Dhammika Samaratunga

Dhammika Samaratunga

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dhammika Samaratunga, Journalist, Hamilton.

Photos from Dhammika Samaratunga's post 26/01/2026

වයිකාටෝ ගඟ කියන්නේ නවසීලන්තයේ තිබෙන දිගම ගංගාව වන අතර එය කිලෝමීටර 425 ක දිගුවක් දක්වමින් නවසීලන්තයේ උතුරු දූපත පෝෂණය කරමින් ගලාගෙන යයි...

මෙම ගංගාව නවසීලන්ත 'මයෝරි' ජනතාවගේ සම්ප්‍රදායික 'ඉවි' නමින් හඳුන්වන පූජනීය මුතුන් මිත්තෙකු ලෙස සළකන අතර "මෞරි" ජනතාවට අද්විතීය ජීව බලයක් ලබාදෙන ගංගාවක් ලෙස සැළකෙයි...

නවසීලන්තයේ තිබෙන දර්ශනීය "රුආපෙහු" කන්දේ බෑවුම් වලින් ආරම්භ වී ගලාගොස් "ටවුපෝ" විලට එකතුවී පසුව උතුරට ගලා යාමට පෙර එය "ටවුපෝ" විලෙන් පිටවී ගිනිකඳු සානුව හරහා නවසීලන්තයේ තවත් දර්ශණීය මෙන්ම ආකර්ෂණීය සංචාරක මංධිස්ථානයක් වන "හුකා" දිය ඇල්ල සෑදීමට එක්වෙයි... ඉන්පසු මෙම ගංගාව හැමිල්ටන් සහ හන්ට්ලි වැනි තදාසන්න නගර හරහාද ගමන් කරන අතර ඊට පෙර උතුරු දූපතේ මැද කොටස වන්නට ජල විදුලි වේලි අටක් පසුකරන අතර අවසානයේ "පෝර්ට් වයිකාටෝ" තුලින් ටස්මන් මුහුදට ගලාගෙන යයි...

මෙයට අමතරව මෙම ගංගාවට එකතුවන ප්‍රධාන අතු ගංගාවක් වන වයිපා ගඟ, නසීලන්තයේ නගාරුවාහියා හි දි වයිකාටෝ ගංගාව සමඟ එක්වෙයි...

මෙම ගංගාවේ ඇති ඉතාමත් සුවිශේෂී ලක්ෂණය වන්නේ ගංගාව පටන් ගන්නා ස්ථානයේ සිට මුහුදට වැටෙන ස්ථානය දක්වා මෙම ගංගාවේ ජලය කිලෝමීටර 425ක් පුරාවටම එක ලෙසටම පිරිසිදුව පැවතීමයි... එය හාස්කමකි... ලෝක පුදුමයකි... "මවුන්ට් රුපෙආරු" වලින් පටන් ගන්නා මෙම නිල්වන් ජල ප්‍රවාහය එලෙසින්ම ටස්මේනියන් මුහුදට ගලාගෙන යාමට සැළස්වීමට නවසීලන්ත ජනතාව මහත් කැපකිරීමක් කරන අතර ඒ සඳහා ඔවුන් විශේෂ ආරක්ෂාවක් සමඟ ආදරයක් මෙම ගංගාවට ලබාදෙයි...

රටේ බොහෝමයක් ජනතාව එදිනෙදා ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් මෙම ගංගාවේ ජලය භාවිතයට ගනු ලැබුවත් ඔවුන් කිසිම විටෙක මෙම ගංගාවේ ජලය අපවිත්‍ර නොකරයි... කිසිම කර්මාන්ත ශාලාවකින් කිසිම අපද්‍රව්‍යක් මෙම ගංගාවට එක් නොකරයි... සැබවින්ම මෙම ගංගාව හැම තැනකින්ම රටට සුන්දරත්වයක් එක්කරන අතර මෙරට ජනතාව අතර මෙම ගංගාව වචනයේ පරිසමාප්තියෙන්ම පූජනීය වස්තුවකි...

නවසීලන්ත රජයේ මෙන්ම රටේ ජනතාව මෙම ගංඟාවේ සෞඛ්‍යය රැක ගැනීමට ප්‍රධාන සැළකිල්ලක් දක්වන අතර යමෙකු මෙම ගඟාවට අකටයුත්තක් සිදුකරන්නේ නම් ගංඟාව විසින් ඔවුනට නඩු පවරණු ලබයි... කිසි දිනෙක ඔබ මෙවැනි දෙයක් අසා තිබෙනවාද...?

