරාජිතයෙකු ලෙස මිය යන්නට පුලුවන්.
ඔබ දුප්පතෙකු ලෙස ඉපදීම ඔබේ වරදක් නොවන නමුත් ඔබ දුප්පතෙකු ලෙස මියයෑම ඔබේ වරදක්. එය ඔබේ කර්මය නොවේ. මිනිසුන් පසු පස නොව අරමුණු පසුපස දුවන්න.
සුබ දවසක්
Like✔️ Comment✔️ Share✔️
30/12/2023
TB 2022 in Kualalampur
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the public figure
Telephone
Website
Address
Jalan Equine 9D
Seri Kembangan