ඔව්... ගඟට හිරිහැරයක් කරනවානම් ගඟ විසින් කරදර කරන්නන්ට විරුද්දව උසාවි යනු ලබයි... ඒ සඳහා පෙනී සිටීමට විශේෂිතවූ නීතිඥ්ඥයින් පිරිසක් නවසීලන්ත රජය විසින් පත්කරණු ලැබ සිටියි...

නමුත් ඔවුනට ගංගාව වෙනුවෙන් නීතියක් ඉටුකිරීමට අවස්ථාවක් ඇත්තේම නැති තරම්‍ ය... නවසීලන්ත ජනතාව ඊටත් වඩා හොඳින් මෙම ගංගාව රැකබලා ගනියි...

එය එසේ උනත් මෙම ගංඟාවේ නිල්කැටවන් ජලයට දැන් දැන් බොහෝ පෝෂක ප්‍රදේශවලින් අවසාදිත ගලා ඇවිත් බරපතල ලෙස පිරිහී ඇති බවට ඔවුන් සැක පහළ කරයි...

එනිසා iwi නමින් මෙම ගංඟාව සඳහාම පිහිටුවා ඇති සංවිධානය සහ රටේ පළාත් පාලන ආයතන එක්ව ගංඟාව කළමනාකරණය කරන උපාය මාර්ගයක් වන "Te Ture Whaimana" නමින් හඳුන්වන ව්‍යාපෘතියේ මුලපිරීම් හරහා ගඟේ සෞඛ්‍යය යථා තත්ත්වයට පත් කිරීමට සහ ආරක්ෂා කිරීමට උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතී...

මෙමගින් මෙම ගංඟාවේ ජලජ ජීවීන්ට ඇති තර්ජන, ඉහළ මට්ටමේ අවසාදිත, අඩු ඔක්සිජන් මට්ටම්, පෝෂක දූෂණය ආදිය විශේෂ සැළකිල්ලක් දක්වනු ලබයි...

ඒ කොහොම කෙසේ උනත් වයිකාටෝ ගංඟාව කියන්නේ තවමත් ලෝකයේ තියෙන පිරිසිදුම ගංඟාවයි... වචනයේ පරිසමාප්තියෙන්ම මෙම ගංඟාව නවසීලන්ත ජනතාවට අද්විතීය ජීව බලයක් ලබාදෙන ගංගාවක්...

- ධම්මික සමරතුංග -
...

01/12/2025

කොළඹින් නුවරට බඩු යවන්න වාහනයක් අද පිටත් වෙන්න ලෑස්තියි... කාටහරි මොනවා හරි සපයන්න පුළුවන් නම් සමීර - 713482149 මේ නම්බර් එකට කතා කරන්න
මේක ශෙයා කරන්න. හැකි තරම් උදවු කරන්න.

Photos from Dhammika Samaratunga's post 30/11/2025

🛑 වර්ෂාව නතර වී පැය 24ක් යනතුරුත් නායයෑම් සිදුවිය හැකියි. 🌧️➡️☀️⚠️
බොහෝ දෙනෙක් හිතන්නේ "දැන් වැස්ස ඉවරයි, ඉරත් පායලා... දැන් බය වෙන්න දෙයක් නෑ" කියලයි. නමුත් අවාසනාවකට ලංකාවේ සිදුවූ දරුණුතම නායයෑම් බොහොමයක් සිදුවී ඇත්තේ වැස්ස නතර වී, අහස පැහැදිලි වූ පසුයි. (උදාහරණ: අරණායක සාමසර කන්ද).

ඇයි මෙහෙම වෙන්නේ? මෙය සරල විද්‍යාත්මක උදාහරණ 3කින් තේරුම් ගනිමු. 👇
🔍 ඇයි මේ ප්‍රමාද වී (Delayed) කඩා වැටෙන්නේ?

1️⃣ "බර වැඩිවූ ස්පොන්ජ්" න්‍යාය (Weight Increase):

ඔබ වතුර පෙවුණු ස්පොන්ජ් කැබැල්ලක් අතට ගෙන බලන්න. එය වියළි අවස්ථාවට වඩා කීප ගුණයක් බරයි. කඳු බෑවුම්වල පස් තට්ටුවත් මේ වගේමයි. වැස්ස නතර වුණත්, පස් අංශු ඇතුලේ රැඳුණු ජලය වාෂ්ප වී හෝ ගලා ගොස් ඉවත් වීමට දින ගණනක් ගතවෙනවා. ඒ අමතර "මහා බර" (Overburden weight) දරාගන්න බැරි වූ තැන, හදිසියේම කන්ද පහළට ඇද වැටෙනවා.

2️⃣ පොළොව යට "ග්‍රීස්" ගෑවා වැනි වීම (Lubrication & Pore Pressure):

මෙය තමයි භයානකම දේ. පොළොව මතුපිට වේලිලා තිබුණට, අඩි ගණනාවක් යටින් තියෙන මැටි පස් ස්ථරය තාම තියෙන්නේ වතුරෙන් පිරිලා. පස් අංශු අතර වතුර පිරුණම හරියට මැෂින් එකකට ඔයිල් දැම්මා වගේ ලිස්සන ගතියක් එනවා. මේ නිසා පස් කන්ද රඳවාගෙන ඉන්න ඝර්ෂණය (Friction) නැති වෙලා ලිස්සලා යනවා.

3️⃣ වතුර ගමන් කරන වේගය (Infiltration Lag):

ඊයේ රෑ වැටුණු වැස්ස, පොළොවේ ගැඹුරුම තැන තියෙන "ලිස්සන තලය" (Slip surface) වෙත ළඟා වෙන්න අද දවල් හෝ හෙට වෙනකම් කාලය ගන්න පුළුවන්. ඒ කියන්නේ අනතුර එන්නේ "ප්‍රමාද වෙලා". ඒ නිසා රතු නිවේදන ඉවත් කරන තුරු අවදානම පහව යන්නේ නැහැ.

⚠️ ඔබේ නිවස/පරිසරය ගැන මේ ලක්ෂණ තිබේදැයි බලන්න (පූර්ව අනතුරු ඇඟවීම්):

නායයෑමක් එකපාරටම සිදුවන්නේ කලාතුරකින්. ඊට කලින් ස්වභාවධර්මය අපිට සංඥා ලබා දෙනවා.

🔻 නිවසේ දොර ජනෙල් තද වීම: පොළොව යම් චලනයක් (shift) සිදුවන විට නිවසේ බිත්තිවල කෝණය වෙනස් වී දොර ජනෙල් වැසීමට/ඇරීමට අපහසු වෙනවා. මෙය ඉතාම බරපතල ලක්ෂණයක්.

🔻 අලුත් දිය උල්පත්: කන්දේ බෑවුමෙන් හදිසියේ මඩ සහිත වතුර උල්පත් මතුවීම හෝ තිබෙන වතුර පාරවල් බොර පැහැ වීම.

🔻 ඉරිතැලීම්: ගෙයි බිම, බිත්ති හෝ මිදුලේ අලුතින් ඉරිතැලීම් ඇති වීම.

🔻 ගස්/කණු ඇලවීම: පොල් ගස්, ටෙලිෆෝන් කණු හෝ වැටවල් එක පැත්තකට බර වී තිබීම.

🔻 ශබ්ද: පොළොව අභ්‍යන්තරයෙන් ගස් කඩා වැටෙන හඬක් හෝ ගිගුරුම් හඬක් ඇසීම.

🛡️ ඔබ කළ යුත්තේ කුමක්ද?
ඉහත ලක්ෂණ එකක් හෝ දුටුවොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වන්න. "තව ටිකක් බලලා ඉමු" කියලා හිතන්න එපා.
රාත්‍රී කාලයේ අවදානම් කලාපවල නිදාගැනීමෙන් වළකින්න. හැකි නම් ආරක්ෂිත ස්ථානයකට යන්න.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) උපදෙස් පිළිපදින්න.

📞 හදිසි ඇමතුම්:
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය: 117
පොලිස් හදිසි ඇමතුම්: 119

ජීවිතයක් බේරාගන්න මේ පණිවිඩය Share කරන්න. දැනුවත් බව තමයි ලොකුම ආරක්ෂාව! 💪🇱🇰

Want your public figure to be the top-listed Public Figure in Hamilton?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Hamilton
3200, 3204, 3206, 3210, 3214, 3216